නෙත ගැටුණු වර්ණයක්

නෙත ගැටුණු වර්ණයක්

නෙත ගැටුණු වර්ණයක් ෂඩ් වර්ණයන්ගේ මායාවක් නැතිවෙන….. පැවතෙන….ඇතිවන්නා වූ යථාර්ථය එක්කැටී කොටගත් “විශ්මය ඥාණයක්”

පෙනෙනවා….දකිනවා….බලනවා… බලන්න උත්සාහ කරනවා….

පේනවනම් පේනවා.ඇතිවීමක් නැත.බලනවා… බලන්න වෑයම් දරනවා ඇති වීමක් තුළ තෘෂ්ණාවක් ඇති වී ඇත.

ඔබට මට කීමට අවශ්‍ය වන්නේ, මේ වචනයන් තුළ තමන්ගේ සිත තුළ ඇති වන වෙනස ගැනයි.

එසේ සිතන්න උත්සාහ දරන්නා කවුද?

සිල්වතෙකු? ගුණවතෙකු? පිංවතෙකු? මෝහයෙන්, ද්වේශයෙන්, රාගයෙන් ඉවත් වූවෙකුද? ඒ ගැන සිතීමට අවශ්‍යවන කාලයයි. මන්ද ඒ බැලීමේ උත්සාහය,වෑයම තුළ පස ඉදුරන් වහ වහාම මේ මායාවේ ගැලෙන නිසාමයි.

බලනවා…යම් දෙයක්දෙස බලාගෙන ඉන්නවා….ඒ තුළ නොඉවසිල්ලක් හා ඉස්පාසුවක් නැති ආශාවක් කොයි මොහොතක හෝ ඉටුවේවි යන්න. ඒ තුළම කෙසේ හෝ කරගන්නවා යන්න තහවුරුව ද යටිසිත තුළ ක්‍රියාත්මක වෙමින්, හිතන්න, එලෙස මොහොතකට.

උදාහරණයක් ලෙස තමන්ගේම ජීවිතය දෙසම ලබා ගන්නා දේ බොහොමයක් බිළිදු අවධිය පසු කරමින් ළමා අවධියේ සිට වැඩිහිටි මිනිසෙකු දක්වා ම ලබා ගැනීමට අපේක්ෂා කරන දේ කෙතරම් ද? ලෞකික ජීවිතය තුළ ඒ ලබා ගැනීමේ සිත තුළ තෘෂ්ණාව, ආශාව, කෙතරම් ද? රාග, ද්වේශ, මෝහ සිට වපුරන දේ මහ මෙරකි. නමුත් ඉහතින් සදහන් කළ පරිදිම,

බලනවා….. බලන්න උත්සාහ දරණ දෙයම,

පේනවා…. පේන්න හරිනවා සේම ලැබිය යුතු දේ ලැබෙන්න හරින්න.එසේම සිත තුළින් මේ මාගේ යන හැගීම ටිකෙන් ටික ඈත් වේ.ඒ ඇතිවන සිත තුළම පිංවතෙකු, සිල්වතෙකු තුළින් ගුණවතෙකු ලෙස ඔබ නිර්මාණය වෙමින් විශ්වයට උත්තමයෙකු, උත්තමාවියක් ලෙස හැඩ ගැහේවි.උතුම් සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මතාවය ඒ ගොඩනගත් ප්‍රඥාව තුළම විදීමකින් තොරව සන්සිදුවන රසයක් ලෙස අන්සත්වයන් වෙනුවෙන්ම බෙදා දිය හැකි පිවිතුරු ධර්මයක් බව වටහා ගනිවී.ඒ රසය උරගා ගත හැකි වන්නේ සිතෙහි කුහකකම් ඇති පුද්ගලයන් ට නොව ඉවසීම (ශාන්තිය) පාරමිතාවක් කර ගන්නා පුද්ගලයින්ට පමණි.බුදු රජාණන් වහන්සේ හමුවූවත් දෙව්දත් තෙරට, චිංචිමානවිකාවට, මාගන්ධියට සිදු වී ඇත්තේද ඒ ශාන්තිය වෙනුවට ඒ හා දෙගුණයකින් පැමිණි වෛර, ක්‍රෝධ සිත් නිසාමයි. පඨාචාරාව, කිසාගෝතමිය, රාගයේ ගිනිදැල් තුළ දුක, වේදනාව කරපින්නාගත් නිසාමයි.

වේදනාවක් ඇති වූ විට හදවතට……

එය පිටවන්නේ සිත තුළින් දෙගුණයට…..

ඒ සැමගෙන් හනි හනික ඉවතට…..

හැරෙන්න ගුණවන්ත ලෙස සැමවිට…….

අප මේ ලබා ගන්නා හා ලැබෙන දේ දක්නා දෙය මේ සියල්ලක්ම අප ගෙවිය යුතු මොහොතක් හා ගැටෙන කර්මයන්‍ ය.බුදු රජාණන් වහන්සේගේ කාලයේදී පවා රහතන් වහන්සේලාගේ වැරදි රටාවන් හේතුවෙන් සියල්ලන්ගෙන්ම ඈත් වී පාරල්‍යෙය වනයට ගිට කතා පුවත අසා තිබේද? එසේනම් මෙවැනි කාළයක මේ මායාව තුළ සිර වී කොහේ කොහේ නම් අතරමං වේද? හොදින් සිතන්න…..එදා ඒ ගැන සිතමින්ම මේ මොහොත තුළ බුද්ධිමත්ව ජීවත් විය යුතුයි. මන්ද ගෙවන්නා වූ මොහොත සසරට ඇද බැද ගන්නා හේතුවක් නිසාමයි. උත්සහ ගන්න මේ ෂඩ් වර්ණයෙන් සැකසුණු ස්වභාව ධර්මයාම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහ භූතයින්ද?එක්ව අවකාශය තුළ කෙසේ නම් පවතීද? නැතිවීද? ඇතිවීද? යන්න.ඒ පැවතීම වර්තමානය හා සමග නැතිවීම අතීතය හා සමග ඇතිවීම අනාගතය හා කැටිව අවබෝධාත්මකව, ක්ෂණයක් තුළ 17 වතාවක් ඇතිවෙමින්, 17 වතාවක් පැවතෙමින්, 17 වතාවක් නැතිවෙමින් පවතින මේ සිත රූපකලාපයක් දක්වාම සිවුම් වීමෙන් මේ යථාර්ථය විශ්වය සමග ඝට්ටනය වීම අවබෝධ කරගත යුතුයි.කියූ පමණින් නොහැකි වූවත් ඒ උතුම් පාරමිතාව පුරා සසර ගෙවන ආර්ය පුද්ගලයා නිර්මල සද්ධර්මය ප්‍රඥාවේ ආලෝකයෙන් අවබෝධ කර ගන්නවා නිසැකය.අපහට ධර්මයෙන්, අනුශාසනයෙන් නිරන්තරයෙන් දිරියක් වන උතුම් බෝසත් පියාණන්ට සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමට ඒ ලබා දෙන ශක්තියේ ආනුභාවයෙන්ම දිරිය ලැබේවා.

ඖෂධී ලංකා කරුණාරත්න.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *