උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් අනුගමනය කරමින් උතුම් “නිවන” පිං සිත තුළ අවදි කර ගන්නට නම් සසර බැදි කුසලය, සසර මග පාරමිතාව තුළ ඇති කරගත් ප්‍රඥාවෙහි බලය තුළ ලබා ගත් අලෝකය මෝහන්ධකාරය නිවනක්ම විය යුතුය. එක් අනන්තයකට කොටු වෙමින් පුද්ගල සිත ජීවිතයේ සැපය සොයන්නට උත්සාහ කිරීමේ නිස්සරණ බව තමන් වහන්සේ විසින් සසර බැදි පාරමිතා කුසලෝප්පත්තිය අවදිකර ගැනීමට ගමන් කළ සාරාසංඛ්‍යෙය කල් ලක්ෂයක භවෝත්පත්තිය තුළම විදිමින් අවබෝධ කරගත් සේක. අනන්ත වාදයන් තම ආර්යය මගින් ඉවත් කරගෙන සමබර ගමන් මගක ඇතිකරගත් නොගැටෙන සිතිවිලි දහරාවක් මත ඇති කරගන්නා මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාවයි.
කාමසුකල්ලිකානු යෝගය මෙලොව සැප පමණක් පදනම් කොට ගනිමින් පරලොව සුගතිය අරමුණු කොට නොගන්නකි. අත්තකිලමතානුයෝගය මෙලොව දුක හා පරලොව සැප අරමුණු කොට ගනිමින් සිදු කරන ක්රියාදාමයකි. මධ්‍යම ප්‍රතිපදාව මෙලොව පරලොව දෙකෙහිම සැපය පිණිස පදනම් වූ ක්රියාදාමයකි. එබැවින් පුද්ගලයාගේ මෙලොව ජීවන ප්‍රවෘත්තිය සැපවත් කරන අතර පරලොව සදාතනික මෝක්ෂයන් සදහා උදාර මග පෙන්වීමක් සිදු කරන්නකි. පුද්ගලයාට ඉපදීම දුකකි. රෝගාබාධ දුකකි. තමන්ට කැමති දේ නොලැබීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම ආදිය දුකකි. කොටින්ම පවතින මුළු ජීවිතයම දුකකි. එබැවින් මේ දුක නැති කර ගැනීම සදහා සැපය ඇති කර ගත්තත් නැවත නැවත ඉපදීම තුළ නැවත නැවත විදීමට සිදු වෙයි. මේ දුක නිසා පරලොව සුගතියක් කර ගැනීමට උත්සාහ කිරීම ඵලක් නොවේ. ඒ පවතින කාලය දුක නම් එහි නැවත ආරම්භයක් කවදාක හෝ ඇති වන බැවිනි. එබැවින් මෙලොව යථාර්තවාදීව ජීවිතයට සැපය එක් කර ගැනීමත් පරලොව “සැපය” නැවත දුකක් පිණිස පරිවර්ථනය නොවන්නක් විය යුතුය.
එබැවින් මෙලොව දුක් විදින්නේ කිසිවෙකුට දුක් විද සොයාගන්නට නොහැකි වූ සැපයක් විදින්නට නම්… එය කිසිවෙකුට ළගා කර ගත නොහැක්කකි. ඒ “දුක” නිසාම සසර බැදි යදමට තමන් හසුවන බැවිනි. මෙතෙක් ලොව කිසිවෙක් සැපය සොයා යන්නට මහා දුකක් වින්දත් ඒ සැපය දුක තුළ උපයාගත් කෙනෙකු නොවන්නේය. පිම්මේ දුවමින් මිනිසුන් මහා මුදල් කන්දරාවක් උපයන්නට වෙහෙසෙයි. ජීවිතයේ දුක මුදලින්, දේපළවලින් නැතිකරගත් අයෙකු මෙලොව බිහි වී නැත. පුද්ගලයා ඒ සෞභාග්‍යය තුළම ගිනි ගන්නේ තමන් සිහිනෙකින්වත් නොසිතූ පරිද්දෙනි. ඒ ඔහුට මරණය ජය ගැනීමට හෝ නැවත නැවත ඉපදී ඉපදී දුක් විදිමින් ගැලපෙන්නට නොහැකි වන බැවිනි.
එබැවින් යමෙකුට ඉපදීම නැති කර ගත හැකි නම්, ඉපදීමට හේතුව සොයා ගැනීමටත් ඒ හේතුව නැතිකර ගැනීමටත් හැකිනම්… දුකත්, දුක ඇතිවීමත්, සැපයත්, සැපය ලබා ගැනීමටත්, මාවත තමන් තුළ අවදිකර ගත හැකිය. මෙම මැදුම් පිළිවෙත පුද්ගලයාගේ ඥාණය අවදි කරන්නෙකි.
නිවන කරා යොමු කරවන්නකි. මධ්‍යම ප්‍රතිපදාව වන මේ මැදුම් පිළිවෙත ආර්යය අෂ්ඨාංගික මාර්ගයම වෙයි. ශීලය තුළ සමාධිය ඇති කිරීමත් ඒ තුළ ප්‍රඥාව ගොනු කිරීමත් වන්නා වූ මේ මාර්ගය තුළ,
-
ධර්ම ශ්‍රවණය, ශ්‍රද්ධා ප්රථිලාභය, අභිනිෂ්ක්‍රමණය, සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප යන අංග දෙකටත්
-
ශීල සප්පන්න වීම හා අන්වජ්ජ සුඛ වින්දනය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා අජීව යන අංග තුනටත්
-
ඉන්ද්රිය සංවරය, සතිසම්පජඤ්ඤය, සන්තුෂ්ඨිය, විවික්ටහ සේනාසන සේවනය, පංඡනීවරණය ප්‍රහානය, පාමෝජ්ජ ප්රථිලාභය, ප්‍රීති ප්රථිලාභය, කාය පස්සම්භානය, සුඛ වින්දනය, සමාධි වායාමය, යන අංග තුනටත්
-
ඤාණ දර්ශනයට හිත මෙහෙයවීම, කාය විඤ්ඤාණ සම්බන්ධය අවබෝධ කිරීම, ඉද්ධිවිධ ඥාණ ප්රථිලාභය, දිබ්බසෝත ඥාණ ප්රථිලාබහය, චේතෝපරිය ඥාණ ප්රථිලාභය, පුබ්බේනිවාසානුස්සති ඥාණ ප්රථිලාභය, චුතූපපාත ඥාණ ප්රථිලාබහය, ආසවක්ඛ්‍යය ඥාණ ප්රථිලාභය හා ලෝභ, ද්වේෂ, මෝහයෙන් සිත නිදහස් වීම පිළිබද ඇති වීමත් ප්‍රඥාව හා විමුක්තිය තුළ පුද්ගල සිත තුළ සනිටුහන් විමත් මතින් උදාර විමුක්තිය සාධනය කරගත හැකිය. අධික දුක් දෙමින් හෝ අධික සැප විදීම ජීවිතයේ යාථාවබෝධය සෙවිය හැකි ක්‍රමයක් නොවේ. ඒ සදහා ස්වභාව දහම තුළ ජීවත් වන පුද්ගලයා විශ්වයේ අවකාශ ගත වීමේ රහස සොයා ගත යුතුය. ඒ රහස සොයා ගැනීමට පුද්ගලයා තමාම සොයා ගත යුතුය. තමාගේ නිර්මාණය සොයා ගත යුතුය. ගසක්, ගලක් ස්වභාව දහමට ජීර්ණය ආකාරය ට පුද්ගලයාගේ කය පොළොවට ජීර්ණය වුවත් නොනවතින ගමනක් ඒ තුළින් බිහි කරන්නට සමත් බලවේගය සොයා ගත යුතුය. එය අවබෝධ කර ගත හොත් පුද්ගලයාගේ භව සැරිසරියත්, භව සැරිය තුළ නොයෙක් ආත්ම ලබා ගැනීමටත් අවබෝධ කරගත හැකිය. ඒ තුළ පුද්ගලයා යම් ඊෂ්වර නිර්මාණයක් නොවන බව හා මෙයට හේතු ඵලයක් ඇති බව අවබෝධයක් ඇති කරගනිමින්, ආත්මවාදයත්, මෙය නොවෙනස් වන ධර්මතාවක් ලෙස හෝ සදාකාලික සැපයක් ලැබිය හැකි ජීවිතයක් නොවන බවත් එය සදහා ඒකායන මග ඉපදීමෙන් නිදහස් වීම බවත් අවබෝධ කරගනී. ඒ තුළින් ඉපදීමට හේතු ප්‍රත්‍ය වන ධර්මතාවයන් අවබෝධ කරගනී. ඒ අවබෝධතාවය ඇති වීමට නම්… ඉහතින් සදහන් කළ ආකාරයෙන් අත්තකඛිලමතානුයෝගය අත් හැරිය යුතු බව මනාව පසක් කර ගනී. ඒ සදහා…
අකුසල් මුල් සිදීම, අකුසල් මුල් ඇති වීම වැළැක්වීම, කුසල් මුල් ඇති කිරීම හා ඇති කුසල් මුල් පෝෂණය, පිළිපැදිය යුතු ඒ කාරණා 23 තුළ නිර්මාණය වන්නේ සුපිරිසිදු ආර්ය පුද්ගලයෙකි. එබැවින් ප්‍රඥාවන්ත මෙත් සිත තුළ පැහැදිලි ලෙස අවබෝධයෙන් දැක ප්රත්යක්ෂ කරගන්න.
-
ධර්ම ශ්‍රවණය:- ධර්ම ශ්‍රවණය, බුදුන් වහන්සේ රහතන් වහන්සේ හා බෝසත් වරුන් මගඵල ලාභීන් අවබෝධයෙන් දේශනා කරන්නකි. යම් කෙනෙකු කියූ පමණින් ඇසූ පමණින්, එය තමන්ටවත් හරිහැටි නොතේරෙමින් දේශනා කරන්නේ නම් එය සිත අවදි කර ගැනීමට උපකාරී වන්නක් නොවේ. අසන කෙනාට පැහැදිලි වන්නට නම් තමන්ට (දේශකයාට) අවබෝධ වී තිබිය යුතුය.
-
ශ්‍රද්ධා ප්රථිලාභය:- එසේ දේශනා කරන දහම අවබෝධ වීම තුළ ශ්‍රාවකයාගේ සිත තුළ ඇති වන ප්‍රීතියයි. එය බුදු කෙනෙක් ය. රහත් කෙනෙක් ය. ඒ නිසා අපි පිළිගත යුතුය. නමින් ඇති වන ඇදවීම නොවේ.
-
අභිනිෂ්ක්‍රමණය:- බොහෝවිට බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය මෙයට ඈදා ගනිමින් ගිහිගෙයි විසීමෙන් ඉවත් වීම යන්න මෙයට අර්ථකථනයක් ලෙස ගන්නේ නම් වැරදි අර්ථකථනයකි. ආර්යය මගට පත් වූ උතුමන්, ගිහිගෙයි අනන්තවත් සිටිය හැකිය. තමන්ගේ සිත තුළ කෙලෙස් ඇතිවන වස්තු කාමයෙන් කෙලෙස් කාමයෙන් ඉවත් කර ගැනීමයි. කාමයෙන් හික්මීමයි.
-
ශීල සම්පන්න වීම හා අන්වජ්ජසුඛ වින්දනය:- වස්තු කාමය, ක්ලේශ කාමය ඇති වන පසිදුරන් සන්තර්පණයෙන් ඉවත් වීම ඇති වන සැලකීමයි.
-
ඉන්ද්‍රීය සංවරය:- පසිදුරන් තුළ ඇතිවන සන්තර්පණය අනර්ථකාරී බව දකිමින් එලැඹි සිහිය තුළ ක්‍රියාත්මක වීම.
-
සති සම්පඤ්ඤ:- ඉන්ද්‍රීය සංවරය ඇතිවන්නට නම් කය සන්තර්පණයට ලක් විය හැකි සියලු ක්‍රියාවන්ගෙන් (ආහාර, ඇදුම් පැළදුම් පවා) සමබරතාව ඇති කර ගැනීම හා පමණට වඩා නොඇලීම
-
සන්තුෂ්ඨිය:- අධික අවශ්‍යතාවයන් හෝ අධික ආශාවන්ගෙන් ඉවත් වූ ඔහුට තමන්ගේ සිත තුළ වන නිස්කලංක බව හා ඒ තුළ ගත කිරීමට ඇති හැගීම.
-
විවික්ත සේනාසන භජනය:- සිතෙහි කෙලෙස් ඇති වීමට හේතු ප්‍රත්‍යයන් ඉවත් කර ගැනීම සදහා තමන්ගේ නිදහස සොයා ගැනීමට වෙහෙස වීමයි. මේ සදහා තමන්ගේ කය නිවැරදිව වටහා ගත යුතුය. “තමා” යනු කව්ද? සෙවීමේ ආරම්භයයි. ඒ සදහා බාධා වන හැගීම් මාත්‍රයන් පවා නැති කිරීමට උත්සාහ කළ යුතුය.
-
පංච නීවරණ:- කාමච්ඡන්දය හෙවත් පස්කම් සැපතට ඇති ආශාව, ව්‍යාපාද හෙවත් දරුණු සිතිවිලි ථීනමිද්ධය හෙවත් කම්මැලිගතිය, උද්ධච්ඡය හෙවත් නොකළ දේහි ඇතිවන නොසන්සුන් බව, විචිකිච්ඡාව හෙවත් සැකයයි.
-
පාමෝජ්ජය:- විශාල දුකකින් නිදහස් වීම හා සමානය. උදාහරණයක් ලෙස රෝගයකින් නිදහස් වූ විට ඇතිවන නිදහස, ණයකින් නිදහස් වීම ආදී දෙයින් නිදහස් වූ විට ඇති වන හැගීම ඇති වන ආකාරයෙන් කෙලෙස් සතුරන්ගෙන් නිදහස් වීම නිසා ඇතිවන සිතෙහි නිදහස් බවයි. නිදහස, ණයකින් නිදහස් වීම ආදී දෙයින් නිදහස් වූ විට ඇතිවන හැගීම ඇතිවන ආකාරයෙන් කෙලෙස් සතුරන්ගෙන් නිදහස් වීම නිසා ඇති වන සිතෙහි නිදහස් බවයි.
-
ප්‍රීති:- මනසට ඇතිවන ප්‍රීතිය, සතුට
-
කාය පස්සම්භන:- කායික, මානසික සැපය තුළ ඇතිවන විදීම.
-
සුඛ:- චිත්ත සමාධිය තුළ ඇතිවන සැපයයි.
-
සමාධි ප්රථිලාභය:- නීවරණයන් තුළින් ඉවත් වූ පසු සමාධියෙහි දැහැන, ප්‍රථම ධ්‍යාන, දෙවන, තුන්වන, හතරවන ධ්‍යාන උපදවා ගැනීමට වෙහෙසීම.
-
ධ්‍යාන ප්රථිලාභය:- ආර්යය මාර්ගයේ ගමන් කරන විට හමුවන දෙවන කඩයිම මෙයයි. මෙතෙක් තමන් සිත තුළ ඇතිකරගත් සිතිවිලි දහරාව අවබෝධයේ දැක්ම තුළ සනිටුවහන් කරගනී. ඉන්ද්‍රීය ප්රත්යක්ෂ දැනුමින් ඈත් වෙමින් අධිමානසික ශක්තිය ගොඩ නැගේ. එවිට ඉන්ද්‍රියන් වෙනුවට ඥාණය මෙහෙයවා විශ්වය දැකිය හැකිය.
-
ඥාණ දර්ශනය:- එම ඥාණය තුළ විශ්වය අවබෝධ කර ගැනීමට ස්වභාව දහමත්, එය අවබෝධයට තමාව අවබෝධ කර ගැනීමත් සිදු කර ගැනීමත් සිදු කරයි.
-
කාය විඥාන සම්බන්ධය:- සතර මහා භූතයන් නිසා හටගත් දෙමාපියන්ගේ එකතුවෙන් බිහි වූ ආහාරයෙන් පෝෂණය වූ, අනිත්‍ය ලක්ෂණයෙන් හෙබි කයට විඥානය දැඩිව බැදී ඇති බව වටහා ගැනීමට මේ තුළ හැකියාව ඇති වේ.
-
ඉද්ධිවිධ ඥානය:- විශ්වයේ සැගවුණු රහස සොයා ගැනීමේ මූලික අවස්ථාවට පත්වෙයි. එය අධ්‍යාත්මයේ පළමුවැනි මෙහෙයුමයි.
-
දිබ්බසෝත ඥානය:- පියවි කනට නොඇසෙන ශබ්ද ශ්‍රවණය කරගනී.
-
චෙතොපරිය ඥානය:- අන් පුද්ගලයන්ගේ සිත් දැනීම.
-
පුබ්බේ නිවාසානුස්සති ඥානය:- පෙර විසූ කද පිළිවෙල දැනීම.
-
චුතූපපාත ඥානය:- ඒ ඒ පුද්ගලයන්ගේ කර්ම වලට අනුව විවිධ භව වල ඉපදීම සම්බන්ධව අවබෝධ කරගැනීමේ හැකියාවයි.
-
ආසවක්ඛ්‍යය ඥානය:- චතුරාර්යය සත්‍යය අවබෝධයක් කාම, භව, අවිද්‍යා, දිට්ඨි යන කෙලෙස් වලින් ඉවත් වීමත් සම්බන්ධව විමුක්තිය ලැබීම තමන් තුළ ඇති යැයි ස්ථිර ලෙස දැනීමයි. ඒ තුළ මෙතෙක් සසර බැද දැමූ කෙලෙස් මළ සිදී ඇතිබව දකිමින් තමන්ට නැවත අල්ලා ගැනීමට භවයක් හෝ භවයක් තුළ ඉටුකරගත යුතු ආශාවන් නැති බව අවබෝධයෙන්, පරම ශාන්ත වූ අමෘත… නිර්වාණය ලබා ගනී.
සමන් කංකානම්ගේ