මව්කුස පිළිසිදෙන “ඔබ” ගැන දන්නවද?

මව්කුස පිළිසිදෙන "ඔබ" ගැන දන්නවද

ශුක්ල ධාතුවකින් රුධිර කොටසකින් සමන්විත වෙමින් කළලයක් නිර්මාණය වීමේදී (ශුක්‍රාණුවක්, ඩිම්බානුවක්) ඒ තුළ හට ගන්නා විඥාණ ධාතුවක ක්‍රියාකාරීත්වය තුළ ආහාරයේ පෝෂණයෙන් ජීවය නිෂ්පාදනය වෙද්දී එහි ප්‍රමාණ ගුණිතය අපූර්ව ආකාරයකින් ඉසිවර රහසක් ලෙසද, උතුම් බුදු වදනක් ලෙසද දේශිතය.

“එළුදෙනකගේ බඩේ සිටින පැටවෙකුගේ රෝමයක් ගෙන තල තෙලෙහි ඔබා සත්වරක් ගසා දමා සත්වෙනි වර රෝමයේ අගට එකතුවන තෙල් අංශුව තරමේ බීජයක් පලමුව මව් කුස තුළ ඉපදීම සිදුවෙයි. “මෙය අධි චිත්ත හැකියාවට (දිව්‍යමය ඇසට) හැර මසැසට අසු වන්නක් නොවේ. මේ හටගත් කළලය තුළ සැත්තෑ රූපයකින් තිස් රූපයක් ඉහත සදහන් කරන ලද රෝම කූපය අගිස්සට එකතු වන තෙල් අංශුවක තරමට බිහි වූ කළලය තුළද තිබේ. එය

  1. කාය දශකය
  2. වත්ථු දශකය
  3. භාව දශකය වෙයි.

කාය දශකය   :- ශරීරයත් ඒ ශරීරය තුළ බිහිවන වර්ණ, ගන්ධ, රස, ඕජා, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ජීවිත ඉන්ද්‍රීයයි.

වත්ථු දශකය  :- හෘදයත් ඒ සමගම උපදින වර්ණ, ගන්ධ, රස,ඕජා, පඨවි, ආපෝ, තේජෝ, වායු හා ජීවිත ඉන්ද්‍රීයයි.

භාව දශකය   :- ස්ත්‍රී හෝ පුරුෂ භාවය යන එකත් සමග ඇති වන වර්ණ, ගන්ධ, රස, ඔජා, පඨවි, ආපෝ, තේජෝ, වායු හා ජීවිත ඉන්ද්‍රීයයි.

ඉහත රූප තිහට ප්‍රති සන්ධි චිත්තය සමග ඉපදෙන තිස් ආකාරයක රූපයන්‍ ය.ඉතිරි රූප 40ම ඉපදෙන්නේ පිළිසිදීමෙන් සත්වන සතියේ සිටයි.

සත්වන සතියේ චක්ෂු දශකයද

අටවන සතියේ ශෝත දශකයද

නවවන සතියේ ඝාණ දශකයද

දසවන සතියේ ජිව්හා දශකයද

එකොළොස්වන සතියේ ශරීරයට අන්තර්ගත අනෙකුත් අවයව ආදී සියල්ල පූර්ණව හටගනී. එනම් පිළිසිදීමේ සිට දින හැත්තෑවක් තුළ සැත්තෑ රූපයම පහළ වෙයි.ඉන්පසුව ශරීරයට අවශ්‍ය අනෙකුත් අවයවයන් පිහිටයි. එවිට කය සම්පූර්ණ වීම දින 77ක් තුළ නිම වේ.

ඒ අනුව දින 77ක් ගත වන පුංචි ළදරුවා බාහිර ස්වභාව දහම තම මවගේ හැගීම් හරහා ලබා ගන්නට මාර්ගය සකසා ගනී. එනම් දින 77ක් ගත වන විට ඇස, කන, නාසය, දිව, ශරීරය නිර්මාණය වී ඇති හෙයින් සංඥා ලබා ගැනීම මව් කුස තුළම ආරම්භ කරයි. සෑම පුද්ගලයකුගේම ජීවන පැවැත්ම සිතුම් පැතුම් හා සාමාජානූයෝගී බව සදහා මව් කුසින් මෙලොවට බිහි වූ දා සිට ඇති වූ දැනුම පමණක් නොව මව් කුස තුළ සිට එය ආරම්භ වන බැවින් ආරම්භය හොද නම් ගමනෙහි හොද නිමාවක් දැකිය හැකි වීම සත්‍යක් ලෙසම මව් කුස තුළදී මවගෙන් ගත් බාහිර සංඥා ගුණ දහම් මෙලොවට බිහි වන පුද්ගලයාගේ යහපැවැත්ම යහපතක්ම වෙයි. මව් කුසේදී මවගෙන් ගත් බාහිර සංඥා දෝෂ සහිත නම් ඉපදෙන දරුවාගේ ක්‍රියා කලාපය, චර්යාරටාව, යහපැවැත්ම තුළ වටිනාකමක් දැකිය නොහැකිය. ඉපදුණ කුඩා බිළිදා දින හැත්තෑවක කාලයක සිට සති 37ක පූර්ණ කාල සීමාවක් පිරෙන තෙක් එනම් පළමුවන වන සතියේ සිට  සති 37ක පූර්ණ කාල සීමාවක් පිරෙන තෙක් එනම් පළමුවන සතියේ සිට සති 37ක කාලය දක්වා ගන්නා සංඥා ආවේග සිත තුළ තැන්පත් කරගනිමින් ප්‍රතිසන්ධි විඥානය බහා ලූ කය මෙලොවට බිහිකරද්දී පෙර භවයක ලක්ෂණ පමණක් නොව මව් කුසදී ලබා ගත් ලක්ෂණයන්ද සම කොට ගනිමින් උත්පත්තිය තීරණය කරයි.

එවර ඔබ ………………………

මෙලොව සැරිසරන්නේ……..

* කෙලෙස් තවමින් කුසල් අවදි කරගනිමින්ද?

* කෙලෙස් ඇති කරමින් කෙලෙස් මතු කරමින්ද?

වෛද්‍ය සමන් කංකානම්ගේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *