කුසලය

කුසලය නම් කුමක් වැනි……
ගලේ කෙටූ අකුරක් වැනි !!!

යමක් සදාකාලිකව පවතිනවා යැයි කිව නොහැක… ඒ කිසිම දෙයක් තුළ ස්ථිරත්වයක් නොමැති බැවිනි. එහෙත් මොහොතින් මොහොත යමක් වෙනස් වෙමින් පවතිනවා නම්,ඒ වෙනස් වීම පමණක් ස්ථිර දෙයක්… එය නොවෙනස් බැවින්.
අප මෙලොවට බිහි වූ දා කෙසේද…? අද අප කෙසේද….? ඉපදුනු මොහොතේ වූ සිතත් සිතුවිලිත්, කයේ ස්වරූපයක් නොවේ නේද? අද අපට ඇත්තේ….
එහෙත් අප උදේ හවස වෙහෙසෙන්නේ හැමවිටම එකම ලෙසින් පවත්වා ගන්නට, මේ එක ක්ෂණයක්වත් එකම ලෙසින් නොපවතින දේ සදහායි.සිත විඩාබර කරමින් වෙහෙසෙන්නේ ගේ දොර වතුපිටි ආදී වස්තුව උදෙසායි. එහෙත් මේවාද දිනෙක විනාශ වන බව නොවැටෙහේ.

එහෙත් වෙනස් නොවන යමක් අප තුළම ඇති බව අපම නොදනී. නොදන්නවා පමණක් නොව. නොදැන හෝ සසර පුරා ගෙවා ආ භව වල දී අප තුළ ගොඩනගා ගත්,ඒ යහපත පවා,අපම විනාශ කරගනියි. නොපවතින දේවල් සදහා දේවල් වෑයම් කර ගන්නා පීඩනය… සසර පුරා රැස් කරගත් පවතින දේ වෙනුවෙන් බාධාවක් කරගනියි.
කුමක්ද? මේ අප තුළ ඇති අප දිගින් දිගටම පවත්වා නොගන්නා දෑ… ඒ නම් සසර පුරා කළ අකුසල යි.අපායේ දුක් වින්දා ද… නොවෙනස් ව පවතින යමක් අප තුළ වේද? එය නම් අප සසර පුරා කළ කුසලයේ බලයයි.

දෙව්දත් තෙර අනාන්තරීය පාප කර්මයක් සිදු කරත් අපාය ප්‍රතිසංධිය ලැබුවද, ඉන් ගැලවූ දින වෙනස් වෙමින් පවතිනවා…..හමන මද සුලගේ සිට චණ්ඩ මාරුතය දක්වාද ගහ කොලද වෙනසකට භාජනය වෙමින් පවතිනවා නොවේද…? එසේනම් අප…, මිනිසා ගැනනම් කුමක් කිව හැකිද…? හුස්ම පොදක් ගන්නා මොහොතක් මොහොතක් පවතී.
ඒ වෙනස හේතුවෙන් මුලින් පැවති ස්වභාවයට වඩා හාත්පසින් වෙනස් වූ පසුබිමකුයි අපට හැමවිටම දක්නට ලැබෙන්නේ. ඒ මොහොතින් මොහොත වෙනස් වන බැවින්… එහෙත් එය වෙනස් වන බව අපට නොදැනේ.නොහැගේ… ඒ සදහා කාලයක් ගෙවෙන බැවින්, කාලය සෙමෙන් යන බැවින්…
එහෙත් සැබැවින්ම මෙය සෙමින් නොව වේගවත්ව සිදුවේ. මේ අධි වේගවත් බව නිසා අපට නොපෙනෙයි.එහෙත් මේ වේගවත් බව කෙතරම්ද යත් අපට එය දැකීමට නොහැකි තරම්…එවිට අප සිතන්නේ සියල්ල සෙමින් සිදුවන බවයි….

පසේ බුද්ධත්වයට පත් වන්නේත් ඔහු කළ කුසලයේ බලය ද හීන නොවී පවතින නිසාවෙනි.
”ගලේ කෙටූ අකුරක් සේ’යැයි අප යමකට පවසන්නේ එය තදින්ම අප තුළ සනිටුහන් වූ අපගේ ආධ්‍යාත්මය තුළ තැන්පත් වූ හොදක් හෝ නරකක් විය හැකි බැවිනි.
අපගේ කුසලයද, අපගේ විඤ්ඤාණය තුළ පවතින්නේද එලෙසමය. අකුසලයද එලෙසමය. ගලේ කෙටූ අකුරක් සේ පවතින බැවින් කුසලය අවදි වීමට බාධා කරයි.
එසේ අකුසලය තැන්පත්ව ඇත්තේ තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ‍ය, වෛරය වැනි සිතුවිලි නිසාය… මෙලොව පවතින දේ තුළ පවතින්නේ කුමක්ද? නොපවතින්නේ කුමක්ද? යැයි තේරුම් ගැනීමට නොහැකි වූ මිනිසා… භෞතිකව දකින, අත් විදින සම්මුතියේ දේ සදහා කෙලෙස් ඇති කර ගනිමින්, දිගින් දිගටම පවතින දෙයක් යැයි සිතමින් නොපවතින දෙයක් පවත්වා ගන්නට උත්සාහ දරයි.
සසර පුරා අප ගෙන යා යුත්තේ සම්මුතිය තුළ ගොඩනැගෙන දේ නොව අප විසින් පරමාර්ථය තුළ ගොඩනගා ගැනීමට වෙහෙසෙන දේ සදහායි.
එහෙත් භවයක් ගෙවා තවත් භවයකට ප්‍රතිසන්ධිය සදහා විඤ්ඤාණය ගිය කලද අප කර ගසා ගෙන යන්නේ සම්මුතිය තුළ දී එකතු කරගත් දෑ… මිස, පරමාර්ථය වෙනුවෙන් රැස් කරගත් දෑ නොවේ. සම්මුතිය තුළ යමක් ගොඩනැගෙන්නේද එසේ වන්නේ මොහොතින් මොහොත වෙනස් වන සිත හා සිතුවිලි වල ක්‍රියාත්මකබාවයෙහි ඵලයක් ලෙසයි. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නිරතුරුව නොපවතී. එයත් ඇති වී පැව තී නැති වී යයි. ඒත් අපට දැනෙන්නේ එය නොවෙනස්ව පවතින බවයි.

නමුත් කුසලයක් සිදුකල විට ඒ මොහොතේ සිතේ හටගත් පැහැපත් බව, ප්‍රභාෂ්වර බව අවකාශය, (කුසලය තැන්පත් වූ තැන) සෑම මොහොතකම නොවෙනස්ව එකම ලෙසින් පවතී.
එසේනම් සසර පුරා අප ගෙන ආ… කුසලයට කුමක් සිදු වීද…? අපාය ගියත් නොවෙනස්ව පවතින යමක් වේද… එය නම් කුසලයම වේ. එය සැගව ඇත්තේ අප තුළමය… අපගේ අකුසල් ගොඩ තුළමය…
හැමවිටම සිතට ඉඩ දී ඇත්තේ දුකට වේදනාවටය… සිත වේගයෙන් අල්ලන්නේද… වේගයෙන් හඹායන්නේද ඒ පසුපසමය. පාවයෙන් පටන් ගෙන අකුසලය දක්වා සීඝ්‍රගාමී ලෙසින් චෛතසිකයන් පහල කිරීමෙන් කරන්නේ… පවතින දෙයක් වෙනුවෙන් අධ්‍යාත්මය තුළ නූපන් අකුසල් උපදවා ගැනීමය.
එහෙත් සැගවී ඇති අපගේ කුසලය නොපවතින්නක් ලෙස සිතුවද සැමවිටම එය අප තුළ සුරක්ෂිතය. විපාක දීමට හැමවිටම ප්‍රමුඛ වන්නේ අකුසලයයි. ඒ අප පවත්වා ගන්නට උත්සාහ දරන දුක නිසාමය.
එහෙත් සිදුවිය යුත්තේ කුමක්ද…? මේ දුක් ගොඩක් සහිත ජීවිතය නොනවතින යන ගමනට තිත තැබිය යුතුමය. ඒ සදහා සසර පුරා කල කුසලයේ ආනුභාවයන් උද්දීපනය කර ගනිමින්, හැම භවයකම කල කුසල් උපදවා ගනිමින් දිගින් දිගටම නිවන තෙක් එය පවත්වා ගැනීමට නම් සැමදා පවතිනවා යැයි අප සිතන සිතුවිලි හා චිත්තයන් (සම්මුතිය තුළ පහළවන) නැවතිය යුතුමය. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, අවිද්‍යාව නිසා හටගන්නා…

ඒ වෙනුවට සැමදා පවතින එහෙත් අප එසේ නොසිතන අප තුළ නැතයි සිතන පරමාර්ථය වෙනුවෙන් ගොඩනගාගත් යහපත දිගින් දිගටම පවත්වා ගන්නට චිත්තය හසුරුවන්නේ නම් නිවන අප ලගමය.
සසර ගමනේ එක භවයක් යනු නිවන සදහා වූ අඩිතාලම ශක්තිමත් කිරීමට යමක් කිරීමට ලැබෙන එක් අවස්ථාවක් පමණි… එය මැනවින් අවබෝධ වෙත්වා.!!!

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *