(රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල නායක ස්ථවිරපාදයන් වහන්සේ සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා පුස්ථකය ඇසුරිනි.)
දවසක මෞදගල්‍යායන මහා ස්ථවිරයන් වහන්සේ ලක්ෂණ මහ ස්ථවිරයන් වහන්සේ සමග ගිජුකුළු පව්වෙන් බස්නා සේක. අට්ඨිසඞඛලික ප්‍රේතයන් අත් බැව් දැක සිනා පහල කල සේක.ඒ දුටු ලක්ෂණ මහා ස්ථවිරයන් වහන්සේ සිනාසීමෙහි හේතු විචාල කල්හි “ඇවැත්නි, සිනා සීමෙහි හේතු කියන්නට මේ දැන් කාලය නොවේ, බුදු රජුන් වෙත දී එය විචාරවූ.” යි කියා දෙදෙනා වහන්සේම බුදු රජුන් වෙත ගියහ. එහිදී ලක්ෂණ ස්ථවිරයන් වහන්සේ විසින් විචාරනු ලැබූ මෞදගල්‍යාන ස්ථවිරයන් වහන්සේ අට්ඨිසඞඛලික ප්‍රේතයන් දුටු බව කියා,” ඇවැත්නි! ගිජුකුළු පව්වෙන් බසිද්දී මම අහසේ යන මහණෙකු දුටුවෙමි. ඔහුගේ සිරුර ගින්නෙන් අව්ලුනේය, මෙසේ ගිනිගෙන දිලිසෙන පා සිවුරු කාබන් ආදිය ගත් මහණ-මෙහෙණ-හෙරණ-ඇවිදුනා ප්‍රේතයන් දුටිමි.” යි කිවුහ. එකල්හි බුදුන් වහන්සේ මොවුන් හැම දෙනා කසුප් බුදු රජුන්ගේ සසුනේ පැවිදිව පැවිද්දට සුදුසු ලෙසින් නොද පිලිපැද දුසිල්කම් කල බව වදාරා ඒ වේලෙහි එහි රැස්ව සිටි පවිටු අදහස් ඇති මහණුන් හට දුසිල්ව විසීමෙන් අපායෙහි පැසී ඉනුත් පව්කම් නොගෙවුණු බවින් ප්‍රේතව ඉපිද පෙර කල පව්කම් කල විපාක විදුනා බව දක්වමින් මේ ධර්ම දේශනාව කල සේක.
කසාවකණඨා බහවො
පාපධමමා අසඤඤවන
පාපා පාපෙහි කමෙමහි
නිරයන් තෙ උපපජ ජරෙති
ගෙල වෙලා ගත් කහ කඩ ඇති පවිටු සැහැවි ඇති නොහික්මුණු කය වචන ඇති පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ තමන් කල පව්කම් හේතුයෙන් නිරයෙහි උපදිත්.
කාසාවකණ්ඨා-කසාවතින් ගෙල වෙලා ගත් ගෙල වූ කහවත් ඇති කසාව කණ්ඨනම්; ගෙලැ සිවුරුලාගෙන මහණුන් සේ හැසිරෙන පවිටෝය. ශාසනායුෂය පිරිහී යත්, එවක ඇති වන මහණෝ විනය ශික්ෂා පදයනට පටහැනිව සිවුරු දරන්නෝය.
කායවාක් සංයමය නැත්තෝය පිඩුසිගා යන්නෝ පාත්‍රය ථවිකයෙහි බහා ගෙල එල්ලාගෙන යන්නෝය. කල් යත් මොවුහු පාත්‍රය අල්ලෙහි හෝ උර හිසෙහි තබා ගෙන ලබුකබල්ගත් තීර්තකයන් මෙන් පිඩු සිගා යන්නෝය. සිවුරු රදන් ගන්වන කල්හි විනය ශික්ෂාවන් නොතකා තමන් කැමති සේ රදන් ගන්වති. ඔටු ඇට පැහැය සේ මදක් කසාවත්කොට ගත් සිවුරු ඇද පොරවන්නෝය. තවත් ඉදිරියට යත්, රදන් නොගන්වා, පඩුනොපොවා කඩෙහි දවා ලූ පමණක් කපා හැර දියෙන් තෙමා කලල් කොට අදින්නෝය. නැවත දාවලු පමණක් සිද පිරිවැජියන්මෙන් රෙදි කඩ දෙපට කොට හින වටක් දවටා පටකින් උරහිස වසා පොරවගෙන දඩ බිමට යන්නවුන් සේ “අපි මහණෝ වෙමු” කියා කල් ගෙවන්නෝය. තවත් ඉදිරියට යත්, “මෙපමණකිනුත්කම් කිමැයි” රෙදි කඩ හැදගෙන කහ කඩක් ගෙල වට දවටා ගෙන, නැතහොත් හිස වසාගෙන “අපි මහණෝ” යි කියා ඇවිදින්නෝය. එයිනුත් අඹුදරුවන් සහිතව සුවසේ ජීවත් විය නොහැකිව සීසෑම්, වෙළහෙළදාම් ආදී ගිහියන්ට අයත් කටයුතු වලින් දිවි ගලවන්නෝය. මෙබන්දෝය කසාවකණ්ඨකයෝ.
පාපධම්මා-පවිටු සැහැවි ඇති
පැවිද්දන්ට නොහොබිනා පහත් අදහස් ඇත්තෝ පහත් තේරුම් කියුම් ඇත්තෝ ලාමක හැසිරීම් ඇත්තෝ පාපධම්ම.යමක් හට පහත් අදහස් වන්නේ නම්, ඒ වන්නේ තමන් පිළිබද දුස්සීලභාව හේතුවෙනි. “පාපාධම්මාති දුස්සීල තතා ඒව හීන ජඣා සයතාය ලාමක සභාවා” යනු අටුවා.
අසඤඤතා-කය වචන සිත් හි හික්මීමක් නැති
කායි කසංවරාදීන් අතුරෙහි මොනම සංවරයකුත් නැති අවිනීත වූ බාල ජනයෝ අසඤඤත.” කායික සංවරාදීසු කසසවු සංවර සස අභාවෙන අසංයතා අවිනීතා බාලජනා” යනු ධාර්මික වචනයි. කයින් කරන පව්කම් කරන්නෝත් වචනයෙන් පව්කම් කරන්නෝත් සිතින් පව්කම් කරන්නෝත් අසඤඤතයෝය. සිවුරු කරලා ගත් පහත් අදහස් ඇති කය වචන දෙකෙන් නොහික්මුණු පැවිද්දෝ නියම පැවිද්දන්ගේ ලක්ෂණ ගෙන නියම පැවිද්දන් සේ පෙනී සිට රට මුලා කොට බඩ වඩා ගන්නෝය. මේ මෙය වදාළ සැටි.
“න වණ්ණරූපෙන නංරා සුජානො
න විසසසෙ ඉත්තරදස්සනෙන
සුසඤඤතානං හි වියඤජනෙන
අසඤඤතා ලෝකම්මං චරනතී”
මිනිස් තෙමේ රූප සටහනින් මැනවින් නොදත හැකිය.දැක්ක පමණින් නොඇදහිය හැකිය.හික්මීමක් නැත්තෝ හික්මුණවුන්ගේ ලක්ෂණ ගෙන හැඩහුරුකම් පෙන්වමින් මහජනයා මැද හැසිරෙන්නෝය.
පාප ධම්මා = පහත් අදහස් ඇති ලාමක
අසඤඤතා = කය වචන සිත යන තුන් තැන්හි හික්මීමක් නැති
කසාවකණඨා = කරලාගත් සිවුරු ඇත්තෝ
බහවෝ = බොහෝ වෙත්,යි අරුත් ගන්නේය.
පාපා පාපේහි කමෙමහි
නිරයං තෙ උපපජජරෙ = ඒ පවිටෝ(තමන් කල)පව්කම් වලින් නිරයෙහි උපදින්නෝය.
මොවුහු තමන් කල පව්කම් හේතුවෙන් බොහෝකලක් නිරයෙහි ඉපිද පැසී එයින් චුතව විපාකාවශේෂ වශයෙන් ප්‍රේත යෝනියෙහි දුක් විදින්නාහ.
ධර්ම දේශනාවේ අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵල ආදියට පැමිණියාහුය.
– කාසාවකණඪ වස්තුව නිමි-