මේ අසිරිමත් කුමරාගේ උපත දිව්‍යමය ලකුණින් දැනගත් සුදොවුන් රජුගේ ගුරු තනතුරේ සිටි ධ්‍යානලාභී කාලදේවල නම් තවුසා (අසිත නමද ව්‍යවහාර වේ.) රජ මාළිගාවට සැපත් වී පුංචි කුමාරයා දකින්නට සූදානමින් පැනවූ අසුනක ඉදගත් හ. සුදොවුන් රජතුමාද ඉතා ප්‍රීතියෙන් දරුවා රැගෙන විත් කාලදේවල තවුසාට දැකබලා ගන්නට සැලැස්වීය. සුදොවුන් රජතුමාගේ අපේක්ෂාව වූයේ දරුවා ලවා තවුස්වරයාට වැන්දවීම වුවත් සිදුවූයේ අනිකකි. දරුවා ලවා වැන්දවීමට සූදානම් වන විට දරුවාගේ පාද තවුස්වරයාගේ හිස දෙසට පෙරළී හිසෙහි වදින්නට විය. ඒ මොහොතේ කාලදේවල තවුසා තම අසුනෙන් නැගිට කුමරාට දෑත් එක්කොට හිස නමා වැන්දේ තමන්ගේ අධිමානසික හැකියාව තුළ කුමාරයා අනාගත ශ්‍රේෂ්ඨත්වය දකිමිනි. සියල්ලන්ගේ විශ්මයට පත්වූ ඒ සිද්ධියේ දී සුදොවුන් රජතුමා ද දෑත් එක්කොට පුංචි කුමරාට නමස්කාර කළේය. කාලදේවල තවුසා පුංචි කුමරා දෙස බලාගත් වනම සිට සිනා පහළ කළේය. තවත් මොහොතක් කුමරා දිහා බලාගත් වනම සිටි තවුස්වරයාගේ දෑසින් කදුළු ගලන්නට විය. එකවර ඇතිවූ මේ වෙනස් හැගීම් දෙකෙහි යථාර්තය කාහටත් කුතුහලයක් විය. මේ අසිරිමත් කුමරා අනාගතයේදී බුදුවන බවත් ඒ නිසා තමන්ට සතුටක් ඇති වූ බවත් නමුත් ඒ බුදුන් වහන්සේගෙන් ධර්මය ඇසීමට තරම් වාසනාවන්ත නොවෙමින් තමන් ඊට පෙර මිය ගොස් බ්‍රහ්ම ලෝකයක උපදින බවත් පසක් වීමෙන් ඒ දුකට කදුළු සැලුව බවත් කාලදේවල තවුසා පිළිවදන් දීමෙන් කා හටත් ඇති වූ කුතුහලය සංසිදිනි.
සිදුහත් කුමරු කාලදේවල තවුසාණන්ගෙන් වැදුම් ලැබීම
- July 29, 2020
- 11:43 am
- No Comments
 
											
													
								
								Share on facebook
							
																			
				
																	
										Facebook									
															
											
													
								
								Share on twitter
							
																			
				
																	
										Twitter									
															
											
													
								
								Share on linkedin
							
																			
				
																	
										LinkedIn									
															
											
													
								
								Share on whatsapp
							
																			
				
																	
										WhatsApp									
															
											
													
								
								Share on pinterest
							
																			
				
																	
										Pinterest									
															
											