සිදුහත් කුමරු කාලදේවල තවුසාණන්ගෙන් වැදුම් ලැබීම

කාලදේවල තවුසාණන්ගෙන් වැදුම් ලැබීම

මේ අසිරිමත් කුමරාගේ උපත දිව්‍යමය ලකුණින් දැනගත් සුදොවුන් රජුගේ ගුරු තනතුරේ සිටි ධ්‍යානලාභී කාලදේවල නම් තවුසා (අසිත නමද ව්‍යවහාර වේ.) රජ මාළිගාවට සැපත් වී පුංචි  කුමාරයා දකින්නට සූදානමින් පැනවූ අසුනක ඉදගත් හ. සුදොවුන් රජතුමාද ඉතා ප්‍රීතියෙන් දරුවා රැගෙන විත් කාලදේවල තවුසාට දැකබලා ගන්නට සැලැස්වීය. සුදොවුන් රජතුමාගේ අපේක්ෂාව වූයේ දරුවා ලවා තවුස්වරයාට වැන්දවීම වුවත් සිදුවූයේ අනිකකි.