ඉක්මනින් සමාධියක් ගනිමු

ඉක්මනින් සමාධියක් ගනිමු

“නොයෙක් නොයෙක් සිතිවිලි ආවේගයන් සහිතව ජීවිත කතා පොතේ දුක්ඛ දෝමනස්සයන් පසුපස හඹා යමින් මංමුලා වූ සිත තුළ පවතින විසිරීම එක්තැන් කරන්නට ලෙහෙසි කටයුත්තක් නම් නොවෙයි. හැමදාම භාවනා කරන්නට උත්සාහ කළත්…. කෝ අනේ මට “සමාධි” වන්නේ නෑයි…. කීම භාවනාවට ඇළුම් කරන ඇත්තන්ගේ මැසිවිල්ල බව මා හොදින් දනිමි. භාවනාව යනු සිහිය පිහිටුවා ගැනීම නම් වූ ඒකාග්‍රී සිතිවිලි දහරාවක් බැවින් උදෑසන සිට රාත්‍රිය දක්වා නිහික්මුණු සිතුවිලි වපුරාගත් සිතිවිලි වපුරාගත් සිත කෙසේ නම් හික්මවා ගන්නද? මේ සදහා පහසුම ක්‍රමයක් ඇත්නම්….. ඇත්තටම පහසු වන්න නම්…. ඔබ අනුගමනය කළ යුතු කාරණා කිහිපයක් පැහැදිලිව අනුගමනය කරමින් ජීවිත කතා පොතේ පෙරළන හැම පිටුවකම උඩින්ම ලියා තබා ගත යුතුමය. ඒ…… “පිළිවෙල”යි

  • පළමුව අපිළිවෙලින් ඉවත් වන්න. කරනා දේ පිළිවෙලට කරන්න. කියනා දේ පිළිවෙලට කියන්න. සිතනා දේ පිළිවෙලට සිතන්න. එසේ භාවනාවට උවමනා පසුබිම ඔබගේ සිත තුළට ඇතුළු කරන්න.
  • ගෙවෙන හැම මොහොතම කුමක් හෝ දුක්ඛ දෝමනස්සයක ගෙවෙන බැවින්, “මාගේ සිත හැමවිටම සැහැල්ලු වේ, සංසුන් බවින් තිබේවා” යන්න සිත තුළට මිමිණීමට පුරුදුවන්න.
  • කළ යුතු ඉටු කිරීමට වේලාව තිබුණත් එය කලින්ම ඉටු කරන්නට හැකිනම් හැමවිටම එය ඉටුකර පවතින සිත සැහැල්ලුවෙන් තබා ගැනීමට උත්සාහ කරන්න. ඉටු කරන්නට යමක් ඇතිවිට එය ඉටු කරන්නට පටන් ගන්නා තෙක් ඔබටත් හොරෙන් සිත ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වී ඔබව පීඩාවට පත් කරන බව තරයේ වටහා ගන්න.
  • ජීවිතය සරල කර ගන්න. ඕනෑවට වඩා බලාපොරොත්තු ජීවිතයට එක් කර ගැනීමෙන් වළකින්න. අද දවස ගෙවීමට අවශ්‍ය දේ පමණක් සැලසුම් කරගන්න.
  • ඊයේ ඇති වූ පීඩාවෙන් දුක් නොවිදින්න. එයට හේතුව සොයා එම හේතුව අද දවසේ ජීවිතයට එක් වන්නට ඉඩ නොතබන්න.
  • “තෘෂ්ණාව” මිනිස් සත්වයා විනාශ කරන සයනයිට් වර්ගයේ විෂක් නොව ශරීරයට එකතු වී ටිකින් ටික විනාශ කරන පිළිකාවක්ම බව සිතට ගන්න. එබැවින් තමන්ට ලැබුණ දේ ගැන සතුටු වීමත් නොලැබෙන දේ ගැන ශෝක කිරීමත් නවතා ගන්න.
  • ආදරය, කරුණාව තමන්ට අනයගෙන් ලැබිය යුතු දෙයක් නොව, අන් අයට තමන් විසින් පූජා කළ යුතු දෙයක් බව වටහා ගන්න.
  • හැම උදෑසනකම අද මා ඉපදුනා යනුවෙන් සිතා අද ඉපදුණු අයෙකු සේ ඊයේ ජීවිතයේ තිබූ සිත පීඩාවට පත් වන දේ ඉවත් කරන්න.
  • හැම රාත්‍රියකම නින්දට යන විට සිතන්න. “මේ මාගේ අවසන් නින්දයි” ඉතින් නිදි ඇදේ හෙට ගැන කල්පනා කරමින් පීඩාවට පත් වීමෙන් පලක් වේද? නපුරු සිහින පෙනී දෙගොඩ හරියේ උගුර කට වියළී භ්‍රාන්ත වීමෙන් වැලකීමටද හැකී නේද? පණ තිබුණොත් උදෑසන නැගිටීවි. ඇත්තටම ජීවත් වනවානම්……
  • උදෙන්ම නැගිට මේ මාගේ අළුත් ජීවිතයයි….. මාගේ උපතයි…… සිතින් මුමුණන්න දැන් මුහුණකට සෝදා හොදින් ජලය වීදුරු කිහිපයක් පානය කර වැසිකිළි කැසිකිළි ගොස් නිදහස් තැනක අසුන් ගන්න.

“දැන් ඔබ උත්සාහ කරන්නේ සමාධි වන්නටයි. පාද නවා වාඩි වී පාද මත අත් තබා ගනිමින් (යෝගී ආසනයක් මෙන්) ඇස් වසා ගන්න. හොදින් ඉහළට පෙනහළු පිරෙන්නට හුස්මක් ගන්න. මොහොතක් රදවා ගෙන එය පිටවන්නට ඉඩ හරින්න. ඒ ආකාරයට හුස්ම ඉහළ පහළ ගන්න. ඒ හුස්ම ගන්නා ආකාරයම ඔබගේ සිත තුළ ඉලක්කය කරගන්න. පුදුමයක් ඔබට දැනෙවි. ගන්නා හුස්ම ඔබගේ සිතට පේන්න ගනිවි. ඇස් වසා ගෙන සිටියත් නාසය, නාසයේ සිට පෙනහළු දක්වා වායුව ඇදී යන ආකාරය සිතට පෙනේවි. ඔබ අරමුණ වෙනස් නොකර ඒ ලෙසම සිදු කරමින් සිටින්න. තවත් පුදුමයක් සිදු වේවි. ඔබගේම මුළු ශරීරය පිල්ම් රෝලක සේයාරුවක් පරිද්දෙන් දකින්නට ගනිවි. දැන් ඔබ සාර්ථක වෙමින් පවතින්නේ එසේම ශරීරය දුටු විට එය අරමුණු කරගනිමින්

ඒ තුළම සිත රදවා ගන්න. තුන්වන පුදුමය….. ශරීරය ඇතුළේ පුංචි පුංචි අවයව සියල්ලක් පෙනෙන්නට ගනිවි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *