“ඉක්මන් බුදුන් බුදු වුණාවේ”

ඉක්මන් බුදුන් බුදු වුණාවේ

ගෞතම බෝධිසත්වයෝ මෛත්‍රී බෝධි සත්වයොයි බුදුවෙන්ට පෙරුම් පිරුවා. ගෞතම බෝධිසත්වයන්ගේ ගුරුවරයා වූ මෛත්‍රී බෝධි සත්වයෝ තමයි මුලින්ම බුදු වෙන්නට පෙරුම් පිරුවේ දවසක් මේ දෙන්නා කැලෑවක් මැදින් ගමනක් ගියා. ඔහොම යනකොට කන්දක් පාමුල පැටවුන් බිහිකළ ව්‍යාඝ්‍ර දේනුවක් දැක්කා. කන්න කිසි දෙයක් නැතිව ව්‍යාඝ්‍ර දේනුව සිටියේ බඩගින්නේ. ගුරාටයි ගෝලයට යි දෙන්නට හරිම දුකයි. මෛත්‍රී බෝධි සත්වයෝ ගෝලයාව එතන නතර කරලා ව්‍යාඝ්‍ර දේනුවට කන්න දෙයක් සොයාගෙන එන්න ගියා.සෑහෙන වේලාවක් ගත වුණා. ව්‍යාඝ්‍ර දේනුව බඩගින්න වැඩිකමට පැටවුන් ගිල දමන්න සැරසුණා. පැටව් ටික බේරාගන්නත් දරුවන් මැරීම නිසා ව්‍යාඝ්‍ර දේනුවට සිදුවන පාපයෙන් ඈ ගලවා ගන්නත්, ඇගේ බඩගින්න නිවන්නත් සිතා ගත් ගෞතම බෝධී සත්වයෝ තම ගුරුවරයා වූ මෛත්‍රී බෝසත්තුමන් එනතෙක් බලා නොසිට “මේ ඇග මස් දන් දෙන පිනෙන් මා බුදු වේවා” කියලා හිතාගෙන කන්දෙන් පහළට පැන්නා. ව්‍යාඝ්‍ර දේනුවගේ කුසගින්න නිවුණා. සිදුවෙන්න ගිය පාපයෙනුත් ඇය මිදුණා. ඒ අතර කෑම සොයන්න ගිය මෛත්‍රී බෝධි සත්වයෝ කෑමත් අරගෙන ආවා.

ව්‍යාඝ්‍ර දේනුවගේ කුසගින්න නිවන්න තම ගෝලයා ජීවිතය පූජා කර තිබෙන හැටි ඇස් පනාපිටම දැක්කා. එතකොටම මෛත්‍රී බෝධි සත්වයන්ගේ මුවින් මෙසේ කියවුණා. “ඉක්මන් බුදුන් බුදු වුණා වේ” කෙතරම් අසිරිමත්ද? පාරමිතා පුරණ බෝසත්වරුන්ගේ ප්‍රතිපත්ති ඉතාම වේගයෙන් ගුරුන් පසුකර බුදුවන්නට තම පාරමිතාවන් ඉක්මන්ව පිරූ ගෞතම බෝධිසත්වයෝ අපට දෙන ආදර්ශය මේ මොහොතේ සිහිපත් කරමි.ශ්‍රී ලංකාවේ බුදු බව පතන බෝසත්වරු සිටිනවාද?

සත්‍ය දැනගන්න එන්න සුදු වතින් සැරසී පෝය දිනට උදෑසනින්ම මමත් උතුම් වූ මහ රහත් බෝධියම ප්‍රාර්ථනා කරමි.

චන්ද්‍රරත්න පෙරුම්බඩගේ

වැඩසටහන් සම්පාදක

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *