හිතට දුකයිද?

හිතට දුකයිද

ආදරය, රැකියාව, යුගදිවිය, අධ්‍යාපනය, සමාජ සබදතාවන්, ආහාර, නිවාස, ණයගණුදෙනු, දූ දරුවන්, දෙමාපියන්, මෙහෙම ලියන්න ගියොත් ඇත්තටම ඔබට දුක ඇතිවෙන හේතු වට්ටෝරුවක්ම ලියන්න පුළුවන්.ඒත් ඉතින් මේ හේතු වලින් එකක් හෝ කීපයක් කාටත් කියන දේවල් කියන්න පුලුවන් මේවා විදිනකොට දුක ඇති වෙනකොට හැමෝම හිතන්නේ නම් තම තමන්ට තියෙන දේවල් කියලමයි. ඒත් මේ දුක් ගින්න මහ හරින්න කියලා හිතාගෙන කාගේ හෝ පිළිසරණක් පතන්න ගියාම අවසානයේ වෙන්නේ ඒකත් තව ප්‍රශ්ණයකට මුල වෙන එක…

ඒ නිසා හැම ප්‍රශ්ණයකටම මුහුණදෙන්න කලියෙන් මේ හැම දෙයක් සම්බන්ධවම දැනගෙන සිටියොත් නම් වැදගත් වේවි. මේ ප්‍රශ්ණ හැම කෙනෙකුටම එන්නේ හිතට, වේදනාව දැනෙන්නේ හිතට. දුක කියන්නේ තවත් වේදනාවක් නම් තමයි. කායික වේදනාවක් නම් ඇත්තටම තියන දෙයක්. අතපය කැඩුණම, ලෙඩක් රෝගයක් හැදුනාම, වේදනාවක් එනවා. මේක සාධාරණයි. ඒත්… මොනව කැඩුණමද? මොනව ලෙඩ උනාමද ඊට අමතරව හිතට දුකක් එන්නේ… ඒ ගැන විමසන්නම නම් ඕනෑමයි…තමන්ට හිමි තැන නැති වුනාම, අවශ්‍ය ආකාරයට අනිත් අය අවනත නොවෙන කොට තමයි මේ හැම කෙනාටම දුකක් එන්නේ.හොදයි ඔබම හිතන්න… මේ දුක ඇතුලෙ මුල බීජයක් නම් තියෙනවා. ඒ මූල බීජය වටා නේද මේ හැමදේම ගොනුවෙන්නේ එක්කෝ… සැකය නැමැති මූල බීජය, එක්කෝ  තෘෂ්ණාව නැමැති මූල බීජය මේ සියල්ල පැන නගින්නේ ලෝභය කියන මිනිස් ගතිය අගතිය කරා මෙහෙයවන සාධකය එක්ක අන්තිමේ මේ ලෝභය, තෘෂ්ණාව, සැකය, වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය එක්ක මිතුරු උනාම “මානය” නැමැති පාපමිත්‍රයා නොදැනීම සිතට ඇවිත් වද දෙනවා. “මට” මේ ලැබුණේ දුකක්, “මම” හරි ආදී ලෙස තමන් හරි, තමන්ට අනිත් අය දුක් ඇතිකලා යන්න සිතට පැමිණෙනවා.

දැන් ඔබ නිරපරාදේ ඇති දේකුත් නොවන නැති දෙයක් ළග යමක් ඇති කරගෙන මහා දුකක් විදිනවා.

මෙහෙමයි මේ හැම කෙනෙක්ම දුක ගන්නේ. ඒත් ඉතින් හැමෝටම එක දෙයක් අන්තිමේ තේරෙනවා. ඒ මොකක්ද? දන්නවද? “හිතූ තරම් යකා කළු නෑ” කියලා මුහුණ දෙන්නට කලින් ඕනෑම දෙයක් ගැන අපි ගොඩ නගා ගත්ත දුක තරම් ඒකට මුහුණ දුන්නට පසුව ඒ තුළ නැති එකටයි…හිතුව තරම් යකා කළු නෑ කීවේ.

දැන්  බලමු මේ දුක ලේසියෙන් ජය ගන්න පුළුවන් ක්‍රමයක් මොකද මේ දුක වාවගන්න බැරි වුනාම තමයි… හැම කෙනාම ජීවිතෙන් පලා යන්න උත්සාහ කරන්නේ

අනුගමනය කරන්න.

  1. නිදහස් තැනකින් වාඩිවෙන්න. හිස කෙලින් තියාගෙන, ඇස්දෙක වහගන්න. වැට ඉන්න මත රදවල තියෙන තැඹිලි කෝම්බයක් පරිදි කසේරුකාව මත තියෙන හිස සිතෙන් බලන්න. ඇත්තටම ඒක හිතට පේනවනම්… ඔබ සාර්ථකයි…
  2. දැන් සිතට කියන්න මෙහෙම… මම සතුටින් ඉන්න වාසනාවන්ත කෙනෙක්. මගේ සිත සැහැල්ලුයි… ඒ වචන ටික නොනවත්වා හිතට කියාගෙන යන්න.ඔබට ආයාසයකින් තොරව කියාගෙන යන්න පුළුවන් වෙලාවක් ඒවි.ඒ කීවේ ඉබේම කියැවෙනවා වගේ දැනෙන වෙලාවක්.
  3. දැන් ඔබට පෙනේවි ඔබ වටා ලස්සන පසුබිමක්. ලා පාට ආලෝකයක් වගේ. ටික වේලාවක් එය රස විදින්න. ඒ කීවේ ඒ අරමුණ තුළම ඉන්න.
  4. දැන් සිතට කියන්න මෙහෙම. මම උතුම් විශ්ව ශක්තියක්. ඒ විශ්ව ශක්තිය මා තුළ නොබිදී ආරක්ෂා වෙනවා. මා මට මෛත්‍රී කරමි.ආදරය කරමි. මට ඇතිවෙන හැම ගැටළුවකටම හේතුව මා බව මා හොදින් දකිමි. එය මා හට අවබෝධ වේවා. ප්‍රඥාවේ ආලෝකයෙන් මා සතුටින් සිටිත්වා.
  5. දැන් ඔබ ඒ අයුරින්ම ඒ අරමුණේම තවත් ටික වේලාවක් සිටින්න.

ඇස් අරින්න. දැන් ඔබ ගැනත් ඔබට දුක් ඇති වීමට හේතුවත් පිරික්සා බලන්න. ඔබ කලින් ප්‍රශ්ණයකට මුහුණ දුන් විට ඇති වුණ හැගීමද? නැත්නම් දැන් අළුත් යමක් ඔබට දැනෙනවාද … ඒ අළුත් දැනීම නම් වු… ඔබගේ ආරක්ෂකයා… එතැන් පටන් ඔබව නිවැරදි මග ගෙනයාවී. සත්තයි. නිකම්ම නෙවී. අත්දුටුවයි…

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *