යමක් ගැන අදහසක් අප තුළ ඇතිවනවා නොවේද…? එවන් මොහොතක ඒ ඒ හැඟීමට, අදහසට, අවශතාවයට උචිත දෑ අපට ඒ මොහොතේම ලැබුණහොත්… අප කියනවා නේද…? “මම මේ දැන් හිතුවා විතරයි” කියා. යම් කෙනෙක් ගැන සිහිපත් කළ විට ඔබ හමුවට ඒ තැනැත්තා ආ විට හෝ, ඒ මොහොතේ දුරකථන ඇමතුමක් හෝ ලැබුන විට “මම මේ දැන් මතක් කළා විතරයි” යැයි අප කියන අවස්ථා අනන්තවත් නොවේදැයි කල්පනා කර බලන්න.
සිතට ඒ දැණුනු මොහොත සිතක්, චිත්තයක් බිහිකිරීමට හේතු වේ. එසේම එය චිත්තයක්, සිතක් ලෙසින්ම පවත්වා ගත්තා නම්… ඇති වී, පැවතී, නැතිවීමට ඉඩ හැරියා නම් ඒ මොහොත තුළ ඇති වූ සිත එතැනමයි…
එහෙත් ඒ අනුව ඇති වූ සිත දිගින් දිගටම සිහි කළොත්, ඒ හැඟීම හරහා ඊට සම්බන්ධ දෑ සිහි කරමින් කල්පනා කළවිට, සිතුවිලි ඒ වටා ඒකරාශී කරඉ නම්, ඒ සඳහා අවම වූ ක්ෂණයක කාල පරාසයක සිට උපරිම කාල හෝරාවක් තුළ සිතුවිලි පහල වූවා නම්, ගොඩනගා ගත්තා නම්, තීරණ හා නිගමන වලට අනුකූලතාවය ඔබගේ සිත දැක්වූවා නම්… අප විසින් ම අප තුළ හට ගත්තා වූ ඒ සිත, නැත්නම් චිත්තයක් දක්වා පරිවර්ථනය කර ඇත…
මිනිස් සංහතිය තුළ පොදු ලක්ෂණයක් සේම, තිරිසන් සිවුපා ආදී සත්වයන් සිවුපා ආදී සත්වයන්ගෙන් වෙන් වූ උසස් දිවුණු ලක්ෂණයක් ලෙස කල්පනා ශක්තිය, යමක් සිතීමේ හැකියාව මිනිසාට උරුමයි. එහෙත් අනෙක් සත්ව විශේෂයන්ට එය ඇත්තේ ඉතාමත් අඩුම මට්ටමක ය. එසේ උවද මිනිසාට වඩා උන් වාසනාවන්ත යැයි ඔබ නොසිතන්නේද…?
ඒ උන් චෛතසිකයන් පහළ නොකරන බැවිනි. එහෙත් දියුණු ලක්ෂණයක් සහිත මිනිසාගේ සිතීමේ හැකියාව චෛතසිකයන් බිහි කිරීම හරහා ගොඩ නගා ගන්නා අකුසල් මූකලානයක තමාත්, ත්ම විඥ්ඥාණයත් අමරමන් කර ගැනීමේ උරුමය නම් අරුම සහගත නොවන්නේද…?
එහෙත් එය අවබෝධ කරගැනීමේ හැකියාව නම් දුර්වලය… ඒ මිනිසා උපතින්ම ගෙන ආ වාසනාව හා අවාසනාවද එයයි. නිවැරදි මග තුළ සිත මෙහෙයවන්නේ නම් වාසනාවකි. නැතහොත් නිරයට මගකි. සත්වයන් කරිමය ගෙවමින් සිටී. විඳවීමකට හෝ විඳීමකට ලක් නොකරයි. එබැවින් ඒ සත්වයන්ගේ විඥ්ඥාණය තුළ අකුසලයන් එකතු වීමක් නැත. එහෙත් මිනිසා කර්ම ගෙවමින් හා ඊට වැඩි වේගයෙන් එකතු කර ගනිමින්ද විඥ්ඥාණය පුරවා ගනියි.
චිත්තයේ හා චෛතසිකයේ සක්‍රියතාවය, විශ්වයේ ශක්තිය වැඩි බලයකට හෝ අඩු බලයක් වෙත විඥ්ඥාණය සුසර කරවන්නක් බැවින් මෙය කෙසේනම් අප ක්‍රමවත් කරගත යුතුද…?
සිතක් හටගත්තාට කම් නැත, එය එසේම පවතී නැති වීමට ඉඩ හරිනවා විනා, ඒ හරහා සිතුවිළි පහල කිරීම අතහැරිය යුතුයි. යමක් පිළිබඳ ඇතිවන සිතුවිල්ල කුමක් සඳහා දැයි අවබෝධ කරගැනීමේ සීමාව අපට ලැබෙන්නේ… ඉන් දරුනු පරිසරයක් සඳහා විඥ්ඥාණයට අවකාශය ලබා දෙමිනි…
අප තුළ ඇතිවන චිත්තය හැම විටම යහපත් දෙයක් විය හැකිය. එය පිනක්, දානමය කටයුත්තක්, යහපත් හැගීමක් පුද්ගල හෝ ක්‍රියාවක් ගැන, එසේත් නැති නම් තමා ගැනම විය හැක.
එහෙත් සිතට ඇති වූ දේ අනුව ඔබ පහළ කරන සිතුවිලි කෙලෙස දැයි ඔබටම දැනී තිබුනේද…? දානමය කටයුත්තක් නම් එහි පෙර මැද අග සියලුම චෛතසිකයන් ඒකාකාරීව පවත්වා ගත්තා දැයි සිහි කර බලන්න. ලෝභය, ද්වේශය මුසු හැඟීමක් නොවෙද ඔබ වඩාගෙන ඇත්තේ… එසේ නම් ඔබගේ විඥ්ඥාණයේ නිවීම හෝ දැවීමටද මග පෙන්වා ඇත්තේ ඔබේම චෛතසිකයම නොවේ ද…?
යමක් දීමට සිතක් ඇතිවූයේ නම් ඒ මෙහොතේම ඒ චෛතසිකයන් සමග ක්‍රියාත්මක කල යුතුය. එසේම අවැඩක්, අයහපතක් ගැන යම් සිතක් ඇති වූයේ ද ඊට සමගාමී චෛතසිකයන් බිහිවීම වහාම අත්හිටුවා ගත යුතුය… එවිට ඔබගේ විඥ්ඥාණය පිරිසිදුය… නිරවුල්ය… එහෙත් අප කරන්නේ නොකළ යුත්තමය… ඉන් පීඩා විඳින්නේද අපමය…
චිත්තය යහපත් ලෙසින්ම පවත්වා ගත් උත්තමයෝ ආර්ය පුද්ගලයක් බවට පත්වේ.නුන් වහන්සේලා ක්‍රියා චිත්තයන් පහල නොකරයි. එහෙත් අප, අතපය ක්‍රියා විරහිත වුවත් චිත්තය හරහා චෛතසිකයන් ක්‍රියාත්මකයි. මනස යහපත්ව තබා ගනිමින් දෛනික කටයුතු යහපත්ව පවත්වා ගැනීමට යොනිසෝමනසිකාරය පවත්වා ගත යුතුමය…
අධ්‍යාත්මයට පළ්මුව තමාගේ ලෞකිකත්වය තුළ එය ස්ථාවර කරගත යුතුය… පීඩාකාරී පරිසරයෙන් වටාපිටාවෙන් මිදී සිත නිදහස්ව තබා ගැනීමට උත්සාහ ගත යුතුය. ලෝභය, ද්වේශය, මෝහය හරහා ඇතිවන චෛතසිකයන් හැම විටම පීඩාවන් හා නොසන්සුන් බවින් යුක්තය.. එය අපගේ විඥ්ඥාණය සසර පුරා මෝහාන්ධකාරයේ ගිලීමට හේතු වේ. ඔඅට කිසිවක් නොකර චෛතසිකයන් හරහාද අපගාමීත්වයට හේතුවන ප්‍රානඝාතයන් ද කළහැකි නොවේ ද…? එබැවින් සිත හා සිතුවිලි අතර අතරමන්ව යථාර්තයෙන් පිටමන් වූ විට ඔබට හා ඔබගේ විඥ්ඥානයට හිමි වනුයේ “නිවන නොව… දැවෙන තව තවත් අහේතුක ප්‍රතිසන්ධියක් සඳහා අවස්ථාවක් නොවේ ද…?”