“චිත්ත විසුද්ධිය” අවබෝධයෙන් දකිමු.

සීලයෙන් විසුද්ධියට පත් යෝගාවචර තෙමේ… සමාධියෙන් පිරිසිදු වී විදර්ශනාව වඩන්නේ ය. “චිත්ත විසුද්ධිය” අවබෝධයෙන් දකිමු.

උතුම් මනුෂ්‍යත්වය හද තුරුළු කරගත් යෝගාවචර තෙමේ තම කායදී වාග් චරිතාප්‍රදානය තව තවත් ඔප මට්ටම් කරනුයේ පසිඳුරන් නොමනා හැසිරීම සිතිවිලි ධහරාවේ අනන්‍යතාවය බිඳීමේ ගුප්ත ක්‍රියාදාමය අවබෝධ කර ගැනීමටයි. එනම් කයෙහි ක්‍රියාදාමය අවබෝධ කර ගැනීමටයි. එනම් කයෙහි ක්‍රියාදාමය තුල නිපදවන වේදනා සංඥාව සිතෙහි සසර බැඳී ගුටි ගැසී ඇති ධර්මතාවන් විමර්ශනය කරමින් අවබෝධයෙන් ක්ෂය කර ගැනීමයි. ශීලයෙහි හික්මීම එය කායදී වාග් දුශ්චරිතයෙන් ආරක්ෂා වී සිතෙහි නිවීම ඇතිකර ගැනීමට මහගු පිටුවහල්කි. එබැවින් සංසාර විමුක්තිය තුළ අනුගත වීමේ උතුම් පරමාර්ථය තුළ සමාධිය වැඩීම සඳහා මෙත් සිත දැඩිව අවදි කරගත යුතුය.

සමාදිය යනු සිතෙහි ඇතිවන කුසල සිත අරමුණු කර ගැනීම්යි. කුසලය යනු මතු විපාක පිණිස සසර බැඳි දම්වැල තදින් බැඳ තබන්නක් නොව කෙලෙස් බැමි ලිවීමට ලිහීමට උපකාරීවන ශක්තියක්ම පමණකි. “මතු විපාක දීමක් කුසලයේ නැත්තේය” යනුවෙන් හඳුන්වන්නේ එබැවිනි. වැරදි අර්ථකථනයකින් මෙම වගන්තිය තේරුම් නොගන්න. එය පැහැදිලි වන අයුරින් ලිහිල්ව මෙලෙස ඉදිරිපත් කළ හැකිය. එනම් කුසලය යනු ප්‍රතිසන්ධි විඤ්ඤාණය තුළ ඉඩක් අහුරන්නක් නොවේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය තුළ භව පරම්පරාවේ තැන්පත්ව ඇති භවොත්පත්තියට හේතු සාධක මකා දමන්නට තරම් ශක්තියකින් යුතු මහා බල කදම්භයකි. එම බල කධම්භය නිර්මාණය වන්නේ සමාධිය තුළ ක්‍රමිකව ගොඩනැගෙන බල අවකාශයකිනි.එම බල අවකාශය තුළ නව උත්පත්තියකට හේතුවන තෘශ්නාධික ගුනය නොමැති නිසාම එය මතු විපාක පිණිස උත්පත්තියකට හීතු නොවීම ඉදිරිපත් කරන්නට යෙදුණි.

චිත්ත චෛතසිකයන් විසිර යා නොදී එක අරමුණක තබා ගන්නා බැවින් විසිර යා නොයා පවතින සිතුවිලි දහරාව නැවතුන තැන සමාජය ගොඩ නැගෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය සිත තුළ ඇතිවන නානාප්‍රකාර චෛතසිකයන් සක්‍රීය ක්‍රියාකාරීත්වයෙන් මුදවාගැනීම සමාධියයි. සමාධියේ ලක්ශණයන් වන්නේ නොවිසිරෙන බවයි. සමාධියේ රසය වන්නේ නොසන්සුන් බව නැති කිරීමයි. සමාධියේ පච්චුප්පටිඨානය නම් නොසැලීමයි. සමාධියේ පදට්ඨානය නම් සැපයයි.සමාධිය නොයෙක් අර්ථකතනයන් තුළ එහි ප්‍රභේදයදනයක් දැකිය හකිය. එනම් සමාධිය තුළ ගොඩනැගෙන සක්‍රිය ධර්මතාවයන් තුළ සමධිය ප්‍රබේද ගනී.

සමධිය එක් වැදෑරුමය. එනම් නොවිසිරී පවත්නා ගුණය එහි අති බැවිනි. සියළු ඉන්ද්‍රියන් තුළ සංඥා ආවේග අරමුණකට හසුවී නොවිසිරී පවතින්නේය.ඒ අර්ථයෙන් ගතහොත් සමධිය එක් ආකරයකි.

උපචාර සමධි වශයෙන් හා අර්පන සමධි වශයෙන් සමධිය දේයාකාර වේ.

ලෞකික සමාධිය, ලෝකෝත්තර සමාධි වශයෙන් දෙයාකාර වෙයි.

සප්පීතික සමාධිය, නිප්පීතික සමාධිය නමින් දෙයාකාර වෙයි.

සුභ සහගත සමාධි, උපේක්ෂා සහගත සමාධි නමින් දෙයාකාර වෙයි.

හීන සමාධි, මධ්‍යම සමාධි, ප්‍රණීත සමාධි වශයෙන් ත්‍රිවිධාකාරයෙන් ද,

සවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක විචාරමත්ත සමාධි, අවිතක්ක අවිචාර සමාධි ත්‍රිවිධාකාරයෙන් ද,

ප්‍රීති සහගත සමාධි, සුභ සහගත සමාධි, උපේක්ඛා සහගත සමාධි වශයෙන් ත්‍රිවිධාකාරයෙන්ද,

පරිත්ත සමාධි, මහග්ගත සමාධි, අප්පමාර්ග සමාධි නමින් ත්‍රිවිධාකාරය.

දුක්ඛා පටිපදා දන්ධාඤ්ඤ, දුක්ඛා පටිපදා චිප්පාභීඤ්ඤා, සුඛාපටිපදා චිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා වශයෙන්ද සතර ආකාරයකි.

පරිත්ත පරිත්තාරම්මණ, පරිත්ත අප්පමානරම්මන, අප්පමාන පරිත්තාරම්මන, පරිත්ත අප්පමානාම්මන වශයෙන් සතර ආකාරයකි.

ප්‍රථම ධ්‍යාන, දුතියජ්ඤාන, තෘතියජ්ඤාන චතුර්ත්ථ ජ්ඣාන වශයෙන් සතර ආකාරයකි.

හාන භාගිය, ඨිතිභාගිය, විශේෂ භාගිය, තිබ්බේධ භාගිය වශයෙන් සතර ආකාරයකි.

කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න වශයෙන් සතර ආකාරයකි.

ඡන්ද සමාධිය, උපේක්ෂා සමාධිය, විමංසා සමාධිය, වීරිය සමාධිය, වශයෙන් සතර ආකාරයකි.

ප්‍රතම ධ්‍යාන, දුතියජ්ඣාන, තෘතියජ්ඣාන, චතුර්ථජ්ඣාන වශයෙන් සමාධිය පස් වැදෑරුම්ය.

සමාධිය තුළ ධ්‍යාන සිත් ඇති කරගත් යෝගීයකු එහි සැපතට ඇලීම නිසා සමාධිය කිළුටු විය හැකි අතර එය ධ්‍යාන තල පරයා ඉහළ ධ්‍යාන තල වලට අධිෂ්ඨාන කරන යෝගියාගේ සමාධිය තවත් පිරිසිදු බවට පත්වෙයි.ලෝකෝත්තර සමාධිය වැඩිය යුත්තේ ලෞකික සමාජය තුළ ප්‍රඥාව මුවහත් කරගත් යෝගාවචරයා විසින් ය. එනම් කෝත්තර සමාධිය ප්‍රඥා සමාධිය නොහොත් විදර්ශනා සමාධියකි. ලෞකික සමාධිය වැඩිය යුතු යෝගාවචරයා තමන්ගේ සමාධි භාවනාවට හිරිහැර විය හැකි (පළිබෝධ) අංගයන්ගෙන් වෙන් වී තම සිත සමාධියට ගැනීම සඳහා වෙහෙස විය යුතුය. සමාධි භාවනාව සඳහා සසර පාරමී පූර්ණ කළ හා එහි සසර පුරුදු මතුකරගන්නට තරම් අධිගමලාභී නොවුන විටෙක බවුන් වඩන යහපත් කලණ මිතුරෙකු මගින් භාවනා කමටහන් ලබා ගනිමින් භාවනා කිරීම යෝග්‍ය කාරණාවකි. අප මහාබෝසතාණන් වහන්සේ අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත්, සත්ව ආත්ම භවයක ඉපදුනත් තමන්ගේ සිත තුල සිහිනයක් පරිද්දෙන් ගමන් කළ යුතු සමාධි මග මතුපිට සිහියට ලැබෙන ආකාරයෙන් ප්‍රඥාවක් ඇතිව ඉපදුනේ සසර පුරුද්දටම ය. බොහෝවිට පාරමී පුරන බෝසත්වරු සසර පුරුද්දට පළමුව අනුගමනය කරයි. දහම් මග කළ යුතු කාර්යය තම සිත තුළ ප්‍රඥාවේ ආලෝකය තුළ ම දර්ශනය කරගනී. බුදුවන බෝසත් වරයකුට තම ගුරුවරයා වන්නේ එබැවිනි.

මෙලොව බිහි වන ඕනෑම පුද්ගලයෙකු මිනිස්කු ලෙස ඉපදෙන්නේ කරුණු කිහිපයක් මුල්කොට ගනිමිනි. එනම්…

  • පාරමී පුරන බෝසත්වරු පාරමී පුරනය සඳහා පුරන කරන ලද බෝසත්වරු බුද්ධත්වය සඳහාත් මනුසත් ලොව ඉපදෙති.
  • දිව්‍ය, බ්‍රහ්ම තලවල එම ආයුෂ නිම වී මෙලොව ඉපදෙති.
  • නාග, යක්ෂ ලොව තුළ සිටියවුන් චුත්ව මිනිස් කුස තුළ පිළිසිදෙති.
  • භූත, ප්‍රේත භවයන්හි සත්වයින් මිනිස්ව උපදිමින් හෝ සත්ත්ව හෝ නිරයක සිටි තිරිසනුන් මිනිස් ලොව ඉපදිය හැකි ය.

එබැවින් මේ මිහිපිට ඉපදුන මේ හැම මිනිසා ළඟම නොයෙක් නොයෙක් ගති ලක්ෂණ පිහිටිය හැකිය. කලින් තමා ගෙවන ලද භවයේ ලක්ෂණයන් මෙලොව මිනිසකු, ගැහැනියක ලෙස තමා නොදැනීම ප්‍රකාශයට පත්විය හැකිය. එසේ සිටින පුද්ගලයන් තමන්ගේ ජීවිතයට ඇති දුක් ගැහැට නිසාම යෝගී දිවියකට හෝ මරණ දම් පුරන්නට සිත පොළඹවා ගන්නට බැරි නැත. ලෞකික ජීවිතයෙන් ඈත් වී බවුන් වඩනට උත්සාහ කරන ගිහි හෝ පැවිදි දෙපක්ෂයම අය සමීක්ෂණයට ලක් කළ හොත් 90% දෙනාම අද වන විට බවුන් වඩනට උත්සාහ කරන්නේ ජීවිතයේේ ඇති දුක් තමන්ට දරාගත නොහැකි නිසාමය. බවුන් වැඩිය යුත්තේ “නිවන්” ළඟා කර ගැනීමට උත්සාහ කළ යුත්තේ දුක දරාගැනීමට නොහැකි වූ විටදී නොවේ. එයට උත්සාහ කළ යුත්තේ දුක අවබෝධ කරගැනීමට ය. ඒ දුක මිනිසාට ලැබෙන හැටි සොයන්නටය. ඉපදීම, ජීවත්වීම, මියයාම ආදිය සියලු සත්වයන්ට දුකට හේතු වන කාරණාවක් බැවින් තමන්ට ද එය උරුම වන බව දැන ගනිමින් ඉන් මිදෙන්නට ය. මේ නිසාම බවුන් වඩන්නට පෙර තමන්ගේ චිත්ත චෛතසිකය මැනවින් ඔප් අවබෝධ කරගන්නට හැකියාව තිබිය යුතුය. එසේත් නැත්නම් ගුරුවරයාගේ අධීක්ෂණයට හසුවී තමන්ගේ භාවනා කමටහන තමන්ගේ චරිත්යට අනුව සමගාමී කරගත යුතුය. මෙය භාවනාවන්හි කඩඉම් පසු කිරීමට ඉතා වැදගත් අංගයකි. පුද්ගල සිතුවිලි ක්‍රියාකාරීත්වය මත කායික හැසිරීම් රටාව විනිවිද බලන විට පුද්ගල චරිත ය ආකාරයකින් විග්‍රහ කළ හැකිය. මෙය රාග චරිත, දෝස චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, විතර්ක චරිත නමින් ප්‍රචලිත ද භාවනා වහරෙහි පවතී.

මින් රාග චරිත මෙන්ම ශ්‍රද්ධා චරිතත්, විතර්ක චරිතත් ඇති යෝගාවචරයෝ පූර්ව ජන්මයන්හි සිදුකරන ලද යහපත් කුසල ක්‍රියාවන්හි “ප්‍රතිවිපාක” වශයෙන් දෙව් දෙව්ලොවින් චුතව මිනිස් ලොව ඉපදෙන්නේ ය. ඔවුන්ගේ ලක්ෂණ පහත සඳහන් ලෙස ගැලපුවත් ඒ සියල්ල ඔවුන් ළඟ තිබිය යුතු නොවේ. තමන් සසර ගමන් මග තුළ සිදු කළ බොහෝ යහපත් දෙයෙහි සේයාවන් මෙන්ම එම ගමන් මග තුල සිදු වූ යහපත් අයහපත් දේ වෙත්නම් ඒ අයහපත තුළ ගොනු වීමට ඇති හැකියාව අවම කර ගැනීමට මිනිස් සමාජය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගමින් සිටිය හැකිය. ඇතැම් විට සමාජය අයහපත දකින්නට ඔහුව නොරුස්නා විය හැකිය. රාග, ශ්‍රද්ධා, විතර්ක, චරිත චරිත් ඇති යෝගාවචරයන් ගේ චරිත ලක්ෂණ පොදුවේ ගත්කළ මෙසේ පිළිවෙල ගත කළ හැකිය. සෙම් අධික පුද්ගලයන්ය. ලෝභය බලවත් විය හැකිය. ගමන ප්‍රසන්නය, නිදන් විට නිවැරදි ඉරියව්වක නිදයි, ක්ෂණිකව නින්දෙන් පිබිදෙයි. නිදන විට මුව තුල සිනහවක සේයාවන් දැකිය හැකිය. මිදුල අමදින්නේ නම් පිළිවෙලට සෙමින් අමදියි. සැහැල්ලු ආහාර අනුභවයත්, අනුභව කරන විට සෙමෙන් අනුභව කරයි. සිත්කළු අරමුණු බලීමට ප්‍රිය කරයි. බලන දේ කෙරෙහි වශීඌවකු ලෙස බලයි. මානය, මායාව, උඩගුබව, ලද දෙයින් සතුටු නොවන බව, උත්සන්න කෙලෙස් ඇති බව, චතුර බව, චපල බව, නිතර සැරසී සිටීමට ප්‍රිය බව, අන් අය තම වසගයට ගැනීමට හැකි බව, කතාව, සිනහව, අන් අය ග්‍රහනයට ගැනීමට සමත් බව, ආදී චරිත ලක්ෂණයන්ය. මොවුන්ට සමදි භාවනව සඳහා වඩාත් උචිත වන්නේ ගරා වැටුනු, පිළිකුල් සහගත ආරාම, වෙහෙර විහාර ලෙන් ආදියයි.

කූර මින්සුන් සිටින ද්වේශයෙන් පිරුණු මිනිසුන් සිටින ස්ථාන මොවුන්ට භාවනාවට වඩාත් යෝග්‍යය. අදුරුපැහ අරමුණු ගැනීමටත් සක්මන් භාවනාව හෝ එක් තැන හිඳිමින් කරන භාවනාව මොවුන්ට වඩාත් උචිතය.

ද්වේශ චරිතයා හා බුද්ධ චරිතයා පෙර ජන්මයන්හි කලහ කරමින් එකිනෙකා කපා කොටා වෛර සිතින් ක්‍රියාකළ හේතු ප්‍රත්යයෙන් නාග ලොවින් හා නිරයෙන් පමිණි අයයි. මොවුන් ලඟ ද්වේශය පවතී. ඇවිදින විට පය තදින් තබමින් , ගස්සමින් ඇවිදියි. මිදුල අමදින විට දූවිලි අවුස්සමින් අමදියි. ඇඹුල්, කටුක ආහාර ප්‍රිය කරයි. අමිහිරි දේ දෙස බලා හිඳ වහා ඉවත බලයි. ක්‍රෝද බැඳගනී. කිසිවිටෙක අනුන්ගේ ගුන කීමට අකමැතිය. මොවුන්ට සුදුසු වන්නේ ඉතා සුවපහසු ආරාම වෙහෙර විහාරයි. සුවද හමන මල් ගොමු ඇති ස්ථාන වල පිරිසිදු පැහයෙන් යුත් කසින මොවුන්ට සුදුසුය. හිඳිමින් හෝ සැතපෙමින් කරන භාවනා මොවුන්ට සුදුසුය.

මෝහ චරිතයා සසර භවයන්හි දැඩි ලෙස මත්පැනට ඇබ්බැහි වූවෙකි. ධර්ම ශාස්ත්‍රයන් අනුගමනය නොකල, තෙරුවන් කෙරෙහි අප්‍රසාදව සිටි හා මිනිසත්ව සිටියත් කෘතිම සිහිවිකල්ලෝ ය. එසේ සිට තිරිසන් බව වල ඉපදී ඉන් චුතව මෙලොව මිනිස් කුස ඉපදුනේය. අරමුනක් නැති වැඩකටයුතු හා ඉබාගාතේ ඇවිදින රස්තියාදු ලීලාව මොවුන්ට ප්‍රිය ය. මුනින් අතට නිදයි. කරන වැඩ සියල්ල අවුල්ය. ඕනැම දෙයක් අනුභව කරයි. බොහෝ ලෙස අනුභව කරයි. අනුන්ගේ මතකයක් හැර තමන්ගේ එක මතකයක් නැත. නින්දෙන් පිබිදෙන්නී දකින්නාටත් අප්‍රසන්න කම්මැලි බැවිනි. සැකය, මිත්තාව දැඩි ලෙස සිතෙහි වෙයි. විශාල ලෙස සකසන ලද කසිනයක් සමාදියට සුදුසුයි. ඉරියව්ව සක්මන් භාවනාවක් කොට ගන්නේ නම් ඉතා සාර්ථකයි.

ඉහත දැක්වූ ආකාරයට පුද්ගල සිත හොඳින් හඳුනා ගනිමින් සමාධිය සඳහා සූදානම් වන යෝගාවචරයා සමධිය තුළ ගොඩ නගා ගන්නා දැහැනත්, දැහැන තුළ ගොඩනඟා ගන්නා ධ්‍යානංගත්, ඒ තුළ ගොඩනගා ගන්නවා ප්‍රඥාවේ ආලෝකයෙන් අභිඥාවන්හි කෙළ පැමිණෙමින් මග පල අවබෝධ කටයුතු සිද්ධ කරගත යුතුය. සමධිය තුළදී පසිඳුරන්හි ක්‍රියාකාරී බව සක්‍රීය ලෙස පානලනය කර ගැනීමත් ඒ තුළ තම සිතින් කයෙහි ක්‍රියාකාරිත්වය හා බැඳීම අවබෝධ කරගනී. එවිට ඇතිවන්නේ දැහනයි. සිතින් කය ක්‍රියාත්මක වන ආකාරය දකින යෝගියා සතර මහා භූතයන්ගේ සමමිග්‍රහනය තුළ සැකසුනු කය අවබෝද කර ගනී.

ධ්‍යානයට ගමන් කරන යෝගියා අවස්ථා සතරකදී සිතින් සිතෙහි ක්‍රියාකාරීත්වය දකී. රූපයේ අවබෝදය තුළ “නාම” යේ සක්‍රිය අවබූදය දැනෙන්නේ මෙතැනදීය. එවිට අති වන ශූක්ශම තත්වය සිත තුල ගොඩ නැගෙන විශ්මය බලය පලමුව අනේත්‍ර දෘශ්ඨිය, අකර්ණ ශ්‍රවණය තුළ ක්‍රියාත්මක වෙමින් විශ්ව යථාර්තය අවබෝධ කර ගැනීමේ මාර්ගයට පිවිසෙයි. සතර මග සතර ඵලයන් දක්වා ගමන් කරන්නේ මේ ආකාරයෙනි. ඇතැම් විට සසර පාරමී කරමින් පැවති අධිගමලාභී තත්වයෙහි පිරිපුන් අයකු නම් මෙම සමදියේ සිට මගඵල දක්වා ලංවිමට ක්ෂනයක්ද ප්‍රමාණවත් විය හැකිය. නමුත් ප්‍රමාධිතයා දැඩි උත්සාහයක නියුක්තව සිටියත් සමදියක් හෝ ළන්කර ගන්නේ. ආයාසයෙන් විය හැකිය. බුදුන් වහන්සේ කෙනෙකුගේ ධම් සභාමණ්ඩපය දක්වා බෝසත් ගමන් මග කප් ලක්ෂයක් පුරවා ගත් ශ්‍රාවකයා ඒ උතුම් බුදුන් වහන්සේගේ රූපශ්‍රීය දුටුවත්, එක වචනයකින් ආමණ්ත්‍රනය කරන විට හෝ ගාථාවක් සූත්ත්‍රයක් දේශනා කරන විටදී පවා රහත් බෝධිය ලබා ගන්නේ එබැවිනි. නමුත් ප්‍රමාදිතයා අදත් උත්සාහ කරයි. ප්‍රතිඵලය ඇත්තේ උත්සාහය අධිශ්ඨානය තුළයි. ධර්මය වැරදි ලෙස අනුගමනය කිරීමත්, රහත් වූ උතුමකු තමන්ගේ මග පිලිවෙළ ලියා ඇති සැටියෙන් අන් අයත් ඒ ලෙසම ක්‍රියාකිරීමේ හේතුවත්, බවුන් වැඩිය යුත්තේ ඇයිද, යන්න අනවබෝදයෙන් බවුන් වැඩීමත් මත හැර නිවන ප්‍රමාද වන්නට වෙනත් හේතුවක නැත්තේය. කෙනෙක් දෙවියකු වී පසුව “නිවන” දැකිය යුතුබව උගන්වද්දී තව කෙනෙකු මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට උගන්වයි. ඒ ලබාගත් මේ මිනිසත් භවයේ වටිනාකම නොදන්නා බැවිණි. පිනි කරන්නට කියා දේ. දෙවුලොව යන්නට ප්‍රාර්ථනා කරවයි. කුසල් රැස්කරන පිළිවෙල කියා නොදෙයි. සමාදියක් හෝ ගොඩන ගන්නට බැරි ධර්මයෝ “නිවන” ට මග ලියා පෙන්වති. කිසිවක් නොදත් උපාසකයා ඒ තුළ ගොණුවේ. හාවා කොහොල්ලෑ බබාට පහර දී මෙල්ල කල ආකාරයට සිත මෙල්ල කරන්නට උත්සාහ කරයි.

එබැවිත්, පසු නොබසින්න. ගෞතම බෝසතුන් පාරමී පුරන කාලයේ ඇස්, ඉස් දන් දුන් ප්‍රමානයට වඩා ඔබ දන්දී ඇති. ඇඟ, ලේ, මස් දන්දී ඇත. ඔබ අන්යායෙන් දන්දෙද්දී බෝසතුන් උතුම් ප්‍රාර්ථනාවකින් එය කළ බව පමණක් ඔබ සමග වෙනස් වෙයි. ඒ නිසාම ඔබ කළ යුත්තේ කුමක්ද? නොදැන මිරිඟු පසුපස ගමන් කරයි.

දහම දකින්නට විදින්නට නම් සමධිය තුළ චිත්ත විශුද්ධිය ඇති කරගත යුතුමය.

ඒ සදහා සුමග සමාදි අසපුව ඔබට විවෘතයි.

සුදු ඇදුම් අදින, පරාර්ථකාමී බව අගයන, සැබෑ ලෙස දහම් මග දකින්නට උවමනාව ඇති අයට විනා ….. සිරි නරඹන්නට හෝ කැරොල් ඇදුමින් සැරසුන අයට නොවේ.

පාරමීපුරන බෝසතාණෝ සමන් කංකානම්ගේ

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *