වච්ජ
පරිබ්‍රජකයෙක් බුදුන් වහන්සේ අසලට පැමිණි ඔහු ප්‍රශ්නයක් ඇසුවා.
වච්ජ :- ගෞතමයන් වහන්ස, රහත් උත්තමයකු නැවත උපදින්නේ කොහිද?
බුදුන් වහන්සේ :- වච්ජ, උන්වහන්සේ නැවත උපදිනවා සිතීම වැරදිය.
වච්ජ :- එසේ නම් ගෞතමයන් වහන්ස උන්වහන්සේ නැවත උපදින්නේ නැත.
බුදුන් වහන්සේ :- වච්ජ, උන්වහන්සේ උපදින්නේ නැතැයි කීමද ගැලපෙන්නේ නැත.
වච්ජ :- එසේ නම් උන්වහන්සේ උපදියි, නූපදියි.
බුදුන් වහන්සේ :- වච්ජ, උන්වහන්සේ උපදියි, නූපදියි කීවද ගැලපෙන්නේ නැත.
වච්ජ :- එසේ නම් ගෞතමයන් වහන්ස උපදින්නේ නැත. නූපදින්නේත් නැත.
බුදුන් වහන්සේ :- එසේ කීමද ගැලපෙන්නේ නැත.( දැන් “වච්ජ ” ප්‍රශ්නයක )
වච්ජ :- ගෞතමයන් වහන්ස, මේ ගැන මට කිසිවක් සිතාගත නොහැක. මම වඩාත් ප්‍රශ්නයක.
බුදුන් වහන්සේ :- වච්ජ, මේ ගැන සිතා ප්‍රශ්නයක් ඇති කර නොගන්න. මේ ධර්මය ගැඹුරුය. අවබොර්ධය දුශ්කරය, නිර්මලය, ප්‍රණීතය, සියුම්ය, ප්‍රඥාවන්තයින්ට ගෝචරය, අන්ය ඩෘෂ්ඨික, අන්ය මානසික රටාවක පිහිටා සිටින බව වැන්නෙකුට තේරුම්ගත නොහැක. එම නිසා මා ඔබෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.
බුදුන් වහන්සේ :- වච්ජ, ඔබ ඉදිරියේ ගින්නක් දැල්වුවොත් මා ඉදිරියේ ගින්නක් දැල්වෙනවා යැයි තේරුම් ගන්නට ඔබට හැකිද?
වච්ජ :- එසේය. මා ඉදිරියේ ගින්නක් ඇති විට එය මා හට තේරුම් ගත හැකිය.
බුදුන් වහන්සේ :- වච්ජ, ඔබ ඉදිරියේ දැල්වෙන ගින්න, කවර හේතුවකින් මෙසේ දැල්වෙනවාදැ යි ඇසුවොත් ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
වච්ජ :- දර හෝ පරඬැල් හේතුවෙන් මේ ගින්න දැල්වෙන බව මා පවසමි.
බුදුන් වහන්සේ :- වච්ජ, ඒ ගින්න නිවී ගියොත් ඔබ එය නිවී ගියාදැයි තේරුම් ගන්නවාද?
වච්ජ :- එසේය ගෞතමයන් වහන්ස. මම එය තේරුම් ගනිමි.
බුදුන් වහන්සේ :- වච්ජ, දැන් කවුරු හෝ ඇසුවොත් ඒ ගින්න කුමන දිශවකට ගමන් කළාද කියා ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
වච්ජ :- දැන් එය ගැලපෙන්නේ නැත. බුදුන් වහන්ස, ගින්න දැල්වුනේ පරඬැල හ දර මතින් නම් එම එන්ධනය නිම වූ පසු හෝ පෝෂණය නිම වූ පසු ගින්න නිවී යයි කියයි.
බුදුන් වහන්සේ :- වච්ජ, ඒ ආකාරයෙන්ම උපාදානස්කන්ධ පංචකය අත්හල විට නැවත හටගැනීමක් නොවෙයි. පංචස්කන්ධයෙ වෙන්වූ රහත් උතුමා ගැඹුරු ය. මහ මුහුද මෙන් අසීමිතය. උන්වහන්සේ උපන්නා කීවත්, නූපන්නා කීවත් උපන්නේ හූ නූපන්නේ නීමවත්, උපන්නේ නැත කීමවත් නොගැලපේ. පුනර්භවය ඇතිකර සියලු ක්ලේෂයෝ උදුරා දැමූ රහතන් වහන්සේ පුනර්භවය නොලබයි. ඔබත් හොඳින් තේරුම් ගන්න.