බුදු දහම අනුව සිතන්නට යමක්

බුදු දහම අනුව සිතන්නට යමක්
  • බුදු දහමේ පරම ඥාතියා – විශ්වාසය යි.
  • බුදු දහම අනුව පරම ලාභය – නීරෝගී බව යි.
  • බුදු දහම අනුව පරම ධනය – සතුට යි.
  • බුදු දහම අනුව පරම දානය – ධර්ම දානය යි.
  • බුදු දහම අනුව පරම රසය – ධර්ම රසය යි.
  • බුදු දහම අනුව පරම සුවය – නිවන් සුවය යි.
  • මනුෂ්‍යත්වයේ නෙත් දෙක – කරුණාව හා මෙත් සිත යි.
  • බෞද්ධකමින් මිස බෞද්ධ නමින් ඇති ඵලය කුමක්ද?
  • දහමින් තොර ජීවිතය සුවද නැති මලක් මෙනි.
  • සිල්වත් ජීවිතය මී අඹ උයනකි. දුසිල් ජීවිතය සොහොන් බිමයි.
  • ප්‍රතිපත්තියෙන් තොර ජීවිතය මල් ගෙඩි නැති කණාටු ගසක් මෙනි.
  • අප ලබා ඇති අලංකාර රූපය සිත්තමින් ඔප කළ වසුරු බදුනකි.
  • අප ලජ්ජා විය යුත්තේ භය විය යුත්තේ පව්කම් කිරීමටයි.
  • බුද්ධ ශාසනයේ සිටි වැඩිම වයස්ගත හාමුදුරුවෝ නම් “හක්කුළ” හාමුදුරුවෝය. (ආයුෂ 160 වසරකි)
  • බුදු රදුන් ජීවමානව සිටියදී ම අපාගත වූ තැනැත්තෝ දෙව්දත්තර, සුප්ප්‍රබුද්ධ රජු, චිංචිමානවිකාව, උප්පලවණ්ණා රහත් තෙරණිය දූෂණය කළ “භාගිනෙය්‍ය නන්ද”
  • නියම බෞද්ධයකු තුළ තිබිය යුත්තේ “අචල ශ්‍රද්ධාව” යි.
  • බෞද්ධයකු තුළ නොතිබිය යුත්තේ බුද්ධාදී අටතැන්හි සැකයයි.
  • බුදු දහමේ හරය අනුව ක්ෂය කළ යුතු වන්නේ “තණ්හාව” යි. පිළිකුල් කටයුතු වන්නේ “රුපය” යි. වැඩිය යුතු වන්නේ “විදර්ශනා භාවනාව” යි. පරමාර්ථය විය යුත්තේ “නිවන” යි.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *