අපේ අයම ලෝකය විනාශ කර ගනී.

අපේ අයම ලෝකය විනාශ කර ගනී.

1912 මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යත් ප්‍රංශයත් අතර ගැටුමක් උත්සන්න වුණා. ඒ අතරේ බොස්නියාවත්, හර්සිගොවිනා රාජ්‍යත් පිළිබද ගැටලුවකදී ඔස්ට්‍රියාවත්, බංගේරියාවත් ගැටුමකට මුල පිරුවා… සිදු වුණේ කුමක්ද… පළමුවෙනි ලෝක මහා සංග්‍රාමය සිද්ධ වුණා. අන්තිමේ මිනිසුන් දහස් ගණනකගේ ජීවිත ලොවට අහිමි කළේ අන්ධයින්, කොරුන් බිහි කරමිනි.

1945දී ඇමරිකාවත්, ජපානයත් ගැටුමක් ඇති කර ගත්තා. ලෝකයේ රටවල් වැඩි හරියක් එහි ගොදුරු බවට පත් වුණා. කොළඹ වරායට බෝම්බ හෙළීම ලංකාවාසීන්ගේද පීඩාවට හේතු වුණා. අවසානයේ ජපානයට හෙලූ පරමාණු බෝම්බය ජීවිත ලක්ෂ ගණනාවක් බිළි ගත්තා. අදටත් එහි අතුරු විපාක ජපානයේ හිරෝෂිමා නාගසාකී නගර වල පවතිනවා.

දැන් ලෝකය දෙස බලන්න ඇමරිකාව සමග බලවත් වූ රටවල් කිහිපයක් ලිබියාව, ඇෆ්ගනිස්තානය, ඉරාකය බිළි ගත්තා. දහස් ගණන් වැසියන් මරණයට පත් කළා. සිරියාව දැන් යකාගේ දත් අතරේ… ඊශ්‍රායලයත්… අතර දරුණු සටන් අතරේ මිනිස් ජීවිත විනාශ වෙමින් පවතී. අප්‍රිකා මහද්වීපයේ සූඩානය, නිකරගුවා, සෝමාලිය ආදී රටවල් තම තමන්ගේම රටවල් තුළම එකිනෙකා මරා ගන්නවා. ඇමරිකාව මේ සියල්ලන්ගෙන් තමන්ට වාසි පැත්තට සහයෝගය දෙමින් ගින්නට පුළුන් දමමින් සිටිනවා. ඒ අතරේ ඇමරිකාවත් ඉරානයත් දරුණුම යුද්ධ උණුසුමක පැටලී සිටිනවා. මේ හැම දේකම අවසාන ප්‍රථිඵලය සමස්ථයක් ලෙස සලකන්න. එකවර විනාශ වන්නට ලෝකයක් ඉතිරි වි තිබේද? ටිකෙන් ටික ආර්ථික, දේශපාලනික, සමාජීය, අනන්‍යයතාවය විනාශ වෙමින් පවතින විට තව තවත් විනාශ වන්නට ඉතිරි වී තිබෙන්නේ මොනවාද? නොබෝ දිනකින් ඇමරිකාවට එරෙහිව නොයෙක් රටවල් දැඩි ප්‍රතිපත්තියේ කටයුතු කළහොත්… ලෝකය පුරාම න්‍යෂ්ටික අවි පිපිරීමට ලක් වුවහොත් අපේ විනාශය අපිම ඇති කරගන්නවා නොවේද? දියුණු ශ්‍රාස්ත්‍රයකට හිමිකම් කී මායාවරුන්ට වැරදී නැත. ඉර හද ග්‍රහලෝක සහිත මේ සක්වලෙහි අපගේ අනන්‍යතා ක්ෂේත්‍රය අපම විනාශ කර ගනිද්දී… ඉන් ඔබ්බට ලෝකය ගැන මායාවරුන් කුමක් ලියා තබන්නද? නොලියා සිටිනවා හැර…

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *