ආලෝකය හා බැදි විශ්ව නීතිය

පොදු ධර්මතාවයකි ආලෝකය, මනුෂ්‍යයින් වශයෙන් අප සාකච්ඡාවට බදුන් කළ යුතු දෙයකි, නීරෝගි සුවතාවය. එය සම තත්ත්වයකින් රැක ගැනීම සදහා ප්‍රධාන බාධකය වන ලෙඩ දුක් වශයෙන් අප හදුන්වන ක්‍රියාවලිය ඉතාමත් සුවිශේෂී බව විශේෂයෙන්ම අවධාරණය කළ යුතු වෙනවා. ඒවාගේම අපගේ අධ්‍යාත්මික යේ ඒකරාශී වී පවතින අදුරු වළාපටල ඉවත්කිරීම සදහාම මෙම ක්‍රියාවලිය ඒකාබද්ධ වී පවතිනවා. අපගේ නොයෙකුත් ක්‍රියාකාරකම් තුළින් රැස් කරගන්නා විෂ, උරුමයෙන් ලබා ගන්නා විෂ, පාරිසරිකයෙන් ලබාගන්නා විෂ යනාදිය කුමකින් හෝ කුමන ආකාරයකින් වුවද ඇතිවෙන භෛතික ශරීරය තුළ දුබල කරවන විෂ ඉවත් කළ යුතු වෙනවා. අපගේ ශරීරගත වී තිබෙන මෙම විෂ ස්වභාවිකව ඉවත් කිරීමේදී යම් අපහසුතාවයක්, රෝගී තත්වයන් වැනි අප්‍රසන්න හැගීමක් ඇති වෙනවා.

අලුත් යුගයේ ආරම්භයත් සමගම ප්‍රබල වන ආලෝක‍යෙන් භාවනාවෙන් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් සැලකිය යුතු මට්ටමකින් තීව්‍ර වී තිබෙනවා. භාවනාවෙන් (ආලෝක කසිනය) අරමුණක් වෙත සිත යොමු කරමින් අධ්‍යාත්මය පිරිසිදු කිරීම තුළින් අධ්‍යාත්මික කම්පන තරංග ඉහළට පත් කරවාගෙන ඒ මගින් අධ්‍යාත්මික අදුරු වළාපටල ඉතාමත් සාර්ථක ලෙස ඉවත්වන බව දන්වමි. මේ හේතුව නිසා අපට අත්විදීමට සිදුවන දරුණු විශෝධනකාරී තත්වයන් වෙනස් කරමින් තමා ඉදිරියේ ප්‍රබල වෙන ආලෝක කාලය තුළදී සිදුවන බරපතල ක්ෂණික විශෝධන ක්‍රියාවලියට මුහුණ දීම වලක්වා ගැනීමට අවස්ථාව උදාවනවා.

උදාවන නව යුගයේ දී ලැබෙන ආලෝකය දිවා කාලයේදී සැඩ හිරු රැස් මෙන් කෙළින්ම පවතින බැවින් සෑම මිනිසෙකුටම සෑම ක්ෂේත්‍රයකටම විශෝධනයක් සිදු වෙනවා. සිදු වීමටපටන් ගන්නවා.එසේම ඒවා බරපතල අන්දමින් සිදු වෙනවා මෙන්ම සැග වී ඇති අසත්‍ය අපිරිසිදු ක්‍රියාවන් එළි දැක්වීම සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීම සිදු වෙනවා. ලෙඩ දුක් බොහෝ ලෙස වැඩි වී ස්වභාවික විපත් , හදිසි අනතුරු, මූල්‍යමය අර්බුදකාරී තත්වයන් මතු වෙනවා. සෑම ආකාරයකින්ම සිදුවෙන මෙම පිරිසිදු කිරීමේ (ආලෝකය මගින්) ක්‍රියාවලිය සත්වයාට, මිනිසාට මෙන්ම ග්‍රහලෝකයන්ටද බලපාන බව සත්‍යයකි. තම අධ්‍යාත්මිකය යම් යහපත් මට්ටමකට අදුරු වළාපටල පිරිසිදු කර නොගත් අයට එම හේතුවෙන් ම මහත් විපතකට පත් වීම, විපතකට ගොදුරු වීම වැළැක්විය නොහැකිය. එය අප හමුවේ සෑම සංසිද්ධියක් තුළින්ම ආලෝකය සමානාත්මක නීතියක් තුළින්, සමානාත්මක නීතියක් මත පාලනය වනු ඇත. අනර්ථකාරී වළාපටල හෝ කම්පන තරංග විශ්වයට මුසු වී ඒකරාශී වනවිට ඒවා පිරිසිදු කිරීම සදහා ස්වභාවධර්මයේ නීතිය ක්‍රියාත්මක වීමද ආරම්භ වනවා ඇත. ඒ අනුව සිදුවන සෑම සංසිද්ධියක්ම භෞතික ශරීරයේ ආබාධිත තත්වයන්ට පමණක් අදාල නොවන අතර එයට එයට අවාසනාවන්ත සිදුවීම්, දුක් වේදනාවන්, හදිසි අනතුරු, ස්වභාවික විපත් ආදී සිදුවීම් ද ඇතුලත් වෙනවා. මේවා ඉබේටම සිදුවන ක්‍රියාවලියක් ලෙස අප සිතුවත් එය එසේ නොවන අතර මිනිසාගේ සිතුම්පැතුම් අතරතුර ක්‍රියාවන් නිසා සිදුකරගන්නා බවද වටහා ගත යුතුය. එය වැදගත් වේ. අප මේ තත්වය හොදින් වටහා ගතහොත් තේරුම් ගතහොත් අවාසනාවන්ත භාවයේ හේතුව අප තුළින්ම සොයා ගත හැකි වෙනවා.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට අප හඩා වැටෙනවාට වඩා හොදින් තේරුම් ගත යුත්තේ මේවා ඇති වීමට හේතු සාධක අප විසින්ම නිර්මාණය කරගන්නා නිසා තවත් කෙනෙකුට දොස් පැවරීමට හැකියාවක් නැති බවයි. බොහොමයක් මිනිසුන් තම නොදන්නාකම නිසා දරණ මතය නම් මේ සියලු ව්‍යසනයන්ට හේතුව අනෙක් අයගේ වැරදි ක්‍රියාකලාප නිසා සිදුවන බවයි. තමන් කරන වැරදි අමතක කරමින් එම වරද ස්වභාවධර්මයාට, සමාජයට පවරයි. මෙය අති මහත් දුර්භාග්‍ය කරුණක් ලෙසින් පෙන්වා දිය හැකිය. මෙලෙස සිතද්දී තමන් කරන වැරදි තේරුම් ගෙන තම තමන් වැරදි ක්‍රියාකාරකම් තුළින් තව තවත් දුර්භාග්‍යයන් කරා ඇද වැටෙමින් අදුරු වළාපටල හෙවත් විෂ රැස් කරගනී. එමගින් අධ්‍යාත්මික ප්‍රතිවිපාක අත්විදීමද වැළැක්විය නොහැක. මෙය සත්‍යයකි. අපගේ අවාසනාවන්ත භාවයට හා වද වේදනා විදීමට සිදු වී ඇති සත්‍ය හේතු සොයා ගැනීම සදහා අඥාණ වීම තුළින් මෙම නපුරු චක්‍රයේ දිගින් දිගටම රැදී සිටීමට සිදු වේ. අධ්‍යාත්මය අවශ්‍ය ප්‍රමාණයට පිරිසිදු කරගන්නා තෙක් මෙම ක්‍රියාව ද සිදු වේ. මේ නිසා මෙම තත්වය වටහා ගෙන මෙම සියලුම ලෙඩ රෝග, ශරීරයන්හි අපහසුතා, දුක් වේදනාවන් හදුනාගෙන හේතුවත් ඵලයක් දැනගතහොත්, විශ්ව ශක්තිය ගොඩ නැගීමට ආලෝකයත් මහත් සේ රුකුලක් වනු ඇත. උදව් දෙනු ඇත.

සැමට බුදු සරණයි !
සුවාරපොළ බෝගහලන්දෙවත්තේ ලතා සරණි සීල මාතාව.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *