ඇයි අපිට ඇස් දෙකක් එක් නාසයක් කන් දෙකක් එක කටක්…

ඇයි අපිට ඇස් දෙකක්

ඇත්තටම පුදුමයි නේද?

වෙලාවකට හිතෙන්නෙම නැද්ද ස්වභාව දහමට ඇතිවෙච්ච අත්වැරදීමකින් මිනිස් සත්වයා නිර්මාණය වූ බව …

අපිට ඇස් දෙකක්… ඒකත් හිසේ උඩින්ම පිහිටල තියෙන්නෙ. පුංචි තැනක තියෙන දෙයක්. හිස ඔබන්න බැරි තැනක තියන දෙයක් කොහොම බලන්නද? අඩුතරමේ මේ ඇස් දෙක ඇගිලි දෙකක මුදුනේ තිබුණා නම්… අවශ්‍ය තැනට හරවල, උස්සල බලාගන්නත් තිබුණා. ඒ වගේම බලන්නකෝ නාසය… හොද දෙයක් හරි නරක දෙයක් හරි ආඝ්‍රාහණය කරන්න හදන කොටම කටගාවට ගන්න වෙනවනේ. අනික හොටු දියර ටික සෙම්ප්‍රතිශ්‍යාව වෙලාවට කටටමනේ බේරෙන්න හදන්නේ.කටට උඩින් නාසය තියන හින්ද කොච්චර ආස කරන දේක වුනත් පිළුණු ගද, පුස්ගද, කුණු ගද නාසයට එනවමනේ… ඉතින් කන්න වෙන්නෙත් නෑ. ඒ වගේද බලන්නකෝ කට තියෙන තැන… බඩ තියෙන්නෙ පහළ කොටසේ.කට තියෙන්නේ ඉහළ කොටසේ.බත් පිගාන අතට ගත්තම යාරයක් විතර අත උස්සන්න ඕන ඒක බඩට දමාගන්න. මේ කට බඩ කිට්ටුවෙන්ම තිබුණ නම් කොච්චර අගේද නේද? මහන්සි වෙන්නෙ නැතිව උකුල උඩ තියාගෙන ඕන දෙයක් කටට දාන්න තිබුණනොවැ නේද? කන් දෙකත් එහෙමයි. දෙකක්ම තිබුනට වැඩක් නෑ. දෙපැත්තෙන්නෙ ඇහෙන්නෙ. මොහොතකට හරි ඇහුන්කන් දෙන්නේ කොහොමද එක කනයිනෙ හරවන්න පුළුවන්. අනික අනිත් පැත්තේ. එක්කෝ මේ දෙක එකලග තියෙන්න ඕන. මාර ප්‍රශ්ණයක් තමයි.

ඇත්තටම ඇයි අපිට ඇස් දෙකක්. ඒකත් ශරීරයේ ඉහළින්ම පිහිටලයි තියෙන්නේ. ඔව් ඒ තමයි මිනිසාට ලැබුණු වටිනාම තෑග්ග. මිනිස් සම්භවයට නෑකම් කියන සතුන්ට (වානර) හැර අනෙක් හැම සතාම පාද දෙකකින් සිට ගතහොත්  ඇස් දෙක අහස දිහා බලාගෙනයි පිහිටලා තියෙන්නෙ. උන්ට කෙලින් වටපිට බලන්න නම් පාද හතරෙන් ඉන්නම ඕනා ඒත් මිනිසා කෙළින් සිට ගත් විට ඇස් ඉදිරියට, වටපිටට යොමුකරන්න පුළුවන්. ඒ වගේද? ඇස් 2ක්ම තියන නිසත් උඩින්ම තියෙන නිසත් ඈත බලන්න පුළුවන් වඩා හොදින් බලන්න පුළුවන්.එක කනකින් ඇහෙන නිසා අනවශ්‍ය දේ අනිත් නාසා ඉන්නත් පිට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕනනම් අහන්න නැත්නම් නොඅසා ඉන්නත් පුළුවන්. නාසය හරිමැද… දැක්ක හැමදේම කටට දමා ගන්නවාට බාධා කරන්නේ නාසය. දැක්ක හැමදේම කියවන එකට බාධා කරන්නෙත් නාසය ඇයි… මට වැරදුණා කියලා හිතුවද? නාසට ඇතුලේ තියෙනවා රසාත්මක ග්‍රන්ථියක්. ඉව දැනෙන්නේ ඒකට. සතුනට නම් මේක හොදට උත්තේජනය වෙනවා. දකින දකින දේ අහන අහන දේ කටින් පිට කරන්නේ ඉවක් බවක් නැතිව ඇත්තටම මේ රස ග්‍රන්ථිය අප්‍රාණික අය මෝඩකම (මෝහය) වැඩි වුණාම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ.

ස්වභාවයෙන්ම අපට හිමිවෙලා තියෙන්නේ එක කටයි.හපොයි… කටවල් දෙකක් තිබුණ නම් මිනිසා… වදවීමේ ගණයට වැටෙනවමයි. එක කටකින් මෙච්චර විනාසයක් කරන එකේ. ඒත් හිතන්න මෙහෙම. අපිට එක කටක් තියෙන්නේ අඩුවෙන් කතා කරන්න ඕන නිසා.ඒ කියන්නේ ඇස් දෙකෙන් හොදට බලන්න ඕන. ඇසත්, රූපයත්, සිතත් එකතැන් වුණාම අපිට යමක් පෙනෙන ඥාණයක් බිහිවෙනවා.මේ පෙනෙන දේ අපේ සිත ඇතුලේ මිමිණෙනවා.ඒ කලින් අත්දැකීම් එක්ක.ඒ මුමුණන දේ අපේ කර්ණ විඥ්ඥාණය එහෙමත් නැතිනම් ඝෝණ විඥ්ඥාණයට ඇහෙනවා.ඒකට තෘෂ්ණාව ඇති කර ගැනීම හෝ නොගැනීම ඇතිවන්නේ අනික් කනින් එක පිට වෙන්නට ඉඩ නොහැරියොත්. මේක නැවත නැවත  විදින්න උත්සාහ කළහොත් දන්නවද? වෙන්නේ කුමක්ද කියලා….? අපේ කට දැන් ක්‍රියාත්මක වෙන්න ගන්නවා.වචන මුමුණන්න ගන්නවා. ඉතින් වැඩියෙන් බලලා. නාසය, කන තුළින් අඩුවෙන් විදලා, අඩුවෙන් කතා කරන්නයි අපිට එක කටක් දීලා තියෙන්නේ.ඒ කටත් එක්ක ඒ එක කට… තොර තෝංචියක් නැතිව පාවිච්චි කරන ඔබේ… සිතට අවසානයේ කාගේ නම් පිහිටද?… ඒත් දන්නවද?… මේ ඇසත් කනත් නාසයත් කටත් (දිව) තියෙන්නෙ බෙල්ලෙන් උඩ.මොළයට ළගින්ම තියාගෙන… ඉතින් ඔබ මේ ඉදුරන් සමග ස්පර්ශ කරන රූප, ශබ්ද, ගන්ධ, රසයන් ඔබට තෘෂ්ණාව තුළ බැදගන්නවාමයි. ඉන් මිදෙන්නට නොහැකි නම්…. මේ නොහික්මුණු තෘෂ්ණාව අපාදොර දක්වාම ඔබව ඇද ගෙන යනවාමයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *