අගලකින් තුන් කෝටියකින් එකයි බුදු දහමට ද අභියෝග කරයි.

අගලකින් තුන් කෝටියකින් එකයි බුදු දහමට ද අභියෝග කරයි.

ජානය” ජීව රසායනික ක්‍රියාවලියක විද්‍යාත්මක සොයාගැනීමයි. අගල ක් දිග අගලක් පළල, අගලක් උස යම් ඝනකයක් තුළ ජාන තුන්කෝටියක් ඇසිරිය හැකිය. ඒ ඔබේ අපේ හැම කෙනෙකුගේ ම ශරීරයේ විනාශයට වෙනසට බලපාන විද්‍යාත්මක සොයාගැනීමයි.

මිනිසුන් අතර ඇතිවන අසමානතාවයට හේතුවන විවිධත්වය හේතුවන ප්‍රත්‍ය කරුණු විග්‍රහ කිරීමට නවීන විද්‍යාව මෙම ජාන තාක්ෂණය උපයෝගී කරගනී. ඒ අනුව සියල්ල විසදන්නට උත්සාහ කරයි. මව්පියන්ගේ ජාන දරුවන් කරා ගමන් කරමින් “ආරය” අනුව දරුවන්ගේ ගති ස්වභාවය තීරණය වන්නේය යන්න නිර්ණය කරමින් මිනිස් සත්වයා යනු ජීව රසායනික ක්‍රියාවලියක් බව ඔප්පු කරන්නට ඔවුන් මහත් පරිශ්‍රමයක් දරයි.

“ජුලියන් හක්ස්ලි” සුප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු මෙසේ සදහන් කරයි. සමහර ජාන වර්ණද තවත් සමහර ජාන උස හා බරද සවිබල හෝ හැඩරුව ද පරිමාව නිශ්චය කරයි.සමහර විට සියලුම හෝ නියතයෙන්ම බොහෝ ප්‍රවේණි ලක්ෂණ ජාන මගින්ම තීරණය කරයි. මානසික ලක්ෂණ සම්බන්ධව නියත ලෙස එසේ සහතික කරකීම අපහසුය. එහෙත් ඒවා ආරයෙන් ලැබේ යැයි කීමට  බොහෝ සාධක පවතී.කායික ස්වභාවයෙන් පිට වෙනත් කිසිම ක්‍රමයකින් ඒවා ලැබේතැයි කීමට වෙනත් කරුණු නැත. අප විසින් උරුම කරගෙන ඇති කායික හා පෞර්ෂතා විශේෂ ලක්ෂණ සංසේචන අවස්ථාවේදී අප දල ජාන නම් වූ සංයුක්‍ත බල කෝෂය (Assorted Battery of genes) මතම රදා පවතී.

විද්‍යාඥයන් මේ ඉදිරිපත් කරන තර්ක තුළ පවතින්නේ කය හා නාමය තුළ පවතින ක්‍රියාවලියද? රූප කලාපයක ක්‍රියාදාමද? නැත. විද්‍යාඥයන්ට වැරදී ඇති තැනද එතනය. පදාර්ථ සතරකින් සමන්විත වූ (පඨවි,ආපෝ, තේජෝ, වායූ) මූලධාතුව රූප කලාපයකි.එහි රූපයේ ප්‍රවෘත්තිය සැගවී පවතී.එය මනස තුළ ඇති කරගන්නා අති ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයකින් විනා කෙසේ සොයා ගන්නද?

“කර්මය” යනු චර්යාව පිළිබදව බුදු දහම තුළ සමාලෝචනය වන හේතු ඵල විභාහයයි. එහි ලගම නෑදෑයා පුනර්භවයයි. පුනර්භවයකින් තොරව කර්මය සාකච්ඡා කිරීම කළ නොහැක්කකි. නිවැරදි ක්‍රම විභාගයකින් කර්ම විෂය ඉදිරිපත් කරන්නට ත්‍රෛලෝකනාථ වූ බුදු පියාණන් වහන්සේට තම සර්වඥතා ඤාණය උපයෝගී කරගනිමින් හැකියාව ලැබී තිබේ.

ලෝ වැසියාගෙන් සමහරෙක් අන්ත දුගීය.අන්ත දුක් විදී. සමහරු යහපත් මනසිනි.තවත් සමහරු දුර්ගුණ මනසෙනි. තවත් සමහරු අති සුඛෝපභෝගීය.තවත් සමහරු මහ මග සිගා කයි. තවත් සමහරු සාධු චර්‍යාවෙහිය.තවත් සමහරු දුසිරිතෙන් පිරී ඇත.හොද අග පසග ඇතිව සමහරු ඉපදෙද්දී තවත් සමහරු අන්ධයන්, බිහිරන්, කෙළතොලුවන් වන්නේ ඇයි…?

ජාන ලක්ෂණය තුළ සියල්ල සිදුවන්නේ නම් හැම පොහොසත් තත්තලාගේ දරුවන්ව පොහොසතුන් විය යුතුය. අවිචාර වූ පොහොසත් තාත්තලාගේ දරුවන් අවිචාර විය යුතුය. දුෂ්ඨ පාපී වූ ඇතැම් ධනකුවේරයන්ගේ දරුවන් මහා කරුණාවන්ත සිත් ඇති සාධුවරයන් හා සම කල හැකි අයයි. දුසිරිතෙන් පිරී ඇති මුඩුක්කුවක ඇතැම් විට ලොව සෙත සදන මහා සාන්තුවරු බිහිවේ. ආරය, ජානය තුළ මේවා සැසදිය හැකිද? සත්වයා යනු නාම රූප එකතුවකි.එසේත් නැත්නම් පංච උපාධානස්කන්ධයකි. එහි රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ නමින් නම් කරන්නා වූ සාධක පහක එකතුවකි. රූපය සැකසෙන්නට අවශ්‍ය මූල බීජයක් මවගේ පියාගේ ශුක්‍ර හා ඩිම්බානුවක ආධාරයෙන් සැකසීම වුවත් මෙහි විකාශනයට බලපාන්නේ වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධාතූන්මය.

පියාගෙන් දරුවකුට අනිවාර්යයෙන්ම පියාට ඇති රෝගාබාධ, සිතිවිලි ආදිය ගමන් කරන්නේ නම්, මෙලොව සියල්ලෝම අද වන විට ලෙඩ්ඩු නොවේද? මේ සුවිශේෂී වෙනසට එනම් සත්ව‍යන් අතර ඉහතින් දැක්වූ ප්‍රබල අසමානතාවයට ප්‍රබලම හේතුව වන්නේ ආරය හා පරිසරය පමණක් නොවේ. එය 50% අඩු ධාරිතාවකි. කම්ම නියාමයෙහි ක්‍රියාකාරීත්වය ඊට ප්‍රබලම දායකත්වයක් දරයි. එහිදී අතිතයේදී ඇති කරගත් කර්මානුකර්ම ප්‍රතිපත්තිය වර්තමානයේදී තමන් හැසිරෙන,සිතන ක්‍රියාකාරීත්වය සමග සම්බන්ධ වෙමින් විපාක දීම තුළින් පුද්ගල කායික මානසික වෙනසට මගසලසයි. මෙය ගැඹුරු විෂයකි.නමුත් කර්මය මේ හැම දෙයක්ම නොවිසදයි. කර්මය යනු පුද්ගල කායික මානසික අසමානතාවයට බලපාන ප්‍රබලම හේතුවක් පමණකි. මෙය වෙනස් කරගැනීමට් හැකියාව ඇත්තේද මිනිසාටම පමණි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *