මහණෙනි… අසන්න. මම දැන් ඔබ අමතමි.සිතෙහි හොදින් දරා ගන්න… සියලු සංස්කාර ධර්මයෝ විනාශ වන සුළුය. අප්රමාදව වීර්යය වඩව්. වැඩිකල් නොයාම තථාගතයන් වහන්සේ පිරිණිවන්පාන්නා හ. මෙතැන් පටන් තුන් මසක ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වේ.
පරිපක්කො වයො මයිහං – පරිත්තං මම ජීවිතං
පහාය වො ගමිස්සාමි – කතං මේ සරණ මත්තනෝ
අප්පමත්තා සතී මත්තො – සුසීලා හෝථ භික්ඛවො
සුසමාහිත සංකප්පා – සචිත්ත මනුරක්ඛථ
යො ඉමස්මිං ධම්ම විනයෙ – අප්පමත්තො විහෙස්සති
පහාය ජාති සංසාරං – දුක්ඛස්සත්තං කරිස්සති
මගේ වයස දැන් මෝර ගොස්ය. ජීවිතයේ ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. ඔබ සියලු දෙනා අත් හරිමින් මම යන්නෙමි. මගේ සියලු කටයුතු මා විසින් කරගෙන ඇත්තෙමි. එබැවින් මහණෙනි අප්රමාදීව, සිහි ඇතිව, සිල්වත්ව වාසය කරන්න. හොදින් පුහුණු කර සමාධි ගත කළ සිතක් ඇති කරමින් කෙලෙස් සිතිවිලි වලින් සිත ආරක්ෂා කරගන්න. යම් අයෙකු මේ ධර්මයෙහි, විනයෙහි නොපමාව යෙදෙන්නේ නම්, ඔහු මේ සසර ගමන නිම කර දුක් කෙළවර කර ගන්නේය…
–බෝසතාණෝ-