සමාජ විද්‍යාත්මක පෘථුල අධ්‍යාත්මික ගවේෂණයක ප්‍රතිඵලය සාරාසංඛ්‍යෙය කප්ලක්ෂයක “නියැදි” පරීක්ෂණයකින් පසුව අප මහා බෝසතාණෝ ලොවට දායාද කරමින් මහ බඹුන්ගේ මුඛයෙන්, බාහුවෙන්, කලවයෙන්, දෙපතුලෙන් බිහිවූ “මිනි” සතාට පොදු අර්ථකථනයක් ලබාදුන් ආනුභාවයෙන් අප හැමටම සිතන්නට, කියන්නට, කරන්නට තුන්දොර විවර කරන්නට හැකියාව ලැබුණි. එදා මෙදා තුර අප ලක් දෙරණටත් බුදුන්ගේ ආනුභාවයෙන් වසර දෙදහස් පන්සිය පනස් පහක් ඉක්ම ගියත්, ඒ උතුම් දහම් අමා පැන් අද කරදිය, මිරිදිය ජලයටත් දෙවැනි කර තිබෙන්නේ අපේම දහමෙහි සවියෙන් බඩ වඩා ගන්නෝමය.
තම විහාරස්ථානයට නොපැමිණි සීලයට, භාවනාවට එපිට යන්නවුන්ට දෙස් දෙවොල් තැබීමේ යතිවරු, උගතුන් විනාශ කරන්නට අපේම දහමෙහි සිටින සිවුවනක් පිරිසම යටි උගුල් අටවමින් සිටී. දහම විකෘති කර දෙසති. “කොස් ඇට ඉක බැදෙනවානම්…. බුදුන්ගේ පාත්තරය වුව කම් නැත” යන හැගීමෙන් සිටින්නා වූ එවැනි අඥානයින් නිසාම අප සිංහල දීපයෙන්ද ශ්‍රී සදහම විනාශ වන කාලය වැඩි ඈතක නොවේ. “දියෙන් උපන් ලුණු ටික දියෙන්ම දිය වී යන්නා සේ” මිනිස් සමාජය තුළ යථාර්තය, මිනිස් සමාජය තුළම ආත්මාර්ථය පිණිස යොදවමින් විනාශ කරමින් සිටින්නන් නිසා විනාශයෙන් ගැලවිය නොහැකිය. මෙසේ මේ ලෙස ගමන් කළහොත් එනම් පැවිදි පක්ෂය එහි ගුණය නොරකිත්නම්, දහම හරිහැටි නිවන දක්වා නොපෙරෙළත්නම් හා ගිහි පක්ෂයද එ උතුම් මග අනුගමනය නොකරත් නම්….. පැවිද්දන්ද ගිහියන් කරන්නට දත කමින්… ද්වේශයේ, වෛරයේ, ක්‍රෝධයේ, ගිණිදැල්ද සමාජයේ වපුරන්නට ප්රයත්න දරයි නම්… අපේ ආගම අපි නොරැකීමේ විපාකයේදී අවසානයේ අන්තිමට ඉතිරි වන්නේ… දහමක් නැති ලෝකයක සක්‍ර දේවේන්ද්‍රයා පමණක් මතක තබා සිටින දහම් පදය පමණකි. “ඒ…… අනිච්චාවත සංඛාරා” යන්නයි.