මාර දිව්‍යපුත්‍රයා සමග මහ මඹු පැරදවූ බුදුන්වහන්සේ

බක බ්‍රහ්මයා දමනය වීම

එ සමයෙහි එ බ්‍රහ්ම තෙමේ තමා සෙ මැ වූ බඹුන් සිය දහසකට තම හට වැඩියා වූ බ්‍රහ්මයන් සියදහසකටද උගහට වූ සර්වඥයන් වහන්සේගේ බුඬි විලාසය දැක “ස්වාමීනි, මම මුක්තාභාරයෙකැ’ඉ සිතා සර්පයෙකු ගන්න සෙ නුඹ වහන්සේ නොහැඳිනැ නුඹ වහන්සේට නුසුදුසු බස් බිණිමි, නුඹ මා ගෙ ස්වරූප මතු දන්නා දෑ යැ, සියළු දත යුතු දෙයින් නුඹ වහන්සේගේ ණුවනට නොහමු වස්තුවෙක් නම් නැත. එහෙයින් නුඹ වහන්සේ නොපිපි සපු කැකුලු මැදැ දැල්වූ කපුරු පහනක් සේ මෙ මහ බඹුන් මැදැ සියළු බ්‍රහ්මයන් ගෙ ශරීර ප්‍රභාවෙන් මැඬැදිලිසෙන සෙඔකැ” යි කී යැ. ඉක්බිති සුභාෂිත ස්වාමී වූ ධර්ම ස්වාමී වූ ලෝකස්ව්වාමී වූ මාගේ ස්වාමීන් වහන්සේ ඔහු ගේ මිත්‍යාදෘශිටිය බිඳින පිණිසැ ‘පඨවින් ඛො අහන් බ්‍රහ්මෙ’ යනාදීන් නානානයින් විචිත්‍ර වූ ධර්ම දේශනා එළවා ඔහුගෙ ‘මෙ බ්‍රහ්මසම්පත්තිය ස්ථීර යැ. මට ජරාමරණ නැත.යැයි ගත්තා වූ මිත්‍යාදෘෂ්ටිය බිඳැ වදාළ සේකැ.

ඉක්බිති එ බ්‍රහ්ම තෙමේ ‘බසිනුත්, රුවිනුත් මුන් හා සම වැ ගත නොහැක්කැ. ශෘද්ධියෙන් වැඩියක් ඇත හොත් කොටැ බලම්හ’ යි සිතා “මම අන්තර්ධාන වෙමි” කීයැ. සර්වඥයන් වහන්සේ “අප මැදැයෙහි නො අන්තර්ධාන වන්නට අසමථ්තායෙහි යැයි වදාරා, ඔහු සියුම් වැ අන්තර්ධාන නොවන පරිද්දෙන් අධිෂ්ඨාන කොට වදාළ සේකැ. ඒ මහා බ්‍රහ්ම තෙමෙ ‘අන්තර්ධාන වෙමි.’ සිතා එ විමන්හි හැලේ. කප් රුක් හි හැලෙයි. බුදුන් ගෙ අනුභාවයෙන් අදුරෙහි පහනක් අල්ලා ගෙන හැලෙන එකක් හු සෙවන් තැන්හි සියලු බ්‍රහ්මයන්ට පැනේ, සිටි බ්‍රහ්ම සේනාව මුළුල්ල හැලි ගිය ලෙස ඉතා මැ යහපතැ. හෙම්බල, තෙල කප් රුක් මුලැ හැලීහුන්නවු යැ යි පරිහාස කරන්නට වන්හ. ඉක්බිති එ බ්‍රහ්ම තෙමෙ අභිමානශූන්‍ය වැ තෙජ්ස් ද ශූන්‍ය වැ සිටියෙ.

එක්බිති සර්වඥයන් වහන්සේ මහා බ්‍රහ්මය, තා හැලුණු පරිදි සියලු බ්‍රහ්මයෝ මැ දුටුවො වේද තාගෙ අන්තර්ධාන වීමට මෙ සියළු බ්‍රහ්මයෝ දෙශු වේ ද? ඉනිබ්බතා හැලීගිය පරිදි කටමැ හැඟුණු බැවින් තොයිත් තාගේ මේ සියළු බ්‍රහ්මයොත් කැටි වැ හැම දෙන අප හැලීගිය කලැ සොයාගන්නව” යි වදාරා, වැඩහුත් ආසනයෙක් කෙසඟක් සා තැනකුදු සේකැ. සියළු බඹහු ද මහා බ්‍රහ්ම ද බුදුන් සොයන්නාහු තමන්ගේ ඇස තමන් දැකැ ගත නොහෙන්නා සෙ අන්තර්ධාන වූ ස්වාමිදරුවාණන් දැකැ ගත නොහුණාහ. ස්වාමි දරුවො එසෙ අන්තර්ධාන වැ වැඩහිඳැ බණ වදාරන්නට පටන් ගත් සේකැ. එ බණ අසා දහසක් මහ බඹහු අමා මහ නිවන් දුටහ. සියලු බ්‍රහ්මයො තාක් එකපැහැරැ බිද්ධානුභාවයට සතුටු වැ ‘මෙබදු වූ ආශ්චර්යයක් මෙබඳු වූ මහා පුර්ශකෙනෙකුන් පෙරැ ඇපි නොදුටු විරුම්හ’ යි මහත් කොටැ ගුගුළහ. එ මහා බ්‍රහ්ම බ්‍රහ්මද ස්වාමි දරුවාණගේ ශ්‍රී පාදය මුදුනෙහි තබා ගෙනැ වැඳැ ස්වාමීණි, මහා කරුණාවට නිදාන වූ බුදුරජාණන් වහන්ස, ගැත්තා වූ අඥානයෙන් ගත් මිත්‍යාදෘශ්ඨියෙහි මා පිහිටුවා ගලවා වදාළ සෙ ඉතා යහපතැ යනාදීන් ස්වාමි දරුවාණට ප්‍රශඔසා කෙළෙයැ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *