අභිධර්මය චිත්ත චෛතසික, රූප හා නිබ්බාන යයි පරමාර්ථ ධර්මයන් හතරකට බෙදේ. එකී පරමාර්ථ ධර්මයන්හි අන්තර්ගතය වන ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්රිය, සත්‍යය, ප්‍රතිත්‍ය සමුප්පාද හා මාර්ග ඵල නිර්වාණ සහ ධර්ම කොට්ඨාශයෙන් මැනවින් දේශිත බැවින් අභිධර්ම නම් වේ.
අභිධර්ම දේශනා පාලිය අතිශයින්ම ගැඹුරුය, කටෝරය, ඒ නිසාම ගැඹුරු ධර්මයන් ලෙස දක්වති. ඇතමෙක් අභිධර්මය බර වචන යොදා විග්රහ කරති. එය එසේ වුවත් අභිධර්මය ගැඹුරු දහමක් නොවේ. අභිධර්මය උතුම් දහමකි. උතුම් දහමක් වන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වූ තුසිත දෙව්ලොව විසූ මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන දෙවිවරුන්ට දෙසූ බැවින් මේ දහම උතුම් වේ. එනිසා අභිධර්මය නමින් හැදින්වූවා මිස ගැඹුරු බවක් නොකිය වේ. දේවියන්ගේ මනසට ගොදුරු වන නිසා අභිධර්මය ඉතා සියුම්ද වේ. දෙවියන්ට මෙන්ම මනුෂ්‍යයන්ටත් එකසේ අභිධර්මය ප්‍රයෝජනවත් ය.
අභිධර්මය ඉගෙනීමට මැලිවිය යුතු නොවේ. අභිධර්මය මුලින්ම දේශනා පාලියට මාතෘකා වශයෙන් සම්බන්ධ වුවත්, පසුව සකස් වූ බැවින් “ප්රකරණ ” යන නමින්ද හැදින්වෙන්නට විය. ප්රකරණ ග්රන්ථ හතකි.
- ධම්මසංගිණි ප්‍රකරණය.
- විතංග ප්‍රකරණය.
- කථාවත්ථු ප්‍රකරණය.
- පුග්ලපඤ්ඤත්ති ප්‍රකරණය.
- ධාතුකථා ප්‍රකරණය.
- යමක ප්‍රකරණය.
- පට්ඨාන ප්‍රකරණය.
යන්න අභිධර්ම සත්තප් ප්‍රකරණයෝ වෙති. අද අපට දක්නට ලැබෙන සත්ත ප්රකරණම එදා එලෙස නොතිබුණත් නොතිබුණත් “අභිධර්ම” යනුවෙන් දැක්වෙන ධර්ම කොට්ඨාශයක් බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ තිබූ බව විවිධ වූ දේශනා පාලිය තුළින් පාලිය තුළින් මැනවින් ප්‍රකට වේ.
“තෙන ඛො පන සමයේන සම්බහුලා
ථෙරා භික්ඛු මණ්ඩල මාලේ සන්නිසින්නා
සන්නිජතිතා අභිධම්මං කථෙන්ති”
යන අංගුත්තර ධර්ම පාඨය අනුව බොහෝ භික්ෂූන් වහන්සේ මණ්ඩල මාලයට එක්රොක් වී අභිධර්ම කථා පැවැත්වූ බව පැහැදිලි කරයි. මෙයින් කියන්නේ අනෙකක් නොව අභිධර්ම දන්නා භික්ෂූන් මැනවින් ධර්ම කථිකයන් බවයි. මාතෘකා වශයෙන් තිබූ ධර්ම කොටස් විස්තර කිරීමට භික්ෂූන්ට තිබූ අනුපම හැකියාවය. අභිධර්මය තර්ක විතර්ක කිරීමට, ප්‍රශ්න උත්තර සැපයීමට ප්‍රගුණ කරන්නෙකි. කථාවත්ථු ප්‍රකරණය එයට කදිම සාක්ෂියකි.
පුරිසාජනීය පුරිස බලුංක භික්ෂූන් වහන්සේ හැදින්වීමේදී අංගුත්තර නිකාය එකී භික්ෂූන් තුළ තිබිය යුතු ගුණාංග අතුරෙන් අභිධර්ම ගුණයද එකක් බව “අභිධම්මේ අභීවිනයෙ පඤ්නං පුට්ටෝ විස්සජ්ජෙති” යන පාඨයෙන් ඒ බව පෙන්නුම් කරයි.
ආරණ්‍ය සේනාසනයක වාසය කරන භික්ෂූන් වහන්සේ නමක් තුළද තිබිය යුතු සුදුසුකම් අතර අභිධර්ම ඥානය එකක් ලෙස “ආරඤ්ඤකේනාවුසො භික්ඛුනා අභිධම්මේ අභිවනයෙ යොගො කරණියො” යන පාඨයට අනුව කරුණු සිතිය හැකිය.
“නත්ට සියුං දේව භික්ඛු අභිධම්මේ නා නා වාදා” එදා බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදී වැඩ සිටි භික්ෂූන් වහන්සේ අභිධර්මය පිළිබදව වාද විවාද වල යෙදෙමින් නිතර නිතර කල්ගත කල බවත් ඒ වාද විවාද මුල්කරගෙන අභිධර්මය පිළිබද ධර්ම ඥානය වැඩි දියුණු කරගත් බව පෙනේ.
භික්ඛු උපසම්පදාව ලැබීමට ඇති සුදුසුකම් වලින් එකක් අභිධර්මය දැන ගැනීමත්, ඒ පිළිබද ව ඥානය ලබා ගැනීමත් බව.
“නපට්ඛලෝ හොති අන්තේවාසිං වා යද්ධිවිහාරිං
යවා අභිසමාවාරිකාය සික්ඛාය වී නේතුං
අභිධම්මේ විහේතුං අභිවනයේ වී නේතූ”
යන පාලි පාඨයට අනුව උපසම්පදා ලබන ශිෂ්‍යයා හෝ සද්ධිවිහාරිකයා සසුන් පිළිවෙතට සුදුසු ආචාර ශිෂ්යාවෙහි හික්මවන්නටත් මාර්ග බ්රහ්මචාරියාවට ආදී වූ ශික්ෂා පදයන්හි හික්මවන්නටත්, අභිධර්මයෙහි හා අභි විනයෙහි හික්මවන්නටත් ප්‍රතිබල පුද්ගලයෙකු විය යුතුය.මෙයින් වඩාත් පැහැදිලි කරන්නේ අභිධර්ම ඥානය ලැබීමේ ඇති වැදගත්කමය.
චිත්ත පරමාර්ථයෙන් සිත පිළිබදවත්, සිත් බෙදීම් අනුව එකසිය විසි එක් ආකාරයෙන් ඉගැන්වේ. චෛතසික පරමාර්ථයෙන් රූප විසි අටක්ද, නිර්වාණ පරමාර්ථයෙන් නිවන පිළිබදව දක්වනු ලැබේ. මේ කරුණු සියල්ලම තම සන්තානයේත් තම ශරීරයේ පිළිබද අගනා විස්තරයකි. එය අභිධර්මය වශයෙන් දක්වා ඇත.
සිතත්, සිතිවිලිත් යන චිත්ත චෛතසික කාණ්ඩ දෙක බෞද්ධ මනෝ විද්‍යාව ලෙස දැක්විය හැක. රූප කාණ්ඩයෙන් ශරීරයේ දක්නට ලැබෙන සියලුම රූප කොටස් මැනවින් විස්තර කොට ඇත. නීජවාන වාහසංඛ්යාත තෘෂ්ණාව නැති කිරීම නිර්වාණය ලෙස දක්වා තිබේ. ඒ නිවන ලබන්නේ ද තමාමය. සිත සියලු කෙලෙස් වලින් මුදවාලිය යුතුය. එය නිවනට මගයි. මෙහි දැක්වෙන ලද සියලුම කරුණු අභිධර්මය ඉගෙනීමෙහි ඇති වැදගත්කම විදහා දක්වයි.
වෛද්‍ය සමන් කංකානම්ගේ