ඈත අතීතයේ අද මෙන් යාන වාහන නොතිබූ කාලයක සියලු දෙනාම තමන්ට අවශ්‍ය ගමන් බිමන් ගියේ, එක්කෝ ගොන් බැදි කරත්තයකය, නැත්නම් අශ්ව කරත්තයකය, එසේත් නැත්නම් පා ගමනිනි. මේ කාලයේ එක් ගමකින් තව ගමකට ගමන් කරන්නට බොහෝ වෙහෙසක් ගැනීමට සිදු වූ නිසාම උදේ පටන් රෑ වන තුරු ඇවිද ගෙන යා හැකි දුරක් දුරක් පාසා අම්බලම් තනවා තිබුණි.