“සියල්ල අතහැර දැමූ තැන සැනසුමය
පොදි බැදගත් දා වැනසුමය
නිති සැනසුම යහපත් පැවතුමය
සිත නැවතුණ දා අම නිවනමය”
“උතුම් බුදු රජාණන් වහන්සේ, මම ඔබ වහන්සේ නිරතුරු සරණ යමි. “නිරන්තරයෙන්ම ඔබත් මමත් සිතෙහි සනිටුහන් කරගන්නා එකම ලොව්තුරු හැගීම එයැයි.
උතුම් බුදුන් වහන්සේලා ඒ ආර්‍ය් මග ගමන් ගත්, ගන්නා ඒ උතුම් පුද්ගලයින් අප මේ සසර පුරා කෙතරම් දකින්න ඇත්ද? සිත සමාධිය, දැහැන, ධ්‍යානයන් හා කැටිව සිත් තුළ කෙතරම් උතුම් බුද්ධ සභා මණ්ඩපයක අධිඨන් කරන්නට ඇත්ද? නමුදු ඒ සංසාර හුරුව තුළ ලබා ගත් ඵලය මේ සියල්ල අද වන විට මෝහයෙන්, ද්වේශයෙන්, ක්‍රෝධයෙන් යටපත් වී ඇත්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය සන්තර්පණය කරන තාක්කල් මේ උතුම් යථාර්තය බොද වුණු කැඩපතක් පරිද්දෙන්ම ජීවිතය තුළ මුල් බැස ගනී.මේ මහා මෝහාන්ධකාරයෙන් වැසුණු සිත නිවා සැනසීම උදෙසාම උතුම් බෝසත් පියාණන් කෙනෙකු පහළ වනවාමය. එතුමන් පසු පස ගමන් ගන්නා වූ ඒ උතුම් ආර්යය පුද්ගලයන් සීල, සමාධි, ප්‍රඥාව තුළ හසුරුවා ඒ උතුම් බුද්ධ සභා මණ්ඩපය තුළම උතුම් ශ්‍රාවක ශ්‍රාවිකාවන්, උපාසක, උපාසිකාවන් බිහි කිරීමේ කාර්යය සදහාමය.
“සුමග සමාධි අසපුව” එවැනිම උතුම් බුද්ධ සභා මණ්ඩපයක් දක්වාම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ස්වභාවධර්මය තුළ ලියවෙන රසවත් වූ විශ්ව යථාර්තයකි. ඒ උතුම් බුද්ධ සභා මණ්ඩපය තුළ අපගේ බෝසත් පියාණන් විරාජමානව උතුම් බුදු පදවිය ලබන අවස්ථාවේදී ඒ මග ගම්න් ගත්, ගමන් ගන්නා වූ සියලු දෙනාම තම තමන්ගේ ප්‍රාර්ථනා බෝධියකින්ම උතුම් රහත් බව පසක් කර ගන්නවා නියතමය.
ඒ මහා වාසනාව නියතයක් ලෙසම මේ ස්වභාවදහම තුළ මහා අධිෂ්ඨානයකින් ලියවේ.
සිතන්න සිතන්න සිත තුළ ඇදෙනා
අසන්න අසන්න දෙසවන නිමෙනා
දකින්න දකින්න ඉදුරන නිමෙනා
බුදු හිමියනි මගේ ඔබ ගුණ මහිමා
සිතෙහි ඇතිවන ඒ මහා සැනසිල්ල කෙසේනම් කවි පේළි වලින් ලියා නිම කරන්නද?
ලෙහෙසියෙන්ම අප වෙත ලං කරගත හැක්කේ ඒ මහා සැනසීම නොවේ. මේ සසර තවත් දීර්ඝ කරන්නා වූ සිද්ධි දාමයන් ය. නමුත් මේ සංසාර ගමන කෙටි කර ගැනීමට, උතුම් නිවන පසක් කර ගැනීම ඉතා අසීරු කාර්යයකි. ආධ්‍යාත්මික ගමන් මගක් ගන්නා තැනැත්තා නිරන්තරයෙන් ඒ උදෙසාම මහා වීර්යයක් දරයි. ගෙවන හැම මොහොතක්ම තම ප්‍රාර්ථනා බෝධිය උදෙසාම අධිෂ්ඨාන කරගනී. ඒ මග ගමන් ගන්නා විට විශ්වය මහා බලපෑම් රැසක් තුළ සිර කරන විට ස්වභාවධර්මය මහා ආශිර්වාදයක් ලෙස සැමවිටම සත්‍ය බවම ඔප්පු කරනවා නිසැකය.
ඔබත් නිරන්තරයෙන්ම සත්‍යගරුක වී ධර්මයට එක ලෙස ආදරය කරන්න. එවිට විශ්වය හරස් වූවත් ස්වභාවධර්මයා විසින්ම ඔබව නිසි අයුරින් නිසි තැනට ලගා කරනු ඇත, ඒ ඔබ උතුම් බෝසත් මග ගත්,ගමන් ගන්නා වූ ඔබ තුළ ඇති මහා පාරමිතා ගුණය නිසාමය. එබැවින් නිරතුරුවම පාරමිතා පෙළහැර තුළම අපගේ සිත, කය, වචනය මනාව හසුරුවා ගෙන සිල්වන්තව, පින්වන්තව, ගුණවන්තව ජීවිතය ගොඩනගාගත යුතුය. නිරතුරුව සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් සිත දමනය කරගත යුතු වේ. ඒ මහා බුද්ධ සභා මණ්ඩපය මහා දුරක් ලෙස එවිට අප කාටත් නොපෙනේවි. මහා ආලෝකයකින් උතුම් බුදු රජාණන් වහන්සේ අපේ හද තුළට වඩීවී…
ඒ මහා පාරමිතා ගමනක නිවී සැනසුම පිණිසම…
ඖෂධී ලංකා කරුණාරත්න.