සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීම

කවදාකවත් නොදුටු, වයසට ගිය මහළු මිනිසෙක්, අමාරුවෙන්, අපහසුවෙන් කැස්ස, සෙම පිට කරමින් ගෙන යන ඇවිදින මළ කදක් බදු වූ රෝගියෙක්, සුදු රෙදි කඩක ඔතා ගනිමින් පිරිසක් හඩා වැළපෙමින් ගමන් කරමින් රැගෙන යන මළමිනියක්, දකින මේ සිද්ධාර්ථ කුමරා තම සිත තුළ මෙතෙක් ගොඩ නගාගෙන තිබුනු සත්ව ලෝකයේ ඉපදෙමින් මෝහයෙන් මත් වී සිටින මිනිසාගේ "හෙළුව" තව තවත් යථාර්තයක් වන්නට විය.

කවදාකවත් නොදුටු, වයසට ගිය මහළු මිනිසෙක්, අමාරුවෙන්, අපහසුවෙන් කැස්ස, සෙම පිට කරමින් ගෙන යන ඇවිදින මළ කදක් බදු වූ රෝගියෙක්, සුදු රෙදි කඩක ඔතා ගනිමින් පිරිසක් හඩා වැළපෙමින් ගමන් කරමින් රැගෙන යන මළමිනියක්, දකින මේ සිද්ධාර්ථ කුමරා තම සිත තුළ මෙතෙක් ගොඩ නගාගෙන තිබුනු සත්ව ලෝකයේ ඉපදෙමින් මෝහයෙන් මත් වී සිටින මිනිසාගේ “හෙළුව” තව තවත් යථාර්තයක් වන්නට විය. ඒ සිතිවිල්ලත් සමග ආපසු හැරෙන විට පැවිදි උතුමෙකු දුටු සිද්ධාර්ථ කුමරුවා අළුත් මතකයට සිත ගෙන ගියේය. “මෝක්ෂය” සොයන්නා වූ යථාර්තය සොයන්නට නම් “මා” ද මේ මාවත නිසි ලෙස අනුගමනය කළ යුතුමැයි සිතමින් මාළිගාවට සැපත් විය. පුහුදුන් මිනිසා සියළු දුක් වසා ගනිමින් කාමස්වාදයේ ගැලී සිදු කරන්නා අවැඩ නුවණැත්තන් විසින් කාමයෙහි ආදීනව දකිමින් අත හැරිය යුතුය යන නිගමනයට බසිමින් එදා රාත්‍රියෙහි තමා ගිහිගෙයින් නික්මෙන්නට අධිෂ්ඨාන කරගත්තේය.සිද්ධාර්ථ කුමරාට තවත් එක් බාධාවක් වෙත මුහුණ දෙන්නට වූයේ මේ අවස්ථාවේදීමය. දරුවෙකු ඉපදීම පියෙකුට නිම්හිම් නැතිවන සතුටට කාරණාවකි. තම යශෝධරාව පුත් කුමරුවකු වැදූ බව සුදොවුන් රජතුමා සිද්ධාර්ථ කුමරුට වහා පැවසීමේදී සිද්ධාර්ථ කුමරුට නම් එය සතුටට කාරණාවක් නොවීය. දුක් විදින සත්වයන් අතරට තමන් ලෙයින් තවත් කෙනෙකු බිහිවීම එතරම් සුභ කට‍යුත්තක් ලෙස නොසිතූ සිද්ධාර්ථ කුමරු “රාහු” බාධාවක් උපන්නේය… සුදොවුන් රජතුමා එම වචනාර්ථයම යොදා ඉපදුන සිගිත්තාට රාහුල යැයි නම් තැබීය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *