අංගුත්තර නිකාය, නවක නිපාත – 3
එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ චාලිකාවේ චාලිය පර්වතයෙහි වාසය කරන සේක. එකල් හි භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ මේඝීය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැද එකත් පස්ව හිද මෙසේ කීහ.
“ස්වාමීනී, මම පිඩු පිණිස ජන්තු ග්‍රාමයට යනු කැමැත්තෙමි.”
“මේඝීය, ඔබට සුදුසු යයි සිතන පරිදි කිරීමට අවසර තිබේ.”
ඉක්මත් ආයුෂ්මත් මේඝීය තෙරණුවෝ පෙරවරු හැද පෙරවරු හැද පෙරව, පාසිවුරු ගෙන, පිඩු පිණිස ජන්තු ග්‍රාමයට පිවිසියහ. පිඩු සිගා දානය වළදා කිමිකලා නදී තීරයට ගියහ. එහි ඇවිදින අතර සිත් ගන්නා සුළු වූ ඉතා රමණීය වූ අඹ වනයක් දැක මෙසේ සිතූහ. “මෙම අඹ වනය සිත් ඇද ගන්නා සුළුයි. ඉතා රමණීයයි. මෙය නිවන් පිණිස උත්සාහ කරන්නා වූ කුල පුත්‍රයෙකුට වීර්‍යය යෙදීමට සුදුසු තැනකි.” භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලැබුණොත් මම උත්සාහය සදහා මෙම අඹ වනයට එමි.
ආයුෂ්මත් මේඝීය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැද එකත් පසෙක හිද මෙසේ කීහ. ” ස්වාමීනී, ජන්තු ග්‍රාමයේ පිඩු සිගා දානය වැළදීමෙන් පසු මම කිමිකිලා ගං තෙරට ගියෙමි. එහි ඇවිදින අතර ඉතා සිහින් අලවන සුළු රමණීය අඹ වනයක් දුටිමි. එය නිවන් පිණිස උත්සාහ කරනු කැමති කුල පුත්‍රයෙකුට වීර්‍යය යෙදීමට සුදුසු තැනක් යයි මට සිතුණේය. භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේක් නම් මම එහි ගොස් උත්සාහ කරමි.”
“මේඝීය, මදක් ඉන්න. අපි දැන් මෙහි තනියම සිටිමු. වෙනත් භික්ෂූන් එනතුරු සිටින්න.”
එහෙත් මේඝීය තෙරණුවෝ මෙසේ කීය. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ලැබිය යුතු වෙනත් දෙයක් නැත. ලබා ගත් දෙයට අමතරව ලැබිය යුත්තක්ද නැත. එහෙත් මා විසින් ලැබිය යුතු දෙය ඇත. මා විසින් කරන ලද දෙයට අමතරව කළ යුත්තක්ද ඇත. භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේක් නම් මම ඒ අඹ වනයට ගොසින් උත්සාහ කරමි.
භාග්‍යවතුන් වහන්සේ යළිත් ඔහුට ටිකක් නැවතී සිටීමට කී නමුත්, ආයුෂ්මත් මේඝීය තෙරණුවෝ තෙවන වරටත් එලෙසම ඉල්ලා සිටියහ.
“මේඝීය, ඔබ උත්සාහ දැරීම ගැන කථා කරන විට, අපි කුමක් කියමුද? සුදුසු යයි සිතන ලෙස කිරීමට ඔබට අවසර තිබේ.”
ඉක්බිති ආයුෂ්මත් මේඝීය තෙරණුවෝ හුනස්සෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැද පැදකුණු කොට, අඹ වනය කරා නික්ම ගියහ. එහි ගොස් වනය තුළට පිවිස, දිවා විහරණය සදහා ගසක් යට වාඩි වුහ. එහෙත් ඒ අඹ වනයෙහි සිටිද්දී පාපක වූ අකුසල විතර්ක තුනක් ඔහුගේ සිත නිරන්තරයෙන් පෙළන්නට විය. කාම සිතිවිලි, ව්‍යාපාද සිතිවිලි සහ හිංසා සිතිවිලි යන මේ විතර්කයෝය.
එවිට මේඝීය තෙරුන්ට මෙසේ සිතුණි. “මෙය පුදුමයි!, අද්භූතයි!, මම ශ්‍රද්ධාවෙන් ගිහි ගෙයින් නික්ම පැවිදි වූවෙක්මි. එහෙත් මම කාම සිතිවිලි, ව්‍යාපාද සිතිවිලි, විහංසා සිතිවිලි යනමේ පාපක අකුසල සිතිවිලිවලින් පෙළෙන්නෙමි.”
ලෙස හා සිතේ වැසුම් හැරීමට කථා කරන්නෙකු වෙතැයි, අහිතකර සියලු දෙය ප්‍රහීණය කිරීමටත්, හිතකර වූ සියලු දෙය වර්ධනය කිරීමටත් උත්සාහ දරතැයි, දුක සම්පූර්ණයෙන් කෙළවර කරන ප්‍රඥාවෙන් යුක්ත වෙතැයි බලාපොරොත්තු විය හැක.
මේඝීය, භික්ෂුවක් මෙම ධර්ම පහ මත ස්ථිරව පිහිටා සිටින කල, තවත් ධර්ම හතරක් වැඩිය යුතුයි. රාගය නැති කිරීමට අශූභය මෙනෙහි කළ යුතුයි. ද්වේශය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුත්‍යි. විතර්ක නැති කිරීමට අනාපාන සතිය වැඩිය යුතුයි. අස්මි මානය දුරු කිරීමට අනිත්‍ය සංඥාව මෙනෙහි කළ යුතුයි. අනිත්‍යය දකින්නා තුළ අනාත්ම සංඥාව ස්ථිරවම පිහිටයි. අනාත්මය දකින්නා අස්මී මානය දුරු කර මේ ජීවිතයේදීම නිවන් දකින්නේය.
ආචාර ගෝචර සම්පන්න – භික්ෂු තෙම සුදුසු ස්ථාන සේවනය කරන්නකු සහ සුදුසු පුද්ගලයන් ආශ්‍රය කරන්නෙකු විය යුතුයි.