දෙව්දත්තර දුෂ්ඨයා වෙමින් බුදුන් වහන්සේ කතා නායකයා වූ බුදු දහම තුළ අලංකාරය පිණිසත්, විස්තරාත්මකව අවබෝධය සදහාත් හේතු ප්‍රත්‍ය සැපයූවත් බුදුන් වහන්සේගේ පාරමිතා ගමන් මග තුළ වේගයෙන් ගමන් කරන්නට දාන පාරමිතාවේ සිට උපේක්ෂාව දක්වා පාරමිතා පූර්ණය සදහා හේතු වූයේ දෙව්දත්තර, චිංචිමාණවිකාවලා, අජාසත්තලා, සුප්පබුද්ධලා වැනි මිනිසුන් හැර වෙනයම් පුද්ගලයෝද නැත… ඒ උතුම් ගමන් මග තුළ ගෞතම බෝසතුන්ට මෙන්ම මෙතෙක් බුදු බව දිනාගත් බෝසත්වරුන්ටද, බුදුවන්නට පෙරුම් පුරනා බෝසත්වරුන්ටත් මහත් ධෛර්යයක් වන්නේ, ඒ ගමන් මග අහුරන්නෝමය. විටෙක තාඩන පීඩනයෙන්, මුසා බසින්, අගෞරව අපහාසයෙන්, පිරිස් බිදීමෙන් බාධා පමුණුවන එවැනි පුද්ගලයන් සදහා එරෙහි වන්නට දරනා වෑයම ම පාරමිතා පූර්ණයයි. ශාන්තිය පුරන්නට, වීර්යය පුරන්නට, අධිෂ්ඨානය පුරන්නට, ප්‍රඥා පුරන්නට, මෛත්‍රිය පුරන්නට, ශීලය පුරන්නට මෙන්ම දානය පාරමියක් ලෙස මේ අලජ්ජයින්ගේ බාධාව අතිමහත් ලෙස බෝසත්වරුන්ට පිහිටට එයි. එබැවින් සුමග සමාධියෙහි පාරමී පුරන බෝසත් උතුමන්ට ද පීඩා, අපහාස, නින්දා, බොරු ප්‍රචාර දෙන්නෝ එතුමන්ටද ලබා දෙන්නේ මහත් දිරියකි. කිව නොහැකි තරම් උදව්වකි. ඒ පාරමිතා ගමන් මග ජය ගන්නට බෝසත්වරයෙකුට ඒවා අවශ්‍යම බැවිනි. බාධා කරමින් ගමන අහුරන්නට සිතා කරන ඒ ක්‍රියාදාමය වෙන කාට නම් කළ හැකිද? සිල්වත්, පින්වත්, ගුණවත් පිරිසද රහත් බෝධිය පිණිසම පාරමී පුරනවා හැරෙන්නට බුදුවන බෝසතුන්ට ඒ සදහා කෙසේ නම් උපකාර කරන්නද? එහෙත් එක් සැගවුණු අරුතක් තිබේ… පාරමී පුරන බෝසත්වරු ඒ මග ජයගන්නේ ඒ සියළු බාධක බිද දමමිනි. අන්තිමේ…. පාරමී පුරන්නට පීඩා කරමින් උපකාරී වූ අලජ්ජයින් අපාගත වන්නේ තම කය මෝල් ගසක් දැමිය හැකි සිදුරකිනි. කොතරම් ආශ්චර්යක්ද? කොතරම් අගේද? පින්වතෙකුට, ගුණවතෙකුට, සිල්වතෙකුට ගමන් කළ නොහැකි සිදුරකින් මේ කය… අපාය දක්වා ගෙන යාමට කොතරම් දක්ෂතාවක් තිබිය යුතුද?….. නේද?
මේ හයිය පාරමිතාවට විතරද?
- September 13, 2020
- 9:04 pm
- No Comments
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest