අසාරෙ සාරමතිනො – සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා
- නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත් දකින වැරදි කල්පනාවල යෙදුණු අය සරු දෙයක් නොලබත්.
සාරං ච සාරතො ඤත්වා – අසාරං ච අසාරතො
තෙ සාරං අධිගච්ඡන්ති – සම්මාසංකප්ප ගෝචරා
- සරු දේ සරු දේ ලෙසත්, නිසරු දේ නිසරු දේ ලෙසත් සලකන නිවැරදි කල්පනාවල යෙදුණු අය සරු දෙයක් ම ලබත්.
*බොරු හර බොරු වටිනාකම් පසුපස නොයන්න.
*මානව සාරධර්ම, වටිනා සමාජ සිරිත් විරිත් හදුනාගෙන ජීවිතයට සම්බන්ධ කරගන්න.
*තමාටත් අනුන්ටත් සැපක් මිස විපතක් නොවන හොඳ සිතුවිලි ම ඇති කරගන්න.