යම් කෙනෙක් තුළ පිංවන්ත කමක් සිල්වන්ත කමක් ඇතිවන්නේ ඔහු හෝ ඇය විසින් තමන් තුළම ඇති කරගන්නා අවංකභාවය මත “මකායනෝ අයං මග්ගෝ” යනුවෙන් ඇති කරගත් අධිෂ්ඨාන ශක්තිය නොවෙනස්ව හැමවිටම කටයුතු කරමින් මල් පහන් හා දාන ශීලයෙහි තිබෙන ආමිසයන් ඒ වගේම සමත විදර්ශනා භාවනා වල තිබෙන ලෝකෝත්තර කුසලයන්හි තිබෙන ආනිසංස හා ආදීනව හැටියට ලබා ගන්නා දුක් විපාක හා සැප විපාක වල යථාර්තය හොදින්, අවබෝධ කරගත් පිංවන්ත අය තුළ ඇතිවිය යුතු ගුණය අප තථාගතයාණන් වහන්සේ කෝටියක් මව්වරුන් හා කෝටියක් පියවරුන් ළග තිබෙන කරුණා ගුණයට සම කරන්න බැරි ගුණය මහා කරුණාව යම් කෙනෙකු ඇති වෙනවානම් (සචේ නිබ්බාන සන්තකෙ) කිසිම සැකයක් නැතිව නිවන් අවබෝධ කරනවාමයි.
මේ විශ්වය තුළ සියලුම බුදුවරයන් වහන්සේලාගේ මෙත්, කරුණා,මුදිතා, උපේක්ෂා වන්ගේ ගුණස්කන්ධය මුසුවී තිබෙන බව සොබා දහම තුළින්ම අවබෝධ කර ගැනීමට නුවණැති අයට ඉතාවම පහසු පදාර්ථමය ධර්මයන් තුළ තිබෙන පඨවි, ආපෝ, තේජෝ, වයෝ සියලුම බුදුවරයන් වහන්සේලා මේ මහපොළවට හා ජලයට ගින්නට සුළගට මුසු කර ඇති හෙයින් සත්වයා පරිභෝජනය කරන සියලුම දේ තුළ මුසු වී තිබෙන ආකාරය බලන්න.ගහක පැළයක අප විසින් හදා වඩා ගන්නා පළතුරක හෝ මල් පැළයක කුඹුරක වුවද. ආදරය, කරුණාව, දයාව කියන දේ අපට මොන තරම් හොදට ඵලදාවක් ඇති කර දෙනවාද? කියන දේ තුළ තේරුම් ගන්න පුළුවන් ඒ වගේ තරහ, ක්‍රෝධ, වෛර ඇති කරගෙන ඒවාට සාත්තු කරන විට තිබෙන අසාරත්වය වේවා නුවණින්ම තේරුම් ගෙන තම තමන්ගේ දිවිමග පිංවන්ත සිල්වන්ත ගුණවන්ත බවින් පිරි පිංවන්ත අයට මා විසින්ම යථාර්ථය දැනගත් මොහොතේ සිට ලෝකය දුකයි, ලෝකයෙන් එතෙර විය යුතුයි.
එනම් ලෝකයට නොඇලෙමින් ඇලීමට හේතුවන (තෘෂ්ණාව) උපාදාන කරගන්නේ නැතිව මධ්‍යස්ථ බවින් කටයුතු කිරීම නුවණට හුරුයි කියන හැගීම තුළ ජීවත් වීමට සිතට සැනසීමක් ඇතිවෙනවා දැනෙනවා අප පුරුදු කළ යුතු දේය නිතර ඇලීම ගැටීම තුළින් විදීම විනා ඒවාට නැවත නැවත සංඛාර වශයෙන් එකතුවන්න නොදී මධ්‍යස්ථව නොසැලී අටලෝ දහමට කම්පා නොවීම සැනසීමට හා නිවනට මග එයයි.
සැමට දහම් රස දැනේවා…
සම්බුදු සරණයි…!
ගලගොඩ අත්තේ සාරනන්ද හිමි.