බිලී බාන්නාද නිවනට සුදුසු විය.

යහළුවන් දෙදෙනෙක් පාසන් ගමනද අතරමග නවතා ගත්තේ, දඩබ්බර කම නිසාමයි. දෙමාපිය ගුරුවරුන්ගේ උපදෙස්, අවවාද ගනනකට නොගත් මේ යාළුවන් දෙදෙනා පාපකාරී දිවියක් ගෙවමින් ගමේ හැමෝගේම අප්‍රසාදය තුළින් පීඩාවට පත් වෙමින්, තව තවත් මුරණ්ඩු වෙමින් කාලය ගත කළේය. නිතර දෙවේලේ ඇල වේල්ලට ගියේද මාළු බෑම සාඳහාය. අල්ලාගත් මාළු පුළුස්සා කමින් වනචාරී ලෙස හැසිරුනේ තවත් අහින්සක සතුන්ට හිරිහැරයක්ද වෙමිනි. මේ නිසාම ඒ ගමේ සිටි බෞද්ධ වැඩිහිටියන්ගේ නොමනාපයද මොවුන් දෙදෙනාට හිමි විය.

දවස පුන් පෝය දිනයකි. යාළුවන් දෙදෙනාට මේ බවක් නොවැටහිණි. වටහා ගන්නට උවමනාවක්ද ඔවුන් තුළ නොවීය. බිළී පිති දෙක රැගෙන ඇළ ඉවුරට ගමන් කළ යාළුවන් දෙදෙනා ඇමට පණුවන් අමුණා, ඇළට දම බල සිටින්නට විය. සුදු ඇදගත් උවැසි උවැසියන් ඇළ වේල්ල දිගේ සිල් ගන්නට ගමන් කළේ පොහොය දවසක් වූ බැවිනි.සමහර අය බිලී බාන කොල්ලන් දෙස බලා දොස් කී අතර සමහර අය නොදුටු සේ ගමන් කළහ.

“අර බලපන්කෝ… මුන් පෝය දවසේත් ප්‍රාණගාතයේ යෙදෙනවා-නේ… අහින්සක සත්තු මරන් කනවා. මොලේ නැති හරක් වගේ…”

“සරක් කොහෙද සතුන් මරන්නෙ ආච්චියේ…” යැයි කොළු ගැටයෙක් විමසුවේ කවුරුත් හිනා ගස්සමිනි.

දැන් වේලාව උදේ 7 ත් පසුවී ඇත. පැයක් පමණ බල සිටියත් එදින එක මාළුවෙක්වත් ඇම නොකෑවේය. එක් යහළුවෙක් දැඩි කල්පනාවෙන් පසු, මෙසේ කීවේය. “ඒයි බන් අපිත් යමුද පන්සලට හාමුදුරුවො කියන දෙයක් අහන් ඉන්නවත් බැරිය. අඩු ගානෙ බණ කතවක්වත් කියාවිනේ.”
“අනේ උඹට ඕන නම් පලයන්. මම මාළුවෙක් අල්ලගෙන මිසක් යන්නෙ නෑ කොහෙවත්.”

අනික් යාළුව නිසොල්මනේම පන්සල දෙසට ගමන් කළේය. පන්සට ගිය යාළුව ධර්ම ශාලාවේ මුල්ලකට ගොස් වාඩිවිය. සිල්වතුන්ගේ උසුළු විසුළු කත මැද අසරණව කොහොමහරි දැඩිකේන්තියෙන් නොසන්සුන් කමින් සිටි මේ යාළුවා කෙසේ හෝ ඉතිරු වූ දනයද ඇති වන තුරු ගිල දමා දහවල් 2 ට පමණ පන්සලෙන් පැන ගත්තේය. උදේ සිට සවස් වන තුරු ඇම දාගෙන මාළු ඇල්ලූ කොලුව දවල් වෙනකල් ඇම දිහා බලාගෙන එක සිතුවිල්ලක සිටියා… ඒ තමඉ,

මාගේ යාළුවා නම් දැන් බණ අහනවා ඇති සිල් ගන්නව ඇති. බණ අහන අය සිල් ගන්න අය දිව්‍යලෝකෙ යනවළු බුදුහාමුදුරුවො ඉපදෙන දවසට ඒ කිට්ටුවම ඉපදිලා බුදුහාමුදුරුවන්ගෙන් බණත් අහනවළු. ඇත්ත වෙන්න ඇති. මම පව්කාර කමින් ඈත් වෙන්න ඕන.

මෙහෙමත් හිත හිත හිටිය මේ යාළුවට නොදැනීම බිලී පිත්ත ඇළට වැටුණි. වතුරට පාවෙලා යන බිලී පිත්ත දිහා බලා සිටි යාළුව එය නොපෙනී යන තුරුම බලන් සිටියා. තමන්ගේ හිතේ තිබුණු දරුණු අදහස්ද නැති වී ගියා. හිතට අමුතු සතුටක්ද දැනුනා. මේ අතර පන්සලට යාළුවා පැමින තමන්ගේ බිලී පිත්ත නැවත ඇළට දමන්නට ගත්තා. එයද වැළකූ මේ යාළුවා, “නොහිබිනාකම් කරනවා නම් නුඹ මීට පස්සේ මගේ යාළුවෙක් නොවේ…” යනුවෙන් කියමින් යහපත්ව දිවි ගෙවීමේ අදිටනින් ඒ ගමේද ඉවහත් වී යහපත් ලෙස සතුන්ට, ගසට කොලට හැමදේටම ආදරෙන් හිඳ, හැම පෝයටම බණ භාවනා කර නිවනට සිදුසු උත්තමයෙක් බවට පත්වුනා.

දුවේ පුතේ… මින් ඔබට ග්ඩක් දේ ඉගෙන ගත හැකියි. ඉන් එකක් මම ඔබට කියන්නම්…

නිවන් දකිනට සිල් ගත්තාට මදි. හොඳ ඩුණ දහම් පුරා චේතනාවේ පිරිසිදු බව තිබිය යුතුමයි. පන්සලට ගොස් සිල් ගත්ත බොහෝ පිරිස් ඇත්තටම යහපත් චේතනාවෙන් සිටීද. ලෝකෙට පරකාසේ තමන්ට මරගාතේ… නොවේදැයි සිතන්න.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *