සබ්බේ පෘතජ්ජනං උම්මත්තකා…
ඒ බුදුන් වහන්සේගේ දේශනාවක පුංචි වාක්‍යයක් පමණි.
සබ්බේ පෘතජ්ජනං උම්මත්තකා…..ඒ බුදුන් වහන්සේගේ දේශනාවක පුංචි වාක්‍යයක් පමණි.යම් කෙනෙකු මෙසේ කියාවි……මම තවම ඔළුවේ කැක්කුමකටවත් බෙහෙත් උගුරක් බීලා නැහැ…..ආදී ලෙසින්…..එහෙත් කියන්නට හැකිද?කා හටවත්…..මට තවම සිතට නම් පීඩාවක් වුනේ නෑ….ලෙඩක් හැදුනේ නෑ කියා.බැහැ නේද? මිනිස් සත්වයාට වැළදෙන රෝගාබාධවලින් 85% වඩා මානසික සංකූල තාවයන් තුළින් හැදෙන රෝගාබාධ….. 15% පමණ රෝගාබාධයන් බාහිර හේතු මත වර්ධනය වන රෝගාබාධ වෙයි. අධික ආතතිය,නොසන්සුන්කම,තරහ,පීඩාව, ක්‍රෝධය,වෛරය,නොසිදෙන ආශාව, මිනිසාගේ චිත්ත සන්තානයේ තැම්පත් වී ඇති කෙලෙස් මුල් අවුස්සාලමින් ශාරීරික ප්‍රතිශක්තීකරණ පද්ධතියට එල්ල කරන පහර නිසා මිනිස් සිරුරේ අවයව විනාශ කරන්නට සමත් විෂ එන්සයිමයන් ඒ ඒ ස්ථානයන්හී තැම්පත් වීමෙන් අවයව රෝගාබාධයනට පත් කරයි. දියවැඩියාව,අර්ශෂ්,පිළිකා,අධි රුධිරපීඩනය,අක්ෂි රෝග,ස්නායු රෝග,වකුගඩු රෝග,ආමාශගත රෝග, වැඩි ප්‍රමාණයකට 90%කට වඩා හේතු වන්නේ මානසික හේතූන් ය. එබැවින් සියලු සත්ත්වයාම කුමක් හෝ රෝගාබාධයක පැටලී සිටින්නෝ වෙති. මේ බොහොමයක් රෝගාබාධ නිම කරන්නට හොදම ඔසුව භාවනාවයි. එහෙත් රෝගාබාධයක් වැළදී ඔඩු දුවන්නට වූ පසු භාවනා පසුපස දිවීමෙන් පලක් නොවේ. හැමදේටම පෙර ”පෙර සූදානමක්” තිබිය යුතුය. ප්‍රඥාවන්තයාසිහි කටයුතු කලයුතු වන්නේ අපගේ ශරීරය මුතු මැණිකෙන් නිමවා ඇති දෙයක් නොවන නිසා ඕනෑම මොහොතක විනාශයට භාජනය විය හැකිය යන්නයි.එවැනි අවබෝධයක් ඇත්තා….මේ විනාශ වන ශරීරයෙන් වැඩක් ගන්න උත්සාහ කරන්නේ නම්…එම කාර්යයන් මෙලොවට පමණක් නොව පරලොව සුගතිය සදහාද හේතු වන කාර්යයන් කරගනී.අළුතෙන් ඉපදෙන අය දුටු අපි, තරුණ මහළු භේදයකින් තොරව ලෙඩ වන අය දුටු අපි….අන්තිමේ හැම කෙනාගේම මරණය දුටු අපි….අපි අපේම මරණය නොදකින්නෝ වෙමුද?
වෛද්‍ය සමන් කංකානම්ගේ.