රටක අත්‍යවශ්‍යම සේවාවන් අතරට ගිනි නිවන හමුදාව ප්‍රධානයි. ගින්න රටක මිනිස් ජීවිත කෙරෙහි කෙතරම් බලපෑමක් කළ හැකි දැයි එයින්ම අවබෝධයක් ලැබෙනවා නෙමෙයිද? රටේ පාලකයාගේද ප්‍රධාන වගකීම වන්නේ ද මේ මිනිස් අවශ්‍යත හැකි උපරිමයෙන්, පොදු පහසුකම් ලෙස අත්‍යාවශ්‍ය සේවා ස්ථාපිත කිරීමය, ගොඩනැගීමය… ක්‍රියාත්මක කිරීමය…
අතීතයේද නොදියුණු සමාජය තුළ හා ශිෂ්ටාචාර තුළ පාවා ගින්නට අද්විතීය ස්ථානයක් හිමි විය. එය දේවත්වයෙන් පවා පුදනු ලැබුවේ, එහි අත්‍යාවශ්‍යතාවයේ උපරිම බව හා ගින්න හට ගැනීමේ ගුප්ත බව, මිනිසා තුල ඇති කරමු. භ්යන්කර කම නිසාමය.
ගින්දර සොයාගැනීම හේතුවෙන් ක්‍රමයෙන් ශිශ්ටාචාරවාසීන් දියුණුවට පත් වෙමින් අද පවතින දියුණු තාක්ෂණය දක්වා පැමින ඇත. මේ දියුණු තාක්ෂණය තුළදී ගින්න අද්විතීය තැනක් අරගෙන නොවේද…? එහෙත් එහි අවසාන ප්‍රතිඵලය “නිවෙන ගින්නක්” නොවන බැවිනි.
මේ ගින්න ස්වාභාවික පරිසරයට හානි කරමින් භෞතික දෑ විනාශකර දානවා පමණක් නොව… ක්‍රමක් ක්‍රමයෙන් එය මිනිස් හදවත කරාද සන්ක්‍රමනය විය ඇති ආකාරය අවබෝධ කර ගැනීමට දියුණු යැයි කියාගන්නා මිනිසාට පවා නොහැකි වී ඇති අයුරු… කෙසේ නම් පවසම් ද…?
“අනේ මේ ගින්න මම දරා ගන්නේ කොහොමද” යැයි විලාප දෙන අයෙක් ඔබ දැක නැතුවාද…? ඒ ගින්න නිවීමට ඔබ සහාය පතනුයේ ගිනි නිවන හමුදා ඒකකයෙන්ද…? නැත… ඒ ගින්න නිවීමට සමත් කිසිම ජගතෙක් ඒ ගිනි නිවන හමුදාව තුළ නම් නොමැත්තේ කෙසේද… එය දවාලූයේඉ කුමන වස්තුවක්…
එයත් මේ විශ්වය තුළ පවත්නා වූ නොනිමෙන ගින්නක්…, මිනිස් හදවත් තුළ බුර බුරා ඇතිවන මෝහ ගින්නක්…. මේ මෝහ ගින්න හේතුවෙන් හට ගන්න දාහයෙන් මුලු විශ්වයම දවා හලු වී යනු ඇත… මේ ගින්න දවාලිය හැකි හමුදාවක් මේ විශ්වය තුළ කල්පයෙන් කල්පයට පහලවන බව අප අමතක කර දමා ඇතුවා නොවේද…
තමා තුළ හටගත් ගින්න නිවා දමන්නේඉ කෙසේද…? “ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකී” ඒ උතුම් බුදු වදනයි. මුළු විශ්වයේම හදවත් තුළ බුර බුරා නගින්නා වූ ලැවුගිනි නිවා දමනා… ඒ විමුක්තිදායකයානෝ … අන් කවරෙක්වත් නොව අප මහා කාරුණිකයාණන් වහන්සේ වූ බුදුන්වහන්සේමය…
ධර්මයෙහි නොහැසිරෙන පුද්ගලයාගේ හදවත නිරන්තරයෙන්ම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් ගිනි ගනී මිනිසා තුල හට ගන්නා මෙවැනි අයහපත් සිතුවිලි සඳහා හේතු වන්නේ බය හා තන්හාවයි. මේ හේතුවෙන් තම හදවතටත් දරාගත නොහැකි වූ කාමය, රාගය, ද්වේශය, මෝහයෙන් පුරවා ගනිමින් “අනේ මට මේ ගින්න දරා ගත නොහැකි” විලාප තබයි.
හේතුව ඔබ මෙවැනි ගින්නකට හේතු වන්නා වූ සිතුවිලි හදවත තුළ පුරවා ගන්නේ එහි විපාකය නොදැනය… එහි කිසිඳු භයන්කාර බවක් ඔබ පිටතින් නොදකී… එබැවින් සිමාව ඉක්මවා අයහපත් සිතුවිලි ඝට්ටනය කිරීම වේගවත් කරයි. එහෙත් … මේවා හදවතටද… දරා ගැනීමේ සීමාවක් ඇත. ඉන් එහා ගිය තැන හදවතත් මොලයත් සමග එක් වී අනතුරු අඟවයි. ඒ ඔබ පාලනය කිරීමය… එයද නොතකා යන ඇත්තූද නැතුවා නොවේ… ඔවුන්ගේ ජීවිත අපායට මිස කොයිබට දැයි නොදැනේ…
මිනිස් හදවත් තුල අවුලුවා ගන්නා මේ අග්නි දාහයෙන් තමා පමනක් නොව මුළු විශ්වයම දවා අලු කර දමයි… එහෙත්… ඔබ මදක් සිහියෙන් සිතන්න… ඔබේ පියවි ඇසට පෙනෙන ගිනි ගොඩක් මත ඔබ පා නොතබනු ඒකාන්තය… එහෙත් අළු යට සැඟවුනු ගිනි පුපුරු මත නොදැන ඔබ පය තබා දැවෙන කල වහා ඉවත්වෙනු ඇත. එසේම හැකි සැම උත්සහයක්ම දරනුයේ ඒ අඟුරු මතට සිසිල් දිය පහරක් එලා එය නිමා දැමීමය…අඇයි…? ඒ… ඔබ පමණක් නොව අන් අයටද එයින් වන පීඩාව නිමා කිරීමටය…
මෙය ඔබ සාමාන්‍ය ජීවිතය තුළ සිදු කරන න්‍යායක්… එහෙත් එය ඔබගේ සිතට ප්‍රායෝගික කර ගැනීම තුළ ඔබ තවමත් ගින්නේ නොවේ ද…?
“ගිනි සිසිල” නටන්නේද මිනිසාමය… දිය යටින් ගින්දර ගෙනයා හැක්කේද මිනිසාටමය…, ගින්දර උපදව ගත්තේද මිනිසාමය. එසේ නම් එය නිවා දැමිය හැක්කේ ඔහුටම නොවේද…
සූර්යා ලෝකයද දැඩි දාහයක් මුදාලයි ඉන් වන හානිය අවම කර ලීමට චන්ද්‍රයාගේ සිසිලස මුදා හරිමින් පවතී. මේ සූර්යා හා චන්ද්‍රාලෝකයෙන් අප ආලෝකය දකිමින් සිටිමු. එසේම ගින්නේද එය පවතින තැන ආලෝකය දකිමින් සිටිමු. එසේම ගින්නේද එය පවතින තැන ආලෝකය ලබා දෙන මුත් දැවෙන සියල්ල විනාශකර දමයි…
එහෙත් මේ හදවත් තුළ ඇතිවන අයහපත් සිතුවිලි ඝට්ටනයෙන් ඇතිවන ගින්න විශ්වය දමා හලු කරනවා පමණක් නොව එය, විශ්වය දකින්නට හැකි ප්‍රඥ්ඥාවේ ආලෝකයක් බවට පත් කර හැකි නම්…
එය කල හැක්කේ මිනිසාටම පමණි… එහෙත් ඉන් පලා ගොස් පීඩා විඳින්නේත් මිනිසාමය…
ඒ තමා තුල හට ගන්නා අග්නි දාහය නොදකින බැවිනි. එහෙත් මේ ගින්න නිවැරදි ලෙසින්ම දුටුවහෝ කවුරහුද…? උතුම් බුදුන් වහන්සේලාමය, උත්තම බෝසත්වරුන්මය… ආර්ය මග ගත් උත්තමයන්මය…
මේ අග්නි දාහය සිසිල් කර දමනා උතුම් අමා වැසි ලොවට වස්සන ඒ උත්තමයන්, පෙන්වූ මග තුළ සිත දමනය කළේ නම් කවරකු හෝ, හෙතෙම නිවුනා නොවේද…
සිසිල්ල් නිවනට මග වූ ප්‍රඥාවේ ආලෝකයෙන් විශ්වය දකින්නට හැකි නම් ඔබට ඔබ දවනා අග්නි දාහයෙන් සදහටම ඔබ මිදුනා වැනිමය…
ස්වර්ණමාලි