මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අභිණහං පච්චවෙක්චි තබ්බං ඉත්ථියා වා පුරිසේන වා ග හට්ඨෙන වා පබ්බජිතේන වා
සන්සුන් ලෙස, සැහැල්ලු ලෙස තැන්පත්ව මනා සිහියෙන් නුවණින් විමසා බැලිය යුතු යම් ධර්මයක් වෙයිද? ඉන් එකකි මරණය.
ඉදින්… අපි හැමෝම සිතන්නේ මරණයට හොරා ජීවත් වීමටයි. නමුත්… මරණය ගැන කතා කිරීමේදී පවා ඇතැම්හු බිය උපදවා ගනිති. එසේත් නැත්නම්… මෙසේ කියති… “මොනවද? මේ කියන අවකැපෙන කතා”
සිතන්න ටිකක්… මරණය සමග අපට හැංගිමුත්තන් කළ හැකිද? මරණය හැම කෙනෙකුගේම සුසුම් අග රැදී ඇති දෙයක් බව, තණකොළයක අග එල්ලී තිබෙන පිණි බිංදුවක් වගේ බව… අමතක කරන්නට අපට හැකිද? හැමෝටම උරුම මරණය කොයි මොහොතක හෝ අප හැමෝම වැළද ගත යුතු මරණය ගැන නිතර නිතර අවබෝධයෙන්, නුවණින් මෙනෙහි කරන්නේ නම් කොයි තරම් අගේද? පණ නල සිදෙන්නට මොහොතකට කලින්වත් තම දේපල, මිල මුදල් බහිරවයෙක් ලෙස හිත තුළ ලෝභයෙන් රැක ගන්නා… මරණයෙන් මතු බහිරවයෙක්ම නොවේවිද? මරණින් මතු ඔහුට සුගතියක් ලැබේවිද? නැහැ නේද?
ලෞකික වස්තූන් අරඹයා ඇති කරගන්නා තෘෂ්ණාව නිසා පුද්ගලයා “දුකට” හෙලන්නේය. තමා නොමැරෙණ බව සිතන පුද්ගලයා තමා ආශා කරන දේ කෙසේ හෝ තමන් සන්තක කර ගැනීමට ක්ෂණයක් පාසා තමන් තුළම මැරෙද්දී තමන් තුළ ඇති කුසලයද බිද අකුසල්හි ගැලෙන බව නොදැනේ. නමුත් මරණය අවබෝධයෙන් සිතන පුද්ගලයාට කිසිදු කරුණක් ගැන බියක්, තැති ගැනීමක් නැත්තේමය. “මම ඒකාන්ත වශයෙන්ම මරණයට පත් වන බැවින් මට අයිති යැයි සිතන බාහිර වස්තූන්ද නැසී විනාශ වී යන බැවින්ද කෙදින හෝ මාගේ මේ කයත් අන් සියල්ලත් හැර දමන්නට සිදුවනවා. ඒක සත්‍යක්. ඒ සත්‍යයට මා මුහුණ දෙමි” යන්න සිහියෙන් සිතන්නට තරම් සිත දමනය කරගන්නට ඔබට හැකිනම්…
යමෙක් දුකට පත්වන හේතු අතර ඇලීම් හා ගැටීම් වෙයි. ඉතින් දුකින් තොරව සතුටින් ඉන්නට නම් දුක නැති කරවන ඒ ඇලීම්, ගැටීම් සිත තුළ රැදෙන්නට ඉඩ නොතිබිය යුතු නොවේද?
ජීවත් වන අපගේ වර්තමානය ඉතා සුළු මොහොතක් බව අවබෝධ කර ගැනීමට හැකියාව ඇත්තේ ඉතා සුළු දෙනෙකුට පමණි. “ඇසුරු සැනක්” තුළ අප දාහත්(17) වතාවක් ඉපදී, පැවතී, මිය යයි. එහි චිත්තක්ෂණ 51කි.
සංඛාරා බණ භංගුරා
සියලු සංස්කාරයෝ එනම් හේතූන් නිසා හටගත් සියලු ධර්මයෝ වහා නැසෙන්නේය.
ජීවත් වන අපගේ, ඉකුත්ව ගිය කාලය කොයි තරම් වැඩිද? කල්ප ගාණක්… නමුත් ජීවත්වන කාලය කොයි තරම් කුඩාද? නමුත් හිතන්න….
රෝදයක් පෙරලෙන විට බිමට හිටින ප්‍රමාණය ඉතා කුඩයි නේද? කොයි තරම් වෙලාවක් පෙරලෙයිද? රවුම් කීයක් කියාවිද? කවුද දන්නේ නමුත් අපි දන්නවා පෙරලී අවසන් වූ ප්‍රමාණය ඉතා වැඩියි. බිමට හිටි ප්‍රමාණය ටිකයි… ඉතින් අපි කුමක් කරමුද?
ඇලීම්, ගැටීම් තුළින් ඉවත් වන්න. මරණය සිහියෙන් සිතන්න. මැරෙණ මොහොතේ ඔබට අපාය නොපෙනේවි. මහ විලාප දී අඩන්නට නොසිතේවි. උපේක්ෂා සමුර්තිය අඩුම තරමේ ඔබව දෙව්ලොවක් වෙතවත් ගෙනයාවි.