අප ගන්නා ආහාර ශරීරයට උරා ගන්නේ ඒවා ජීර්ණය කරගත හැකි මාධ්‍යයක් බවට පරිවර්තනය වීමෙන් පසුවය. එසේ නොවී බත බත් ලෙසද ,එළුමස් එළුමස් ලෙසද, ඇපල් ඇපල් ලෙසද ආදී වශයෙන් උරා ගැනීමක් සිද් නොවේ.
මෙහිදී අප ගන්නා ආහාර ජීර්ණක යුෂ සමග මිශ්‍ර වී කුඩා අංශු බවට බිද හෙළීමක් සිදුවේ. ප්‍රෝටීන් මෙහිදී ඇමයිනෝ අම්ලය බවට පත් වේ. මේදය- මේද අම්ල බවට පත් වේ. ග්ලිසරෝල් හා කාබෝහයිඩ්‍රේට සරළ සීනී බවට පත් වේ.විටමින් හා ඛණිජ ලවණ නැවත බිද හෙළීමක් සිදු නොවී ඒ ආකාරයෙන්ම ශරීරයට උරා ගනී. අක්මාවේ නිපදවන පිත් යුෂ වල ක්‍රියාකාරීත්වය හේතු කොට ගෙන මේදය කුඩා අන්ත්‍ර වලට උරා ගනී. අග්න්‍යාශයික යුෂ වලින් ජීර්ණය කරන්නේ කාබෝහයිඩ්‍රේට යි. එසේම ප්‍රෝටීන හා මේදය ජීර්ණක ක්‍රියාවලියටද එය සහභාගී වෙයි. ආහාර කැබලි බිද හෙළීමෙන් නිපදවන ශේෂක ද්‍රව්‍ය රුධිර දහරට එකතු වන්නේ අන්ත්‍ර බිත්ති ඔස්සේය. ජීර්ණක පද්ධතිය හරහා ගමන් කරද්දී තවත් කොටසක් ජීර්ණය නොවී ඉතුරු වෙයි. ඒ ඉතිරිය බහිස්‍රාවීය ද්‍රව්‍ය ලෙස ද්‍රව්‍ය ලෙස ගුද මාර්ගය ඔස්සේ බැහැර කෙරෙයි.
මුඛය:- ආහාර ජීර්ණය ක්‍රියාවලියේ ප්‍රථම පියවර බලගැන්වෙන්නේ මුඛයෙනි. දත්, දිව හා හකු උපයෝගී කර ගනිමින් සිදුවන හැපීමේ ක්‍රියාවලිය මගින් ආහාර භෞතිකව බිද හෙළීමක් සිදු කෙරේ. එහිදී ඛේටය උපකාරක සේවාවක නිරත වෙයි.
අපිජිහ්විකාව:- ආහාර ගිලින විට ශ්වසනාලිකව ස්වයංක්‍රීයව වැසෙයි.ඒ අපිජිහ්විකාව පත්‍රයක ක්‍රියාකාරීත්වය බලගැන්වෙමිනි.
අන්තඝ්‍රෝතය:- උගුරේ ඇති මාංශමය නාලයකි. පිඩු පිඩු වශයෙන් රිද්මයානුකූලව ආහාර ආමාශය වෙත ගෙන යයි. එම ක්‍රියාවලිය සිදුවන රිද්මයානුකූල ක්‍රියාවලිය ක්‍රමාකුංචනය නම් වේ.
ආමාශය:- මෙහි ආහාර පැය පහක් පමණ පවතී. ආමාශික යුෂ හා මිශ්‍ර වී පල්පයක් සෑදෙයි. ආහාරවල තිබෙන බැක්ටීරියා ආම්ලික ආමාශ යුෂ වලින් විනාශ කෙරෙයි. එසේම වෑහෙන එන්සයිම උපයෝගී කරගෙන ප්‍රෝටීන කොටස් ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය වෙයි. මෙයින් ඉදිරියට යන ආහාර පිඩු Chyme ලෙස හැදින්වේ. ඒවා අන්ත්‍රවලට යන ගමනට සැරසෙයි.
පිත්තාශය:- අක්මාවේ නිපදවෙන පිත් යුෂය මෙහි ගබඩා වේ. ආහාර අණු බිද හෙළනු පිණිස අන්ත්‍ර වලට පිත් යුෂ මුදා හරියි.
අග්න්‍යාශය:- ජීර්ණක යුෂ අන්ත්‍රවලට මුදා හැරෙයි.
ඛේඨ ග්‍රන්ථි:- ඛේඨ ග්‍රන්ථි යුගල තුනක් මුඛය තුළ පවතී. ඒවායින් වෑහෙන ඛේඨය තුළ ඇති ඇමයිලේස් නම් එන්සයිම මගින් ආහාර තෙත් කරන අතර තවදුරටත් බිද හෙළීමක් සිදුකරයි.
අක්මාව:- ශරීරාභ්‍යන්තරයේ ඇති විශාලතම අවයවයි. සෑම දිනකම පාහේ ලීටර 2ක් පමණ ජීර්ණක යුෂ හා පිත නිපදවයි. A1, D1, E1 හා K යන විටමින සංචිත කර ගැනීම අක්මාවේ තවත් කාර්‍යයකි.
කුඩා අන්ත්‍රය:- ග්‍රහණිය, ශූන්‍යාන්ත්‍රය, ලුටනිය යන කොටස් තුනෙන් සමන්විත දිගු නාලයකි. මෙහිදී ආහාර ජීර්ණක යුෂ හා පෝෂක සමග තවදුරටත් මිශ්‍ර වීමත් සිදුවෙයි. බොහෝ විටමින හා ඛණිජලවණ රුධිරයට එක්වන ඉන්ද්‍රියයි.
මහාන්ත්‍රය:- කුඩා අන්ත්‍ර වලින් පසු ආහාර ප්‍රවිෂ්ඨ වන ස්ථානය බැක්ටීරියා ගහනයක් වෙසෙයි. ඒවා මගින් මුදාහරින පෝෂක හා ජලය අවශෝෂණය වෙයි.
ගුදය:- අපානයෙන් මළ කොටස් පිට කිරීමට පෙර එක් රැස් වන ස්ථානය.
අපානය:- ගුද මාර්ගයේ බාහිරට විවෘත කොටස
ජීර්ණක පද්ධතිය:- මුඛයෙන් ඇරඹී ගලනාලය ආමාශය හා අන්ත්‍ර ඔස්සේ ගුදය දක්වා දිවෙන පේශිමය නාලයකි. එක් එක් තැනෙහි ජීර්ණක අවශ්‍යතාවය පෙරදැරිව වෙනස් වේ. අක්මාව, අග්න්‍යාශය හා පිත්තාශය වැනි පර්යාය අවයව ජීර්ණක ක්‍රියාවලියට ආධාරක සේවාවන් ඉටුකරයි.
අප කන බොන සෑම දෙයක්ම අපගේ පෝෂන තත්වය කෙරෙහි බලපවත්වන බව කිව යුතුය. කිසිදු එක් ආහාරයක් අපට අවශ්‍ය සියලු පෝෂක සංඝටක සපුරාදීමක් සිදි නොවේ. මේ නිසා ආහාර අනුභවයේදී විවිධාංගීකරණයක් සිදුවීම් අවශ්‍ය වේ.
ඇතැම් ආහාර වලට තවත් ආහාර සංයෝග වීමෙන් පෝෂණ තත්වය (Nutrient Quality) ප්‍රවර්ධනය වීමක් සිදුවේ. නිදසුනක් ලෙස විටමින් සාර ආහාරයක් ඇති තැන යකඩ අඩංගු ආහාරයක්ද ලබාගථොත එම යකඩ ඉතා හොදින් සිරුරට අවශෝෂණය වෙයි.
සෑම ආහාරයක්ම පාහේ ජලය විවිධ ප්‍රමාණයන්ගෙන් අන්තර්ගත වේ. ඇතැම් එළවළු හා පළතුරුවල විශාල වශයෙන් ජලයද අඩංගුය. ඒවා සිරුරේ ජල අවශ්‍යතා විශාල වශයෙන් කරන නිසා එළවළු පළතුරු අනුභවයෙන් ඇතිවන්නේ විශාල වාසියකි.
වෛද්‍ය සමන් කංකානම්ගේ