ප්‍රේමය වනාහි පුද්ගල සිත තුළ පවතින්නා වූ අව්‍යාජ බවින් ව්‍යාජ බව කරා ගමන් ගන්නා හැගීමකි. ප්‍රේමයේ අවසානය වේදනාවකින් කෙළවර වීම සියලු සත්ව සමූහයේම නියත ගති ලක්ෂණයකි. රාගයෙන් තොරව, ලෝභයෙන් තොරව, ද්වේශයෙන් තොරව, මෝහයෙන් තොරව ඉපදෙන ප්‍රේමයක් නොමැත්තේමය. දඩයම් බල්ලෙකු හෝ වන මෘගයෙකු තම දඩයම දෙස තීක්ෂණව බලා සිටින්නා පරිද්දෙන් ප්‍රේමය තුළ රාගය මතු විය හැකිය. ප්‍රේමය තුළ ලෝභය ඇති විය හැකිය. ද්වේශයද, මෝහයද ඇති විය හැකිය. ඇතැම් විට මෙහි එකක් දෙකක් නොව සියල්ලම මේ තුළ ගැබ් විය හැකිය. මිතුරෙකුන් ලෙසින් පැමිණෙන ප්‍රේමය, ආදරයේ උල්පත තුළින්ම මතු වී මෛත්‍රිය ලෙස පෙනී සිටින්නේ හදවත් කෝටි ගණනක් උණු විය හැකි අයුරින්ම වුවත් ප්‍රේමයේ වෛරය, ආදරයේ වෛරය, හදවත් කෝටි ගණනක් මිනිස් ලොව තුළ අද වන විට විනාශ කරමින් සිටින්නේ මිනිස් සිතටද වෙනස සොයා දැනගත නොහැකි ලෙසින්මය.
දෙමාපියන් දරුවන්ට ප්‍රේම කරති. අඹු සැමියන් ඔවුනොවුන්ට ප්‍රේම කරති, ආදරවන්තයින් වන්තියන් ඔවුනොවුන්ට ප්‍රේම කරති. ඒ මානුශීය අවශ්‍යතාවයකි. කීමට ඇත්තේ ඒ මෛත්‍රිය නොවන බවමය. මිතුරු වෙසින් පැමිණෙන ආදරය, සෙනෙහස, ප්‍රේමය, ආලය නමින් පෙනී සිටින මෛත්‍රී සිත විනාශ කරන මෛත්‍රියේ ප්‍රති විරුද්ධාර්ථය වන වෛරයයි. එසේත් නැත්නම් ක්‍රෝධය අවුස්සන රුදු සිතකි. නමුත් සතුරු ලෙසින් පැමිණියත් ලොවක් තනන්නේද? සිතක් තනන්නේද මේ ප්‍රේමයම වේ. ආදරයම වේ.සසර බැද තැබීමේ ගුණාංග ඇති කරන්නේද මේ ආදරයයි ප්‍රේමයයිම වේ. ප්‍රේමයෙන් තොර වී ලොවක් පැවතිය නොහැක. මොනිස් ප්‍රජාවක් පැවතිය නොහැක. එහෙත් මා සදහන් කරන්නේ මෛත්‍රියේ සමානාර්ථය ප්‍රේමය වත් ආදරය වත් ආලයවත් නොවන බවය. මෛත්‍රිය වනාහි නිරාමිස සැපය පිණිස හේතු වන්නකි. මෛත්‍රිය තුළින් පොදු විශ්ව ධර්මතාවයක් ප්‍රකාශ කරයි. විශ්වයේ පොදු ශක්තියකට ආකර්ශනය වේ. ස්වභාවධර්මයේ නිර්මාණයට මෛත්‍රිය හේතු නොවේ. විශ්වයේ සමානාර්ථයටම විශ්වයේ ඒකාත්මිකබාවයටම මෛත්‍රිය ඉවහල් වේ. ආදරය විසින් ප්‍රේමය විසින් ස්වභාවදහමක් නිර්මාණය කරයි. යමක් ඇතිවන්නේ ඒ ඇති වන ධර්මය පවතින්නේද ඒ පවතින දේ නැති වන්නේමය. එබැවින් මේ ත්‍රිලක්ෂණයට හසුවන දේ අනිත්‍යමය. දුක පිණිස හේතු වන්නේය. එබැවින් නැවතද මා ඔබට කියමි. ප්‍රේමය නමින්, ආදරය නමින් වෙස් වලා ගෙන පැමිණෙන්නේ මෛත්‍රිය නොවේ. නිරාමිස මෛත්‍රිය තුළ ඇතිවන්නට හේතු කාරණා නොවන්නේය. එය නිවණ පිණිස හේතු වන පුද්ගල සිතේ ඇති වන සුභ සාධක ධර්මතාවයකි. සසර පුරා තමන් විසින් ක්‍රෝධයෙන්, වෛරයෙන් මුසපත් වෙමින් මෝහයේ ගිනිදැල් සිත තුළ අවුලුවා ගත්තේ නම් සසරින් මිදීමට ඒ ගින්න නිවා ගැනීමට ආදරයේ කුළුණු ගුණයෙන් හැකි වෙයිද? තාවකාලිකව ආදරයෙන්, ආලයෙන් සිත තුළ පැසවන ගින්නක් යටපත් කළත්, අළු යට ඇති වන ගිනි පුළිගු මෙන් දිනක නැවත් මතු වී තිබුනටත් වඩා මහා ගින්නක් අවුලුවාලන්නේමය. ඒ වාගේම මිතුරු ලෙසින් පැමිණුනු ආදරයේ ආලයේ සතුරා සසර පුරා කොයි තරම් නම් ප්‍රමාණයක රාගයේ ගිනිදැල් ලෝභයේ, ද්වේශයේ රශ්මිය පිට කරන්නට ඇත්ද? මේ සියල්ල නිවා ගන්නට නම්… මෛත්‍රිය යැයි සිතා නැවතත් ආදරයයි ප්‍රේමයයි පටලවා ගත හොත් ඔබ, නිවන කෙසේ වෙතත් සතර අපාය නම් දකිනවාමය.